දේව දූතයින් කෙරෙහි සහ ඔවුන් විශ්වාස කළ උදවිය පිළිගැනීම

දේව දූතයින් කෙරෙහි සහ ඔවුන් විශ්වාස කළ උදවිය පිළිගැනීම

දේව දූතයින් කෙරෙහි සහ ඔවුන් විශ්වාස කළ උදවිය පිළිගැනීම

දේව දූතයින් කෙරෙහි සහ ඔවුන් විශ්වාස කළ උදවිය පිළිගැනීම

දෙවිඳාණන් විසින් තම ගැත්තෝ අරමුණක් රහිත ව නොමවන ලද්දෝය. ඔවුන්ගේ ඉච්ඡාවට අනුව ජීවත් වීමට ඉඩ නොදුන් අතර තම දේවදූතයින් ලවා දෙවිඳාණන් පිළිබඳ ද ඔහුගේ සර්ව බල පරාක‍්‍රමය පිළිබඳ සහ උන්වහන්සේ විසින් පිරිනමනු ලැබූ දෑ පිළිබඳ ද මිනිසා දැනුම්වත් කරනු ලැබීය. ඔවුනතුරින් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ දේව දූත තනතුරට පත් කරනු ලැබුවෝය.

මෝසස් (මූසා), ජේසුස් (ඊසා), ආබ‍්‍රහම් (ඉබ්රාහීම්) සහ නෝවා (නූහ්) යන දේවදූතයෝ ඔවුනතුරින් ම දේවදූත මෙහෙවරට පත් කරනු ලැබූහ. දේවදූත පරම්පරාවේ අවසානයා හැටියට මිනිසුන් අතුරින් සදාභිනන්දනීය ශ්‍රෙෂ්ඨ යුග පුරුෂයෙකු වන මානව හිතවාදී දේවදූත මුහම්මද්තුමාණෝ පත් කරන ලදහ. අල්ලාහ් දෙවිඳාණන් විසින් යවනු ලැබූ දේවදූතයින්ගේ සත්‍යතාවය මිනිසාට තහවුරු කිරීම පිණිස එම දේවදූතයින්ට නොයෙකුත් හාස්කම් හෙවත් ප‍්‍රාතිහාර්ය පිරිනමන ලදී. ඔවුහු තමන් ලද දූත මෙහෙවරහි වගකීම නිසි ලෙස ඉටු කළ අතර ජනයාට ඔවුන්ගේ මැවුම්කරු මෙන් ම ඒකීය දෙවිඳාණන් පිළිබඳ දැනුම්වත් කළෝය. එබැවින් කවරෙකු දේවදූතයින් සහ ඔවුන් රැගෙන ආ දෑ පිළිබඳ විශ්වාස නොකරන්නේ ද ඔවුහු  අල්ලාහ් දෙවිඳණන් විශ්වාස කළ ගණයට අයත් නොවෙති. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{සිය පරමාධිපති වෙතින් තමා වෙත එවනු ලැබූ දෑ (මාර්ගෝපදේශය) දේව ¥තයා විශ්වාස කරයි. දේව විශ්වාසිකයෝ ද එය විශ්වාස කරති. ඔවුහු සියල්ලෝ ම දෙවි`දණන් ගැන ද උන්වහන්සේගේ සුර ¥තයින්  ගැන ද උන්වහන්සේ විසින් පහළ කරන ලද තෙස්තමේන්තු ගැන ද ඔහුගේ දේව ¥තයින් ගැන ද විශ්වාස කරති [උතුම් කුරානයේ 2 : 285 වැකියේ කොටසක අදහස]

සැබැවින් ම මොවුහු ම ය දෙවිඳාණන්ගේ පෙදෙසින් පැමිණි දේවදූතයෝ. සියලූ දේව දූතයින්ට එක හා සමාන තත්ත්වයන්  හිමිවන්නේය.{අපි දෙවිඳාණන්ගේ දූතවරුන්ගෙන් කිසි කෙනෙකු අතර භේදයක් නොකරමු}[උතුම් කුරානයේ 2 : 285 වැකියේ කොටසක අදහස]

මිනිස් ජීවිත ආලෝකමත් කිරීම පිණිස දේව ¥තයින් සම`ග තෙස්තමේන්තු පහළ කෙරුණි. දේව ¥ත මෝසස්තුමාණන් (මූසාතුමාණන්) වෙත (තෝරාහ්) තව්රාත් නමැති තෙස්තමේන්තුව ද දේව ¥ත ඩේවිඩ්තුමාණන් (දාවූද්තුමාණන්) වෙත (ගීතාවලිය) සබූර් නමැති තෙස්තමේන්තුව ද දේව ¥ත ජේසුස්තුමාණන් (ඊසාතුමාණන්) වෙත (ශුභාරංචිය) ඉන්ජීල් නමැති තෙස්තමෙන්තුව ද දේව ¥ත මුහම්මදාණන් වෙත කුරානය නමැති තෙස්තමේන්තුව ද පහළ කෙරිණි. දේව ¥ත ආබ‍්‍රහම්තුමාණන් (ඉබ්‍රාහීම්තුමාණන්) ට ද තෙස්සමේන්තු පහළ කරනු ලැබීය. මේ පිළිබ`ද දෙවි`දාණෝ වදාළා:{එහි වදන් ස්ථිරසාර ව විවරණය කරන ලද පසු  ප‍්‍රඥාවන්ත විධානයන්ගෙන් සපුරන ලද ධර්ම ග‍්‍රන්ථයකි. (මෙය) සර්ව ප‍්‍රාඥ සර්වඥ දෙවිඳාණන්ගෙන් ය}[උතුම් කරානයේ 11 : 1 වැකියේ කොටසක අදහස]

පැහැදිලි සාක්ෂිවලින් යුක්ත ආලෝකමත් මාර්ගෝපදේශයක් හැටියට සහ ලොවැසියන්හට ආශිර්වාදයක් හැටියට ද උතුම් කුරානය පත් කරන ලදී. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{මෙම කුරානය ධර්ම ග‍්‍රන්ථයකි. අපි ම මෙය පහළ කළෙමු. (මෙය) ආශිර්වාදයක් ද වේ. එමනිසා එය අනුගමනය කරන්න. ඔබලා දෙවිඳාණන් කෙරෙහි බැතිමත් වනු. (එමගින්) ඔබලාට දයාලූ භාවය ලැබිය හැකි ය.}
[උතුම් කුරානයේ 6 : 155 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{ජනයිනි, පැහැදිලි සාක්ෂියක් ඔබලාට ඔබලාගේ පරමාධිපතිගෙන් සැබැවින් ම පැමිණ ඇත. එමෙන් ම පැහැදිලි ආලෝකය ද අපි ඔබලාට පහළ කර ඇත්තෙමු}[උතුම් කුරානයේ 4 : 174 වැකියේ අදහස]

දේවදූතවරුන්ගෙන් අවසාන දේවදූතයා හැටියට මිනිසුන් අතර සදාභිනන්දනීය ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා වන දේවදූත මුහම්මදාණෝ පත් වූහ. ඔහුගේ දූත මෙහෙවර තුළ හූයක ඇමුණූ මුතු ඇට පෙළක් සේ දිස් වූ පාඨය වූයේ ”නැමදීමට සුදුස්සා අල්ලාහ් දෙවිඳාණන් හැර වෙන දෙවියෙකු නොමැති බව සහ තමා උතුමාණන්ගේ දේව දූතයෙකි” යන්න ය. මෙලොවට ආශිර්වාදයක් හැටියට යවනු ලැබූ දේවදූත මුහම්මදාණෝ ලොවැසියන් අන්ධකාරයෙන් ආලෝකය වෙත ද නූගත්කමින් උගත්කම කරා ද නොමගින් යහ මගට සහ දේව විශ්වාසය කරා  ගමන් කරන මංපෙත් හෙළිපෙහෙළි කර දුන්හ. දෙවිඳාණන් කෙරෙන් ඔහු වෙත පවරනු ලැබූ වගකීම නිසියාකාර අන්දමින් ඉටු කළ එතුමාණෝ තම සමාජය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කළහ. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :  {ඔබලා අතුරින් ම ඔබලා වෙත දේවදූතයෙක් පැමිණ සිටී. ඔබලා අලාභයට පත් වීම ඔහුට බලවත් දුකකි. ඔහු ඔබලාගේ දියුණුව ගැන ඉතා ආශාවෙන් (බලා) සිටියි. ඔහු විශ්වාසවන්තයින්ට කාරුණික වන අතර දයාන්විත ද වන්නේය}[උතුම් කුරානයේ 9 : 128 වැකියේ අදහස]

අල්ලාහ් දෙවිඳාණෝ දේවදූතයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් නිසි ලෙස ප‍්‍රධානය කළහ. එම අයිතීන් යනු මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨයින් යන නාමය සහ නායකත්වයට අවශ්‍ය සුදුසුකම් ඉස්මතු කිරීම ය. «දේවදූත මුහම්මද්තුමාණන් පැවසුවේ ”මම ආදම්ගේ දරුවන්ගේ නායකයා වෙමි. නමුදු මට එම නායකත්වය තුළ කිසිදු නම්බුනාම, නිලතල හෝ ආඩම්බරකමක් අවශ්‍ය නැත.” යනුවෙනි.» (මූලාශ‍්‍රය : ඉබ්නු මාජා)

දේවදූතයින්ට පිරිනමනු ලැබු අයිතීන්

1. දේව විශ්වාසයෙන් අංගයක් නම්, උන්වහන්සේගේ දේවදූතයා විශ්වාස කිරීම ය. මන් ද ඔහුව මොලොවට යවන ලද්දේ විශ්වයට ආශිර්වාදයක් හැටියට ය.{අල්ලාහ් ද ඔහුගේ දූතයාණන් ද අප පහළ කළ ආලෝකය ද විශ්වාස කරන්න}[උතුම් කුරානයේ 64 : 8 වැකියේ අදහස]

දේවදූත මුහම්මද් තුමාණන් පැවසුවේය «මුහම්මද්ගේ ආත්මය කවරෙකු සතු ව තිබේ ද ඔහු (අල්ලාහ් දෙවිඳාණන්) මත දිවුරා කියමි. මෙම සමාජයේ ක‍්‍රිස්තියානිවරයෙකු හෝ යුදෙව් ජාතිකයෙකු මා හට පහළ කරනු ලැබූ මෙම දහම පිළිබඳ ශ‍්‍රවණය කර, එය විශ්වාස නොකළේ නම් ඔවුහු නිරාවාසීන් හැටියට පත්වන්නෝය.” යන්නෙන් දේවදූත මුහම්මදාණෝ ප‍්‍රකාශ කළෝය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

2. දෙවිඳාණන්ගෙන් සිට පැමිණි දෑ සත්‍ය යැයි පිළිගැනීම සහ මෙම පණිවුඩය ලැබුණේ දෙවි`දාණන්ගෙන් බව ස්ථීර කිරීම. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{සත්‍ය විශ්වාසවන්තයෝ කවරෙහු ද යත් ඔවුහු දෙවි`දාණන් ද උන්වහන්සේගේ දූතයා ද විශ්වාස කළ පසු, කිසිදු සැකයකින් තොර ව දෙවි`දාණන්ගේ මාර්ගයෙහි තම ප‍්‍රාණය ද වස්තූන් ද කැප කර යුධ වදින්නාහ. මෙවැන්නෝ තම විශ්වාසයෙහි සත්‍යවන්තයෝ වන්නාහ}[උතුම් කුරානයේ 49 : 15 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{ඔබගේ පරමාධිපතිගේ නාමයෙන් දිවුරමි, ඔවුන් තමන් අතර ඇති වූ ආරවුලට විනිශ්චයකරු වශයෙන් මුහම්මද් ඔබ පත් කර, ඉන් පසු ඔබ තීරණය කළ දෑ ගැන ඔවුන්ගේ සිත්වල කිසිදු කනස්සල්ලක් නොමැති ව, මුළුමණින් ම එයට අවනත වන තුරු ඔවුහු විශ්වාස කරන්නෝ නොවෙති}[උතුම් කුරානයේ 4 : 65 වැකියේ අදහස]

3. දෙවිණන්ගේ ආදරය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ඔබලාගේ පියවරුන් ද ඔබලාගේ පුත‍්‍රයින් ද ඔබලාගේ සහෝදරයින් ද ඔබලාගේ භාර්යාවන් ද ඔබලාගේ නැදෑ හිතවතුන් ද ඔබලා ඉපැයූ ධනය ද පිරිහේවි යැයි ඔබලා බිය වන වෙළඳාම ද ඔබලා ප‍්‍රමෝදයට පත් කරන නිවෙස් ද (යන මේ සියලූ දේවල්) දෙවිඳාණන්ටත් ඔහුගේ දූතයාණන්ටත් ඔහුගේ මාර්ගයේ යුධ වැදීමටත් වඩා ඔබලාට ප‍්‍රිය වන්නේ නම්, අල්ලාහ් දෙවිඳාණන් ඔහුගේ විනිශ්චය (ඔබලා වෙතට) ගෙනෙන තෙක් බලා සිටිනු. දෙවිඳාණන් දුෂ්ට ජනයා යහ මගට යොමු නොකරන්නෝය යැයි  (මුහම්මද්) ඔබ පවසනු}[උතුම් කුරානයේ 9: 24 වැකියේ අදහස]

දේව ¥ත මුහම්මද්තුමාණෝ මෙසේ ප‍්‍රකාශ කළෝය.«ඔබලාගේ පියවරුන්ට දුවාදරුවන්ට සහ අනෙකුත් සියල්ලන්ට ම වඩා මා ඔබලාට ප‍්‍රිය වන තුරු සත්‍ය දේව විශ්වාසවන්තයෙකු හැටියට පත් විය නොහැක».(මූලාශ‍්‍රය : බුහාරි)

4. අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි බැතිමත් වීම සහ දේවදූත මුහම්මද්තුමාණන්ට ගෞරව කිරීම.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{(එය) ඔබලා දෙවිඳාණන් සහ උන්වහන්සේගේ දූතයා කෙරෙහි විශ්වාසය තැබීමටත් (දේව දූතයා වන) ඔහුට උදව් කිරීමටත් ඔහුට ගරු කිරීමටත් ඔබලා උදේ සවස උන්වහන්සේ (අල්ලාහ්) පිවිතුරු කිරීමටත් ය.’’ }[උතුම් කුරානයේ 48 : 09 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{ඔහු විශ්වාස කර, ඔහුට ගෞරව කර, ඔහුට උදව් කර, ඔහු සමඟ පහළ වූ ආලෝකය අනුගමනය කරන්නා වූ ඔවුහු ම ය සැබෑ ජයග‍්‍රාහකයෝ}
[උතුම් කුරානයේ 7 : 157 වැකියේ කොටසක අදහස]

5. මුහම්මද්තුමාණන්ගේ පවුලේ වැසියන් කෙරෙහි ආදරය සෙනෙහස දැක්වීම සහ යහ සබඳකම් පවත්වාගෙන යාම. මන් ද, ඔවුහු ඉස්ලාමය පිළිගැනීමෙන් පමණක් නොනැවතී තම ලෞකික දිවිය තුළ ද එම දහම පිළිපැද්දෝය.  «අල්ලාහ් මාගේ පවුලේ උදවිය පිළිබඳ මතක් කළා ද? අල්ලාහ් මාගේ පවුලේ උදවිය පිළිබඳ මතක් කළා ද? අල්ලාහ් මාගේ පවුලේ උදවිය පිළිබඳ මතක් කළා ද?» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

දේවදූත මුහම්මදාණන්ගේ බිරින්දෑවරුන් සහ ඉස්ලාමය පිළිගත් එතුමාණන්ගේ පවුලේ උදවිය මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයෝ වූහ. සදකා වස්තූන් ඔවුනට තහනම් විය. ඔවුන් පිළිබඳ  ඕපදූප කතා කිරීම, කූටාරෝප නැගීම හෝ බැන වැදීම නොකළ  යුතු ය. ඔවුනට එරෙහි ව ප‍්‍රාර්ථනා කිරීම හෝ දෙවිඳාණන්ගෙන් තොර ව අන් කෙනෙකුගෙන් අයැදීම හෝ නොකළ යුතු ය.

6. දේව ඇරයුම පිළිගෙන දේවදූත මුහම්මද්තුමාණන් සත්‍ය යැයි පිළිගෙන එතුමාණන්ගේ මිත‍්‍රයින් වෙත ආදරය දැක්විය යුතු ය. ඉස්ලාමයට පෙර ඔවුන් තුළ පැවති අයහපත් ක‍්‍රියා කළාපයන් පිළිබද අධ්‍යනය නොකළ යුතු ය.

7. දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තබා දේවදූත මුහම්මදාණන් සත්‍යය යැයි පිළිගත් සහගාමීන්ගේ ඉස්ලාමයට පෙර පැවති අයහපත් ක‍්‍රියාවන් පිළිබඳ අධ්‍යනය නොකළ යුතු ය. මන් ද ඔවුන් උතුම් කුරානයේ දෙවිඳාණන්ගේ පැසසුමට ලක්වූවන් නිසාවෙනි. මේ  පිළිබ`ද දෙවි`දාණෝ වදාළා :{මුහම්මද්තුමාණෝ දෙවිඳාණන්ගේ ¥තයා වෙති. ඔහු සම`ග සිටි අය අවිශ්වාසිකයින් කෙරෙහි ඉතා දැඩි ය. තම තමන් අතරෙහි දයාලූ ය. දෙවි`දාණන්ගේ ආශිර්වාදයත් ප‍්‍රසාදයත් අයදිමින් ඔවුන් රුකූ (නැමදුමෙහි ඉරියව්වකි) කරමින් සුජූද් (ශීර්ෂ ප‍්‍රණාමය) කරමින් සිටිනු ඔබ දකින්නෙහිය. සුජූද් (ශීර්ෂ ප‍්‍රණාමය)  කිරීමෙන් වූ සලකුණු ඔවුන්ගේ මුහුණුවල ඇත.(මෙම සලකුණ මගින් ඔවුන් හඳුනාගත හැකි ය.) මෙය තව්රාත් (තෝරාහ්) හි මොවුන් ගැන සඳහන් උපමාව යි. ඉන්ජීල් (ශුභාරංචි) හි ඔවුන්ගේ උපමාව වන්නේ දළු දමන බෝගයක් යනුවෙනි. පසු ව එය සවිමත් වෙයි. ඉන් පසු ව එය විශාල වෙයි. ඉන් පසු ව ස්වකීය කදෙන් නැගිට සිටියි. (මෙය) එය වපුරන්නන්ට සතුට ගෙන දෙයි. (මෙය) ප‍්‍රතික්ෂේප කරනවුනට ප‍්‍රකෝපය ඇති කර වනු පිණිස ය. මොවුන් අතුරින් විශ්වාස කර යහකම් කරන අයට සමාවද විශාල තිළිණත් ඇතැ’ යි දෙවි`දාණන් ප‍්‍රතිඥා දෙයි}
[උතුම් කුරානයේ 48 : 29 වැකියේ අදහස]

ඔවුන් පිළිබඳ දේවදූත මුහම්මද් තුමාණන් පැවසුවේය «මාගේ සහගාමීන්ට බැන වැදීමෙන් වලකින්න. ඔබලා උහද් කන්ද තරම් රත්තරං දන් දුන්න ද මාගේ සහගාමීන් දෙවි`දාණන් වෙනුවෙන් දන් දුන් දෝතක තරම් හෝ එයින් අඩකට හෝ ඔබලාගේ දානය සමාන නොවේ. යන්නෙන් දේව ¥ත මුහම්මද්තුමාණෝ දේශනා කළෝය»(මූලාශ‍්‍රය: මුස්ලිම්)

මුහම්මද්තුමාණන්ගේ සහගාමීන්ගෙන් ශ්‍රේෂඨතම පුද්ගලයා වන්නේ ප‍්‍රථම කලීෆා (පාලක) අබූබක්කර්තුමාණන් ය. ඉන් පසු ව දෙවන කලීෆා උමර්තුමාණන් ද අනතුරු ව තෙවන කලීෆා උස්මාන්තුමාණන් ද පසු ව සිව්වන හලීෆා අලිතුමාණන් සහ අනෙකුත් සහගාමීන් වේ. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{මුහාජිරූන් (සංක‍්‍රමණිකයින්) සහ අන්සාර්වරුන් (ඔවුනට උදව් කළවුන්) අතුරින් (ඊමාන්-විශ්වාසය පිළිබඳ ඇරයුමට) මුලින් ම ප‍්‍රතිචාර දැක් වූ අය ගැන ද සිල්වත්කමින් ඔවුන් පිළිපැදි අය ගැන ද අල්ලාහ් දෙවිඳාණෝ තෘප්තියට පත් වූහ. ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ.  දිය දහරා ගලා බස්නා ස්වර්ගයන් උන්වහන්සේ ඔවුනට පිළියෙළ කර ඇත. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. මහත් භාග්‍යය මෙය යි}[උතුම් කුරානයේ 09 : 100 වැකියේ අදහස]

මොවුහු සියල්ලෝ ම දේවදූත මුහම්මද්තුමාණන්ගෙන් දැනුම, ඥානය සහ දහම ඉගෙන ගෙන අප වෙත ළඟා කළහ.



Tags: