පිවිතුරු චේතනාවෙන් හෙබි පුද්ගලයෙකු හැටියට පරිවර්තනය වන්නේ කෙසේ ද?

පිවිතුරු චේතනාවෙන් හෙබි පුද්ගලයෙකු හැටියට පරිවර්තනය වන්නේ කෙසේ ද?

පිවිතුරු චේතනාවෙන් හෙබි පුද්ගලයෙකු හැටියට පරිවර්තනය වන්නේ කෙසේ ද?

අභ්‍යන්තරයෙහි පවතින දේ භාහිරට පටහැනි වන්නේ නම් එය ප‍්‍රතික්ෂේපිත වන්නේය.

01 ඒක දේවවාදය ස්ථිර කිරීම {අවනතභාවය ඔහුට පමණක් හිමිකරමින් නුඹ අල්ලාහ්ට ඉබාදත් (නැමදුම්) කරනු. දැනගනු ! අවංක අවනතභාවය අල්ලාහ්ට පමණි}[උතුම් කුරානයේ 39 : 2 - 3 වැකිවල අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දහම ඔහුට පමණක් අවංකව හිමිකර දෙමින් පිවිතුරු චේතනාවෙන් යුතුව අල්ලාහ්ට නැමදුම් කරන ලෙසත් සලාතය ස්ථාපනය කරන ලෙසත් ‘‘සකාත් ’’(සරණදීමනාව) පිරිනමන ලෙසත් විනා (අන් කිසිවක්) ඔවුන්ට අණ කරනු ලැබුවේ නැත}
[උතුම් කුරානයේ 98 : 05 වැකියේ කොටසක අදහස]

02. දේවදූත මුහම්මද් තුමාණන් අනුගමනය කරන බව සත්‍ය කිරීම. එතුමාණන් අණ කළ දේ ඉටු කිරීමත් වැළැක් වූ දෙයින් වැළකී සිටීමත්ය. එමෙන් ම එතුමාණන් ප‍්‍රකාශ කළ දේ ද සත්‍ය කළ යුතුය. {විශ්වාස කළවුනි, අල්ලාහ්ට කීකරුවනු. තවද ධර්ම දූතවරයාට ද කීකරුවනු. තවද නුඹලා අතුරින් බලතල පවරා ඇති අයට ද (කීකරුවනු.) ඉක්බිතිව යමක් කෙරෙහි නුඹලා මතභේද වූයේ නම්, නුඹලා අල්ලාහ් සහ අවසන් දිනය කෙරෙහි විශ්වාස කරන්නේ නම්, එයට පිළිතුරු සෙවීම සඳහා අල්ලාහ් වෙත ද ධර්ම දූතයා වෙත ද පවරනු. එය වඩාත් යහපත්ය. වඩාත් යහ විවරණය ද වන්නේය}
[උතුම් කුරානයේ 04 : 59 වැකියේ අදහස]

මිනිසෙකු විසින් ධානයක් පිරිනමනු ලැබුවේය. එම ධානය අන්අයට නොදැනෙන ලෙස රහසිගතව ඉටු කළේය «මිනිසෙකු විසින් ධානයක් පිරිනමනු ලැබුවේය. එම ධානය අන්අයට නොදැනෙන ලෙස රහසිගතව ඉටු කළේය» (මූලාශ‍්‍රය : බුහාරි)

මේ පිළිබඳ දේවදූත මුහම්මදාණෝ පැවසුවේය: «ක‍්‍රියාවන් සියල්ලක් ම තක්සේරු කරනු ලබනුයේ චේතනාව අනුව ය. යන්නයි» (මූලාශ‍්‍රය : බුහාරි)

04 දෙවිඳාණන් පැසසුමට ලක් කිරීමට අධික ප‍්‍රියමනාප වන්න. මැවූ දෙවිඳාණන්ට සමීප වන්න. ච්ත්ත පාරිශුද්ධයින් හෙබි පුද්ගලයා ලෞකික දේවල් මුදුන්පත් කරගැනීමට ප‍්‍රිය නොකරයි. ඔහුගේ මනාපය වනුයේ දෙවිඳාණන්ගේ ආශිර්වාදයට ලක්වීම පමණි.

05 ඔබගේ දෙවිඳාණන්ට ශීර්ෂ ප‍්‍රණාමය ඉටු කිරීම ඔබට අනිවාර්යය වන්නේය. වංකභාවයෙන් මිදී අවංකභාවය සහ පිවිතුරු චේතනාව හිමිකරදෙන මෙන් දෙවිඳාණන්ගෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය. ඔබ ඔබ ව මූනිච්චාවෙන් ආරක්ෂා කරගත යුතුය. පෙර කළ මහා පාපයන් වලට සහ සුළු පාපයන් වලට පාපක්ෂමාව අයැදිය යුතුය.

අවංකභාවය සහ පිවිතුරු චේතනාව යනු දෙවිඳාණන් කරා ඔබගේ ක‍්‍රියාවන් හැරවීමය. උතුමාණන්ට මිස අන් කිසිවෙකුටත් ඔබගේ නමස්කාරයන් නොහැරවිය යුතුය.

06 මූනිච්චාව පිළිබඳ විපරමින් සිටිය යුතුය. යම් ගැත්තෙක් විසින් මූනිච්චාවෙහි මාර්ගය හඳුන්වනු ලැබූ විට ඔහු ච්ත්තපාරිශුද්ධියෙන් දුරස් වන්නේය. මිනිසුන්ගෙන් සමහරෙක් තමා විසින් ම තමා ප‍්‍රශංසා කරන්නේය. එමෙන් ම තමාගේ ක‍්‍රියාකරකම් තමා විසින් ම ප‍්‍රශංසා කරනු ලැබේ. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{කවරෙකු ලෞකික ජීවිතය ද එහි අලංකාරය ද බලාපොරොත්තු වන්නේ ද ඔවුන්ගේ ක‍්‍රියාවන්ට ඵලවිපාකය ඔවුනට අපි මෙලොව දී සම්පූර්ණයෙන් ම දෙන්නෙමු. තවද ඔවුහු එහි දී කප්පාදුවට ලක් කරනු නොලබති. ඔවුනට පරලොව දී අපාගින්න හැර වෙන කිසිවක් නැත. ඔවුහු මෙලොව කළ සියලූ ම දේ නිරර්ථක වන්නේය. තවද ඔවුන් කරමින් සිටි දේවල් සියල්ල නිෂ්ඵල වන්නේය}
[උතුම් කුරානයේ 11 : 15 - 16 වැකිවල අදහස් ]

මූනිච්චාව දෙවිඳාන්ට සුළුවෙන් ආදේශ තැබීම හා සමාන වන්නේය. එහි ප‍්‍රතිඵලය භයානක වන්නේය. එනම් කිසිදු යහපත් කි‍්‍රයාවක් පිළිනොගනු ලැබෙන්නේය.

07 සැදැහැවතුන් සම`ග ආශ‍්‍රය කිරීම.

දේව¥ත මුහම්මද් තුමාණන් මෙසේ ප‍්‍රකාශ කළේය. « මිනිසා සිටිනුයේ තම ස`ගයාගේ දහමෙහි ය» (මූලාශ‍්‍රය : තිර්මිදි)

ජලය හා ගින්න එකට එක් නොවන්නේ යම්සේ ද පිවිතුරු චේතනාව පවතින ස්ථානයෙහි මූනිච්චාව එක් නො වන්නේ ද එලෙසය.

08. තමන්ගේ යහපත් කි‍්‍රයාවන් රහසිගත ලෙස ඉටු කිරීම සහ පවත්වාගෙන යෑම.{නුඹලා (කරන) පරිත්‍යාග ප‍්‍රසිද්ධ කළහොත් එය හොඳය. එහෙත් නුඹලා එය (අනුන්ට) නොපෙන්වා (රහසින්) දිළින්ඳන්ට දෙතොත් එය නුඹලාට ඉතා අගනේය}
[උතුම් කුරානයේ 02 : 271 වැකියේ කොටසක අදහස]

09. සෑම අවස්ථාවෙහි දී ම ස්වයං විනිශ්චයෙහි නියැලීම.

{අප උදෙසා වෙහෙස මහන්සි වන අය නම්, අපි නියත වශයෙන්ම ඔවුනට අපගේ මාර්ගයන් පෙන්වන්නෙමු} [උතුම් කුරානයේ 29 : 69 වැකියේ කොටසක අදහස]

දෙවිඳාණන්ගේ ප‍්‍රකාශය කරා අවධානය යොමු කරමු{අප උදෙසා! }

10. දෙවිඳාණන් අල්ලාහ්ගෙන් ප‍්‍රාර්ථනා කිරීම සහ උතුමාණන් පිළිගැනීම වැනි ක‍්‍රියාවන්හි දැඩි ව ඇලීගැලී සිටීම සහ නොකඩවා නියැලීම. දුප්පත් වහලෙකු තම ස්වාමියාට පක්ෂපාති වීම නිසා ඔහුගේ සියලූ අවශ්‍යතාවයක් මෙන් ම අභිප‍්‍රායක් ම තම ස්වාමියා විසින් ඉෂ්ට කර දෙනු ලැබේ. කන්ලව් කළ යුත්තේ දෙවිඳාණන් අල්ලාහ්ගෙන් පමණකි.



Tags: