ඔහු පිළිබඳ විශ්වාසය වියැකී යන විට

ඔහු පිළිබඳ විශ්වාසය වියැකී යන විට
ඔහු පිළිබඳ විශ්වාසය වියැකී යන විට
දෙවිඳාණන් අල්ලාහ් පිළිබඳ වූ විශ්වාසය මිනිසා ව ඔහුගේ බහු දේවවාදී සංකල්පයන්ගෙන් මුදවා නැමදීමට සුදුස්සා අල්ලාහ් දෙවිඳාණෝ පමණකි යන ප‍්‍රතිපත්තියට තල්ලූ කර දමන්නේය.
අප ජීවත් වන විට දුෂ්කරතාවලට සහ කරදරවලට මුහුණ පෑමට ප‍්‍රධාන හේතුව වන්නේ දේව විශ්වාසය අප දිවියෙන් වියැකී යෑමය. විවිධ දුෂ්කරතාවලින් සපිරුණු මෙම දිවියෙන් නිදහස් වීමට සමහර දියුණු රටවල ජනතාවගේ විකල්පය වූයේ දිවිනසා ගැනීමෙන් තම දිවියට සමු දීම තරම් මෙම දිවිය ක‍්‍රෑර ලෙස සැලකීමය. ඉස්ලාමයෙන් අප හට සැනසුම ලබා දුන් දෙවිඳාණන් අල්ලාහ්ට ම සියලූ ප‍්‍රශංසා!
මෙලොවෙන් සමු ගැනීමට නව ක‍්‍රමයක්...
“සානුකම්පිත ඝාතනයෙහි” කැඳවුම්කරු මෙන් ම උපදේශකවරයා වන ඔස්ටේ‍්‍රලියානු ජාතික “පිලිප් නීට්ෂේක්” සඳහන් කරන ආකාරයට “මරණයේ දොරටුව නොහොත් දිවිනසා ගැනීමේ උපාංග කට්ටල කැනඩාවේ සිට ආනයනය කරනු ලබන අතර දිවිනසා ගැනීමේ උපාංග සහිත මෙම මඤ්ජුසාව (උපකරණය) කැනඩාව තුළ සැලකිය යුතු ප‍්‍රමාණයක් අලෙවි කර ගෙන ඇති බවය. ”
මෙම උපාංග කට්ටලයේ මිල ඇමරිකානු ඩොලර් 30 ක් වන අතර හුස්ම සිර කර ආත්මය අහිමි කරන ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සුවිශේෂි මල්ලකින් ද එය සමන්විතය.
මෙම උපාංගය පැළඳගත් විට යම් දුරකට අඳුරු බවින් පෙනෙන අතර ජීවිතය අහිමි කිරීමට මෙම උපාංගය ඵලදායී වේ යන ප‍්‍රකාශය “පිලිප් නීට්ෂේක්” ඔස්ටේ‍්‍රලියානු ඒ.බි.සී ගුවන් විදුලි නාලිකාව හරහා පවසා තිබේ.
මෙම ක‍්‍රියාව බොහෝ සෙයින් ව්‍යාප්ත වී ඇති බව ද, මෙම උපාංග කට්ටලය පිළිබඳ විස්තර සහ ඒ හා අදාළ කරුණු දිනපතා බොහෝ මිනිසුන් සමග තමන් සවිස්තර ව කතා කරන බව ද පිලිප් නීට්ෂේක් පවසා තිබේ.
අනෙක් අතට, ස්නායු පද්ධතියේ රෝගාබාධයකට පාත‍්‍ර වූ බි‍්‍රතාන්‍යයේ කාන්තාවක් වන දයාන් බි‍්‍රති “සානුකම්පිත ඝාතනය මගින් ජීවිතය අවසන් කර ගැනීම සඳහා ඇගේ සැමියා තමාට අවසර ලබා දිය යුතු යැ”යි ලන්ඩනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කළාය. ලන්ඩනයේ ගුවන් විදුලි නාලිකාව නිවේදනය කළේ “දයාන් බි‍්‍රති අවුරුදු 2කට පෙර දී එනම් ඇගේ හතලිස් දෙහැවිරි වියේ දී මෙම රෝගයට භාජනය වූ වග” ය.
ඇගේ ජීවිතය නසා ගැනීම සඳහා ස්වාමියා ඇයට අවසර ලබා නොදිය යුතු යැයි අධිකරණය විසින් නියෝග කරන ලද අතර, පසු ව ඇය විසින් එම නියෝගය පිළිගන්නා ලදී.
මේ ගැන අල්ලාහ් දෙවිඳාණෝ මෙසේ පවසති;
{කවරෙකු මාගේ අනුසස් ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඔහුගේ ජීවිතය නියතවශයෙන් ම දුක්කම්කටොලූවලින් සපිරෙනු ඇත.} [උතුම් කුරානයේ 20 : 124 වැකියේ අදහස]


Tags: