4 අදේවවාදය සහ එහි බලපෑම්

4 අදේවවාදය සහ එහි බලපෑම්

4 අදේවවාදය සහ එහි බලපෑම්:

මැවුම්කරු සංකල්පය ප‍්‍රතික්ෂේප කීරීම අදේවවාදය යි. එය මිනිස් චින්තනය තුළ සහ බුද්ධියේ ඇතිවන්නා වූ එක්තරා රෝගයකි. එය මතකයේ ඇතිවන දුර්වලතාවයක් මෙන් ම හදවතේ ඇතිවන අන්ධකාරයක් ලෙස හැඳින්විය හැකිය. ආදේවාදය කෙනෙකුගේ දෘෂ්ටිය දුර්වල කරන අතර හදවත අන්ධ කරන්නේය. ආර්ථිකමය සිහිනයන් සහ හැඟීම් ඔහුගේ දිවිය හැටියට පත්වන්නේය.

විටෙක මිනිසුන්ට ආර්ථිකමය වශයෙන් චින්තනාත්මක භෞතික පාසැල් නිර්මාණය කරන ලදී. මෙමගින් ඔවුන්ගේ ප‍්‍රතිපත්තීන් නන්දෙස ව්‍යාප්ත කිරීම මොන්ගේ අරමුණ විය. මොවුන් නොමඟ ගිය අධමයින් වන අතර අවාසනාවන්තයින් ය. ස්වභාවික ආර්ථිකයෙහි මිනිසුන් කිඳාබැසිය යුතු යන්න මොවුන්ගේ ප‍්‍රතිපත්තිය යි.

මෙම කරුණු කාරණා මිනිසා ව මිනිස් ස්වභාවයෙන් නෙරපා මනුෂ්‍යත්වයට අහිතකර බලපෑම්, අතුරු ආබාධ සහ හානි පමුණුවන්නේය. දේව පැවැත්ම මිත්‍යාවක් යන්නෙන් විශ්වාස කරන අදේවවාදියා දෙවිඳාණන් පිළිබඳ කිසිදු බියභීතභාවයකින් හෝ තැකීමකින් තොරව නොමනා ක‍්‍රියවන් කිරීමට පසුබට නො වන්නේය. එම ක‍්‍රියාවන් සියල්ලක් ම මිනිසාගේ ස්වභාවය පරිහානියට පත් කරන අතර මිනිස් සංහතිය මහපොළොවෙන් අතුගා දැමීමට හේතුවක් වන්නේය. ඔවුන් තම මැවීම්කරුවානන්ට නමස්කාර නොකර උන්වහන්සේගේ නිර්මාණයන් උත්කෘෂ්ට කර උන්වහන්සේට ආදේශ තැබීමෙන් මිනිස් සංහතිය මහපොළොවෙන් ශුන්‍ය කිරීමට මුලපුරන්නෝය. මෙනිසාවෙනි අදේවවාදීන්ගේ ජීවිතයන් තුළ දිවිනසාගැනීම් බහුල වනුයේ. චින්තනවාදීන්ගේ, කවීන්ගේ සහ විද්වතුන්ගේ දිවිනසාගැනීමේ අනුපාතය දිනෙන් දින ඉහළ යයි. මෙවැනි දිවිනසාගැනීම් ඉතිහාසය පුරාවට ම අපට දැකගත හැකිය. ලෝක සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මඟින් ද මෙම සත්‍යතාවය තහවුරු කර තිබේ. වෛද්‍යචාර්යය වරුන් දෙදනා වන ‘‘ජොස් මැනුවෙල් ’’ සහ ‘‘ඇලැක්සැන්ඩර් පීස්මෝන් ’’ වැනි පර්යේෂකවරුන්ගේ පර්යේෂණයන් මඟින් සනාථ වූයේ දිවිනසාගැනීම් ආගම දහම හා සම්බන්ධ බවය. දිවිනසාගැනීමට අධිකව යොමු වන්නේ අදේවවාදීන් බවට සනාථ වී තිබේ. ඊට අදාළ දත්ත සටහනක් පහත පෙන්වා දී ඇත්තෙමු.

දහමට අනුව දිවිනසා ගැනීමේ අනුපාතය (100.000)

අල්ලාහ් දෙවි`දාණන් හැර අන් දෙවිකෙනෙක් නොමැත යන්නෙන් විශ්වාස තැබීමෙන් මිනිසාගේ නිලතලයන් සහ තත්ත්වයන් ශ්‍රේෂ්ඨ වන්නේය. එම විශ්වාසය ඔහුට වාසනාව ද ගෙන දෙන්නේ ය.

ඉමාම් ෂාෆි තුමාණන්



Tags: