01. පුද්ගලික ජීවිතයේ ඇති කරන බලපෑම:

01. පුද්ගලික ජීවිතයේ ඇති කරන බලපෑම:

01. පුද්ගලික ජීවිතයේ ඇති කරන බලපෑම:

පිරිසිදුකම:

ඒකදේවවාදයෙහි ශ්‍රේෂ්ඨත ම ඉගැන්වීම වනුයේ පිරිසිදුකම යි. මේ හේතුවෙන් දෙවිඳාණන් තම ගැත්තාට ආදරය කරන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {ඔවුන් පිරිසිදු තත්ත්වයට පත් වූ විට දෙවිඳාණන් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු}
[උතුම් කුරානයේ 02 : 222 වැකියේ කොටසක අදහස ]

දේව¥ත මුහම්මද් තුමාණෝ දේශනා කළේ, «පිරිසිදුකම දේව විශ්වාසයෙන් අඩකි.» යනුවෙනි (මූලාශ‍්‍රය : මුස්ලිම්)

පිරිසිදුකම දේව විශ්වාසයෙහි අඩක් මෙන් ම එහි වැදගත් අංගයක් ද වන්නේය.

1.මානසික පිරිසිදුකම: මානසික පිරිසිදුකම යනු දෙවිඳාණන්ට ආදේශ තැබීමෙන් සහ පාපයන්හි නියැලීමෙන් තම ආත්මය අපවිත‍්‍ර කර ගැනීමය. තම ආත්මය පවිත‍්‍ර කර ගත හැකි වනුයේ අවංක පාපක්ෂමාව තුළින් පමණි. එසේ පාපක්ෂමාවේ නියැලීම තුළින් ආඩම්බරකම, ඊර්ෂ්‍යාව, තන්හාව සහ ක්‍රෝධය වැනි සිත කිළුටු කරන දේවල් ද තම ආත්මයෙන් වියැකී යන්නේය. පිවිතුරු චේතනාවකින් තොරව හෝ අවංකභාවයකින් තොරව කිසිවෙකුටත් මෙම පාපක්ෂමාවෙහි නියැලිය නො හැකිය.

2. කායික පිරිසිදුකම: කායික පිරිසිදුකම තුළින් බලාපොරොත්තු වනුයේ තම ශරීරය පවිත‍්‍ර කරගැනීමය.

-කිල්ලෙන් මිදීම: මෙයින් හඟවනුයේ වස්ත‍්‍රයේ, ශරීරයේ හෝ ස්ථානයේ තිබෙන අපවිත‍්‍ර දෑ පිරිසිදු ජලයෙන් සෝදා පවිත‍්‍ර කිරීමය. මේ හා සම්බන්ධ බොහෝ නීති රීති පවතී

-පවිත‍්‍ර වීම: එනම් නමස්කාරයට පෙර වුළු දෝවනය (අර්ධ ස්නානය), තයම්මුම් කිරීම (වුළු දෝවනය කළ නොහැකි අය දූවිලි සහිත පසින් පිරිමැදීම) සහ ස්නානය වැනි දේවල් ය. නමස්කාරයෙහි නියැලීමේ දී, උතුම් කුරානය කියවීමේ දී, දෙවිඳාණන්ගේ නිමල කුටිය (ක:බාව) පැදකුණු කිරීමේ දී සහ දෙවිඳාණන් සිහි කිරීමේ දී කායික පවිත‍්‍රකරණය අනිවාර්යය වන්නේය.

”පිරිසිදුකම දේව විශ්වාසයෙන් අඩකි ” යනුවෙන් දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කර තිබේ.

සලාතය නමැති නමස්කාරය:

දේව නමස්කාරය මගින් ගැත්තා අතර සහ දෙවිඳාණන් අතර සම්බන්ධතාවයක් හටගන්නේය. එමගින් පෙන්නුම් කරනුයේ දෙවිඳාණන්ගේ අණසක වලට අවනත වීමය. මෙබැවිනි සලාතය, ඉස්ලාමයේ කුළුණක් හැටියට සලකනු ලබන්නේ. එය ඉස්ලාමයේ කුළුණක් මෙන් ම දේව බැතිමත්භාවයේ ආලෝකයක් ද වන්නේය. මෙමගින් ආත්මය ශාන්තිමත් වන අතර හදවත විවර වන්නේය. මෙම හේතුවෙන් නරක ගතිපැවතුම් සහ ක‍්‍රියාකාරකම් වලින් මිනිසා දුරස් වන්නේය. එය නිශ්චිත වේලාවක අනිවාර්යය කරනු ලැබූ ක‍්‍රියාවක් වන අතර තක්බීරය නමැති කි‍්‍රයාවෙන් ආරම්භ වී සලාමය නමැති ක‍්‍රියාවෙන් අවසන් වන්නේය.

සලාතය (නමස්කාරයෙ) අතපසු කර නොසලකා හරින්නා සහ එය ප‍්‍රතික්ෂේප කරන්නා දෙවිඳාණන් සහ උතුමාණන්ගේ දූතයාණන් බොරු කළ අයෙකු වැනිය. එමෙන් ම ඔහු උතුම් කුරානය ද ප‍්‍රතික්ෂේප කරන්නේය. ඔහුගේ ඉස්ලාමයේ මූලිකාංගයන් තුළ අඩුපාඩු ඇතිවන්නේ මෙලෙසය. කවරෙකු මෙම වගකීම අලස කමින් ප‍්‍රතික්ෂේප කරන්නේ ද ඔහු තම ආත්මය විනාශ මුඛය කරා ඇද යන්නේය.

දේවදූත මුහම්මද් තුමාණන් මෙසේ දේශනා කළේය.

«ආදේශ තබන්නෙකු අතර සහ දෙවිඳාණන් අයදින කෙනෙකු අතර වෙනස වනුයේ සලාතය නමැති දේව නමස්කාරය යි» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

අනෙකුත් විද්වතුන්ගේ මතය වනුයේ, සලාතය (නමස්කාර) ප‍්‍රතික්ෂේප කිරීම යනු දෙවිඳාණන්ට ආදේශ තැබීම හා සමාන වන්නේය. මෙය ප‍්‍රතික්ෂේප කිරීමෙන් ඔහු ඉස්ලාමයෙන් බැහැර වන්නේය. නැතහොත් මහා පාපයන්හි නියැලීම හා සමාන වන්නේය.

සලාතය නමැති දේව නමස්කාරය තුළ බොහෝ ප‍්‍රයෝජනයන් ඇත්තේය

«සලාතය නමැති දේව නමස්කාරය ආලෝකයක්» යැයි යනුවෙන් දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය. (මූලාශ‍්‍රය : බෛහකි)

01. මෙම සලාතය අවිනීත සහ පාප ක‍්‍රියාවන්ගෙන් වළක්වයි.

මේ පිළිබඳ දෙවිඳණෝ වදාළා :

{(දේව¥ත මුහම්මද්), ධර්ම ග‍්‍රන්ථයෙන් ඔබට හෙළිදරව් කරනු ලැබූ දේ කියවා පෙන්වන්න. සලාතයෙහි නිරත වන්න. නියත වශයෙන් ම සලාතය අවිනීත සහ පාප ක‍්‍රියාවන් වළක්වයි. අල්ලාහ් සිහිපත් කිරීම අති ශ්‍රේෂ්ඨ ය.නුඹලා කරන දෑ අල්ලාහ් දනී} [උතුම් කුරානයේ 29 : 45 වැකියේ අදහස]

02. සලාතය, ඉස්ලාමයේ මූලික පාඨයෙන් අනතුරුව තිබෙන ශ්‍රේෂ්ඨ කි‍්‍රයාවකි. මස්ඌද් තුමාණන්ගේ පුත‍්‍රයාණන් වන අබ්දුල්ලා තුමාණන් මෙසේ වාර්තා කරයි. «මම දිනක් දේව¥ත මුහම්මද් තුමාණන්ගෙන් ක‍්‍රියාවන්ගෙන් ශ්‍රේෂ්ඨත ම කි‍්‍රයාව කුමක් ද යන්න විමසුවෙමි. එවිට එතුමාණන් “සලාතය නිසි වේලාවට ඉටු කිරීම” යන්නෙන් පැවසීය. ඉන්පසු කුමක් ද යන්නෙන් විමසීමි. “දෙමව්පියන්ට උපකාර කිරීම” යන්නෙන් පැවසුවේය. ඉන් අනතුරුව කුමක් ද යන්නෙන් ඇසීමි “දෙවිඳාණන්ගේ දහම ස්ථාපිත කිරීමට වෙරදැරීම ” යැයි පිළිතුරු ලබා දුන්නේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

ගැත්තා තම දෙවිඳාණන් කරා සමීප කරවන ශ්‍රේෂඨ ක‍්‍රියාවකි

03. සලාතය නිසාවෙන් පාපයන් ක්ෂමා කරනු ලැබෙන්නේය.

«පංචකාලීන සලාතයට නිදසුනක් වනුයේ තම නිවස අසලින් ගලා බසිනා ගංගාවක, දිනකට පස්වතාවක් ස්නානය කරන පුද්ගලයා ය. පස්වේල ස්නානය හේතුකොටගෙන ඔහුගේ කයෙහි කිළුටු කෙසේ සේදී යන්නේ ද එලෙස පස්වේල් සලාතය ඉටුකරන පුද්ගලයාගේ පාපයන් ඔහුගේ පංචකාලීන සලාතය හේතුකොටගෙන ක්ෂය වී යන්නේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

04. නිසිලෙස සලාතය ස්ථාපිත කරන්නාට මෙලොව සහ පරලොව ආලෝකය හිමි වන්නේය.

«සලාතය කලට වේලාවට නිසිලෙස ඉටුකරන්නාට එම සලාතය මරණින් මතු දිවියේ දී ආලෝකයක් වැන්න ය. මෙය ඉටු නොකළ තැනැත්තාට කිසිදු ආලෝකයක් හෝ ජයග‍්‍රහනයක් හිමි නො වන්නේය. ඔහු ෆිර්අවුන් , හාමාන් සහ උබෛ බින් කලබ් වැනි නීච පුද්ගලයින් සම`ග සිටී” යන්න දේව¥ත මුහම්මද් තුමාණන් දේශනා කළේය» (මූලාශය : අහ්මද්)

දේව¥ත මුහම්මද් තුමාණන් මෙසේ දේශනා කළේය. «සලාතය ආලෝකයක් » (මූලාශ‍්‍රය : බෛහකී)

05. ඔහු ඉටුකරන සලාතය හේතුවෙන් ඔහුට උසස් තත්ත්වයන් පිරිනැමෙන අතර ඔහුගේ පාපයන් ක්ෂමා කරනු ලැබෙන්නේය.

සෆ්වාන් තුමාණන්ට මෙලෙස අනුශාසනා කරනු ලැබූ බවට පවසන ලදී . එනම්

«ඔබ අධික ලෙස ශීර්ෂ ප‍්‍රණාමයන් (සුජූද්) කරන්න. ඔබගේ එක් එක් ශීර්ෂ ප‍්‍රණාමයන් හේතුකොටගෙන ඔබගේ පාපකයන් ක්ෂය වී යන අතර ඔබගේ තත්ත්වයන් උසස් කරනු ලැබෙන්නේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

06. සලාතය ඉටු කරන්නා දේවදූත මුහම්මද් තුමාණනගේ ආදරයට පාත‍්‍ර වන අතර එය හේතුකොට ගෙන ස්වර්ගස්ත වීමට ඔහුට වරම් ලැබෙන්නේය.

කඅබ් තුමාණන්ගේ පුත‍්‍රයාණන් වන රබීඅත් තුමාණන් මෙසේ පවසයි.

«දිනක් දේවදුත මුහම්මද් තුමාණන් අසල මම නින්දට ගියෙමි. එවිට එතුමාණගේ අවශ්‍යතාවය උදෙසා ජලය රැගෙන ගියෙමි. එවිට ඔහු ‘‘රබීඅත්, ඔබ කුමක් හෝ මාගෙන් අසන්න’’ යන්නෙන් පැවසුවේය. ස්වර්ගයේ ඔබ හා විසීමට ප‍්‍රිය කරමි යන්නෙන් පැවසුවෙමි. වෙන කිසිවක් අසන්නේ නැතිදැයි නැවතත් මාගෙන් විමසුවේය. එවිට මම එය මට ප‍්‍රමාණවත් වේ යැයි පිළිතුරු ලබා දුනිමි.එවිට එතුමාණන් ඔබගේ ආශාව ඉෂ්ට වීමට නම් ඔබ අධික ලෙස ”සුජූද්” (ශීර්ෂ ප‍්‍රණාමයන්) ඉටුකරන්නැයි පැවසුවේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

නියත වශයෙන් ම සලාතය යනු සර්ව පරාක‍්‍රම දෙවිඳාණන් අරත සහ දුර්වල ගැත්තෙකු අරත පවතින සම්බන්ධතාවයකි. මෙම දුර්වල පුද්ගලයා දෙවිඳාණන්ගේ ශක්තියෙන් තමා ශක්තිමත් කර ගන්නේය. ඔහු විසින් උතුමාණන් අධික ලෙස සිහිකැඳවනු ලැබෙන අතර උතුමාණන් සමග ඔහුගේ හදවත සම්බන්ධ වන්නේය. මෙය අධික ලෙස සිදුවනුයේ සලාතයෙහි දී ය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{මා සිහිපත් කරන්න. සලාතය ද ස්ථාපිත කරන්න}[උතුම් කුරානයේ 20 : 14 වැකියේ අදහස]

සකාතය නමැති සරණදීමනාව

මෙම සරණදීමනාවෙන් ආත්මයට, සමාජයට සහ ධනයට අභිවෘද්ධිය ඇති වන්නේය.

මෙම`ගින් දියුණුවට ද ම`ග පෑදෙන අතර ධනයට ද ආරක්ෂාව සැලසෙන්නේය. ‘සකාතය’ යනු පුද්ගලයෙකු විසින් ඔහුගේ ධනයෙන් දුප්පතුන් වෙනුවෙන් ලබා දිය යුතු දුගී බද්ද නොහොත් සරණදීමනාව යි. මෙය ඉටුකිරීමෙහි අරමුණ වනුයේ දෙවිඳාණන්ගේ තෘප්තියට භාජනය වීම, මිනිසාගේ ආත්මය පවිත‍්‍ර කරගැනීම සහ අවශතාවයන්ගෙන් පෙලෙන්නන්ට ඔවුන්ගේ එම අවශ්‍යතාවය සපුරාලීමය.

මෙම කර්තව්‍ය ඉටුකිරීමට ඉස්ලාමයෙන් වැදගත් තැනක් හිමිවන්නේ මෙම`ගින් මිනිස් සමාජයට ද සෙත සැලසෙන බැවිනි. උදාහරණ ලෙස;

01. මිනිසා ලෝභකමින්, මසුරුකමින් මෙන් ම තන්හාවෙන් තම ආත්මය පිවිතුරු කරගන්නේය.

02. දුප්පතුන්ට සෙත සැලසෙන අතර අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වන්නේය.

03. දුප්පතුන්ගේ දිවිය ආනන්දයෙන් පිරි දිවියක් හැටියට පත්වීමට මෙම සරණදීමනාව මහඟු පිටිවහලක් වීම.

04. ව්‍යාපාරික උදවිය සතුව සහ පොහොසත් උදවිය සතුව ඇති ධනය සීමා කිරීම. මෙලෙස සිදුකරනුයේ නිශ්චිත පිරිසක් සතුව පමණක් ධනය එක්රැස් නොවිය යුතුය යන පරමාර්ථය නිසාවෙනි.

05. මෙම සරණදීමනාව හේතුවෙන් මුස්ලිම් සමාජය එක ම පවුල් කුටුම්බියක් හැටියට පරිවර්තනය වන අතර ශක්තිවන්තයා දුර්වල පුද්ගලයා කෙරෙහි ද පොහොසතා දුප්පතා කෙරෙහි ද සෙනෙහස දක්වන්නේය.

06. මෙ`ගින් පොහොසතාගේ සිතෙහි ඇතිවන කෝපය මෙන් ම වෛරය පාලනය වන අතර දෙවිඳාණන් විසින් ඔවුනට පිරිනමනු ලැබු ධනය කෙරෙහි අනෙකුත් උදවියට ඇතිවන ඊර්ෂ්‍යාව පහවී යන්නේය.

07. දේපළ වලට සිදුවන අලාභහනි මෙම සරණදීමනාව කරණකොටගෙන අවම වන අතර මංකොල්ලකෑම්, සොරකම් කිරීම් වැනි සාපරාධී ක‍්‍රියාවන් ද සමාජයෙන් පහවී යන්නේය.

08. මෙමගින් දේපළ අභිවෘද්ධිය කරා ද දියුණුව කරා ද ගමන් කරන්නේය.

මෙම සකාතය නමැති සරණදීමනාව අනිවාර්යය කරුණක් බව උතුම් කුරානයේ සහ දේවදූත මුහම්මද් තුමාණන්ගේ ගරුතර සම්ප‍්‍රදාවන්හි බොහෝ සාධක පවතී. ඉස්ලාමයේ මූලිකාංගයන් අතුරින් මෙය ද වැදගත් අංගයක් වන අතර ඉස්ලාමය රඳා පවතින කුළුණු අතුරින් මෙය තුන්වන කුළුණ වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {සලාත් (නැමදුම) ස්ථාවරව ඉටු කරනු. සකාතය ද ගෙවනු. රුකුඃ (දණහිස් දෙකට දෑත් තබා නැමී වැඳීම) කරන්නන් සමඟ රුකුඃ කරනු}
[උතුම් කුරානයේ 2 : 43 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {සලාතය ස්ථාපිත කරනු. ‘සකාතය ද දෙනු. නුඹලා නුඹලා(ගේ අනාගතය) උදෙසා ඉදිරියට යවන කවර සත්ක‍්‍රීයාවක් වුවද ඒවා අල්ලාහ් වෙත රැඳෙන බව නුඹලා දැක ගන්නෙහුය. නුඹලා කරන දෑ නියත වශයෙන් ම අල්ලාහ් බලා සිටින්නේය}
[උතුම් කුරානයේ 2 : 110 වැකියේ අදහස]

සුරදූත ගේබ්රියල්(ජිබ්රීල් තුමාණන්) ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශකයක මෙසේ සඳහන් වේ. «ඉස්ලාම් යනු අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් දේවදූත මුහම්මද් තුමාණන් උතුමාණන්ගේ පණිවිඩකරු බවත් සාක්ෂි දැරීම, නමස්කාරය ස්ථාපිත කිරීම, සරණදීමනාව ලබා දීම , රමළාන් උපවාසයෙහි නියැලීම සහ හජ් කර්තව්‍ය ඉටු කිරීමය»
(මූලාශ‍්‍රය : මුස්ලිම්)

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය. «ඉස්ලාමය කරුණු පහක් මත ගොඩ නැගී ඇත. එනම් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් දේවදූත මුහම්මද් තුමාණන් උතුමාණන්ගේ පණිවිඩකරු බවත් සාක්ෂි දැරීම, නමස්කාරය ස්ථාපිත කිරීම, සරණදීමනාව ලබා දීම , රමළාන් උපවාසයෙහි නියැලීම සහ හජ් කර්තව්‍යය ඉටු කිරීමය.” යන්නෙන් සුරදූත ගේබ්රියල්තුමාණන් (ජිබ්රීල්තුමාණන්) ප‍්‍රකාශ කළේය» (මූලාශ‍්‍රය : බුහාරි)

මෙම ගරුතර සම්ප‍්‍රදාවන් ම`ගින් ගම්‍ය වනුයේ සකාතය නමැති සරණදීමනාව ඉස්ලාමයේ මූලිකාංගයන්ගෙන් මෙය ද වැදගත් අංගයක් යන්නය. මෙම අංගයන් ඉටුකිරීමකින් තොරව කෙනෙකුගේ ඉස්ලාමය සම්පූර්ණ නො වන්නේය.

රමළාන් උපවාසය:

දෙවිඳාණන් විසින් රමලාන් උපවාසය අනිවාර්යය කරනු ලැබූ අතර එය ද ඉස්ලාමයේ මූලිකාංගයන්ගෙන් එක් අංගයක් හැටියට පත් කළේය. එම උපවාසය ආරම්භ වනුයේ හිමිදිරි උදෑසන සිට ය. එය අවසන් වනුයේ හිරු අවරට යෑමත් සමඟ ය. {අළුයම(කාලයෙ)හි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලිව පෙනෙන තෙක් අනුභව කරනු. පානය කරනු. අනතුරුව (මෙම සියලූ දෙයින්ම වැළකෙති) රාති‍්‍රය එළැඹෙන තුරු උපවාසය සම්පුර්ණ කරනු}
[උතුම් කරානයේ 2: 187 වැකියේ කොටසක අදහස]

ගැත්තෙකුගේ සිතෙහි දේව විශ්වාසය ස්ථිර ලෙස පැවතිය යුතුය. ඔහුගේ ඒක දේවවාදී ප‍්‍රතිපත්තිය රඳා පවතිනුයේ උතුමාණන්ගේ අණසක වලට අවනත වීම තුළය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{විශ්වාස කළවුනි, නුඹලාට පෙර සිටි (දේවදුතයින්ගේ අනුගාමිකයින් වන) අය කෙරෙහි පවරනු ලැබූවාක් මෙන් නුඹලා කෙරෙහි ද සව්ම් (උපවාසය) පවරන ලදී. (මෙමගින්) නුඹලාට බිය බැතිමත් විය හැකිය}
[උතුම් කුරානයේ 2 : 183 වැකියේ අදහස]

ඒකදේවවාදී ප‍්‍රතිපත්තියෙහි ස්ථිර ව සිටින්නා උපවාසය මඟින් ජයග‍්‍රහනය ලබන්නේය. එමෙන් ම දෙවිඳාණන් ද ඔහු කරා සමීප වන්නේය.

දෙවිඳාණන් විසින් පවසන ලද ගරුතර සම්ප‍්‍රදාවක මෙලෙස සඳහන් වේ. «උපවාසයට හැර ආදම්ගේ දරුවන්ගේ සියලූ ක‍්‍රියාවන්හි කුලිය ඔහුට හිමිවන්නේය. උපවාසය මට අයිති දෙයකි. ඔහුගේ එම උපවාසයට කුලිය වන්නේ මා ම ය»
(මූලාශ‍්‍රය : බුහාරි)

මිනිස් සිතෙහි දේව විශ්වාසය ගොඩනැගීමට උපවාසය මනා පිටිවහලක් වන්නනේය.

මෙම උපවාසය මඟින් මිනිසාට ඇතිකරන බලපෑම්. එනම්;

01. උපවාසය යනු ඔහු අතර සහ දෙවිඳාණන් අතර පවතින සබඳතාවයකි. මෙමඟින් දේව ඇදහිලිවන්තයෙකුගේ සිත සත්‍යලෙස අධීක්ෂණයට භාජනය වන අතර මූනිච්චාවට කිසිදු අවකාශයක් නො ලැබෙන්නේය. සැමවිට ම දෙවිඳාණන්ගේ අධික්ෂණයට භාජනය වන හැඟීම ඔහු තුල පැලපදියම් වන්නේය. මෙය උසස් අරමුණක් වන අතර බොහෝ මිනිසුන්ගේ සීමා රහිත අනවශ්‍ය ආශාවන් පාලනය කිරීමට මෙය මහඟු රුකුලක් වන්නේය.

02. සියලූ මනූෂ්‍ය වර්ගයා ඒකරාශීකරන මෙම උපවාසය මඟින් සහෝදර එකමුතුකම මෙන් ම සමානාත්මතාවය ද විදහා දැක්වෙන්නේය. මෙමගින් දේව ඇදහිලිවන්තයින් අන් අයට ආදරය සෙනෙහස පාන්නන් හැටියට ද උදව් උපකාර කරන්නන් හැටියට ද පරිවර්තනය වෙති. එමෙන් ම සමාජය අර්බුධකාරී තත්ත්වයන්ගෙන් සහ ගැටළුකාරී තත්ත්වයන්ගෙන් ද මිදෙන්නේය.

03. මුස්ලිම්වරයෙකුට තම සහෝදරයාගේ දුෂ්කරතාවය තේරුම් ගැනීමට මෙම උපවාසය මහඟු පිටිවහලක් වන්නේය. එමෙන් ම දුගී දුප්පත් උදවියට උදව් උපකාර කිරීමට ද ඔහු පෙළෙඹෙන්නේය. මෙමඟින් මුස්ලිම්වරුන් අතර සහෝදරත්වය ශක්තිමත් වන්නේය.

04. මෙමඟින් තම ආත්මයට සහ යහපත් ක‍්‍රියාවන්හි නියැලීමට පෙරහුරුවක් ලැබෙන අතර දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන්නන්ට උදව් උපකාර කිරීමට පොළඹවන්නේය. එමෙන් ම මිනිසා පාප කි‍්‍රයාවන්ගෙන් මෙම උපවාසය වළක්වන අතර අධික ලෙස යහපත් ක‍්‍රියාවන්හි නියැලීමට ආශාවන් ඇතිකරන්නේය.

මිනිසා සාපරාධී ක‍්‍රියාවන්ගෙන් සහ පාපකාරී ක‍්‍රියාවන්ගෙන් වළක්වාලන පලිහ වනුයේ උපවාසය යි. දේවදූත මුහම්මද් තුමාණන් මෙලෙස ප‍්‍රකාශ කළේය. «මිනිසා සාපරාධී ක‍්‍රියාවන්ගෙන් සහ පාපකාරී ක‍්‍රියාවන්ගෙන් වළක්වාලන පලිහ වනුයේ උපවාසය යි. එබැවින් සව්මයේ නියැලෙන්නා අයහපත් වදන් කතා නොකළ යුතුය. මුග්ධ ක‍්‍රියාවන්හි නොනියැලිය යුතුය. කවරෙක් හෝ ඔහු සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගැනීමට පැමිණිය හොත් ”මම උපවාසයේ නියැලී සිටින්නෙමි” යන්නෙන් දෙවතාවක් පැවසිය යුතුය. මාගේ ආත්මය කවරෙකු සතුව තිබේ ද එම දෙවිඳාණන් මත දිවුරා කියමි. සව්මයේ නියැලෙන්නාගේ (උපවාස කරන්නාගෙ) මුඛයෙන් පිටවන ගන්ධය දෙවිඳාණන් අබියස කස්තුරි සුවඳටත් වඩා සුවඳවත් වන්නේය. ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආහාරපාන වලින් සහ ඉච්ඡාවෙන් වැළකුනේය. එබැවින් උපවාසය මට අයිති දෙයකි. ඒ සඳහා වූ කුලිය මවිසින් ම පිරිනමනු ලැබේ. දස ගුණයකින් ඔහුගේ කුලිය මම ගෙවන්නෙමි. (යන්නෙන් දෙවිඳාණෝ ප‍්‍රකාශ කරන්නෝය.)» (මූලාශ‍්‍රය : බුහාරි)

හජ් කර්තව්‍යය:

දෙවිඳාණන්ගේ ඒක දේවවාදය පිළිඹිඹු වන්නේ හජ් කර්තව්‍යයෙහි දී ය. මෙමඟින් දෙවිඳාණන්ගේ ඒක දේවවාදය ගම්‍ය අතර දේව විශ්වාසයේ පරිපූර්ණත්වය ද ලෙළදෙන්නේය. හජ් කර්තව්‍යය ඉටු කරන්නා එම මොහොතේ දී ඒක දේවවාදය ප‍්‍රකාශ කරන්නේය. එම කර්තව්‍යය ආරම්භ වූ මොහොතේ පටන් ”අහෝ දෙවිඳුනි, මම ඔබට යටත් වුනෙමි. ඔබට කිසිදු ආදේශකරුවෙකු නොමැත” යන්නෙන් පවසයි. ඔහුගේ හජ් කර්තව්‍ය නිමවීමෙන් අනතුරුව ඔහුගේ පාප ක‍්‍රියාවන් වලට සමාව ලැබෙන අතර අලූත උපන් බිළිඳෙකු මෙන් පරිවර්තනය වන්නේය. හජ් කර්තව්‍ය යනු මක්කමේ ක:බා නිමලකුටිය මුල්කරගෙන සිදුකරන්නා වූ වත්පිළිවෙතකි. මෙම වත්පිළිවෙත් සිදුකරනු ලබනුයේ දෙවිඳාණන් අණකළ ආකරයට සහ දේවදූත මුහම්මද් තුමාණන් පෙන්වා දුන් ආකාරයට ය. එය උතුම් කුරානය මඟින් සහ දේවදූත මුහම්මද් තුමාණන්ගේ වදන් තුළින් අණ කරන ලද සහ විද්වතුන්ගේ ඒකමතික තීරණයන් වන ‘‘ඉජ්මා’’ වලින් ස්ථිර කරන ලද වත්පිළිවෙත් ක‍්‍රමයකි.

”ක:බා නිමලකුටිය පැදකුණු කිරීම, සෆා සහ මර්වා යන කඳු ගැට දෙක අතර දිවීම සහ ජමරාත්හි සාතාන්ට ගල් ගැසීම යන වත්පිළිවෙත් සිදුවනුයේ දෙවිඳාණන් සිහිකැඳවීම පිණිස යැයි’’ දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය.

හජ් කර්තව්‍යය තුළින් මිනිස් දිවියට ඇතිකරන බලපෑම් :

01. මෙම හජ් කර්තව්‍යය මඟින් එය ඉටු කරන්නාගේ පාපයන් වලට සමාව ලැබෙන්නේය. «ඉස්ලාමයට පෙර වූ පාපයන් වලට ඉස්ලාමයට ප‍්‍රවිශ්ඨ වීම තුළින් සමාව ලැබෙන්නේය.හිජ්රත් (ඉස්ලාමය වෙනුරන් තම ගම්බිම් අත්හැර වෙනත් ස්ථානයනයකට සංක්‍රමණය) කිරීම මඟින් එයට පෙර වූ පාපයන් වලට සමාව ලැබෙන අතර හජ් කර්තව්‍යය මඟින් ද පෙර වූ පාපයන් වලට සමාව ලැබෙන්නේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

02. හජ් යනු දෙවිඳාණන්ගේ අණට කීකරු වීම ය. එබැවින් තම පවුලෙන්, දුවා දරුවන්ගෙන් සහ එදිනෙදා භාවිත කරන වස්ත‍්‍රයෙන් ද ඔහු සමුගන්නේය. දෙවිඳාණන්ගේ අණසක වලට යටහත් පහත් වී ඒක දේවවාදය ප‍්‍රකාශ කරන්නෙක් හැටියට ඔහු පත්වන්නේය. දෙවිඳාණන්ට අවනත වීමේ කි‍්‍රියාවලියන්හි ශ්‍රේෂ්ඨ අවනත වීමේ ක‍්‍රියාව වන්නේ ද මෙය යි.

03. හජ් කර්තව්‍යය දෙවිඳාණන්ගේ තෘප්තියට භාජනය වීමටත් ස්වර්ගයට පිවිසීමටත් හේතුවක් වන්නේය. «පිළිගනු ලැබූ හජ් කර්තව්‍යයට කුලිය වන්නේ ස්වර්ගය යි.” යන්නෙන් දේවදූත මුහම්මද් තුමාණන් ප‍්‍රකාශ කළේය»
(මූලාශ‍්‍රය : බුහාරි, මුස්ලිම්)

04. හජ් යනු සාධාරණය සහ සමානාත්මතාව යන සංකල්පයන් පිළිඹිඹු කරන කි‍්‍රයාවකි. අරෆා පිටියේ දී මිනිසුන් සියලූ දෙනා හඬ නගා කියන්නේ ඉස්ලාමය යනු සමානාත්තාවයේ දහම යන්න යි. ඔවුනතර ජාති භේදයක් හෝ වර්ණ භේදයක් දක්නට නො ලැබේ. ඔවුනතර කිසිදු තරාතිරමක් නො පවතී. දෙවිඳාණන් කෙරෙහි බියබැතිමත් වීමෙහි පමණක් ඔවුනතර තරාතිරම් පවතින්නේය.

05. කෙනෙක් තව කෙනෙකුට උදව් උපකාර කරන පරෝපකාරී මහත්මා ගුණාංගයන් හජ් කර්තව්‍යය ඉටු කරන මොහොතේ දී දැක ගත හැකිය. මෙහි දී සහෝදරත්වයන් ශක්තිමත් වන අතර දැනුම් හුවමාරුව ද දැක ගත හැකිය. මෙමඟින් සමාජ දියුණුවට මඟ පෑදෙන්නේය.

06. හජ් කර්තව්‍යය චිත්ත පාරිශුද්ධිය කරා ද ඒක දේව වාදය කරා ද ආරාධනා කරන්නේය. ඉන් අනතුරුව ඔහුගේ දිවිය වාසනාවන්ත වන්නේය. අල්ලාහ් දෙවිඳාණන් හැරෙන්න අන් කිසිවෙක් කේවල කිරීමට හෝ ඔහු හැරෙන්න අන් අයගෙන් කන්නලව් කිරීමට හෝ නො හැක.



Tags: