1 ආදරය:

1 ආදරය:

1 ආදරය:

දෙවිඳාණන්ගේ ප්‍රේමය හඳුනාගැනීම

දෙවිඳාණන්ට පේ‍්‍රම කිරීම.

මෙම`ගින් චිත්තය පාරිශුද්ධ වන අතර ඔහුගේ සියලූ ප‍්‍රාර්ථනාවන් වලට දෙවිඳාණන්ගෙන් පිළිතුරු ලැබෙන්නේය. උන්වහන්සේගේ මතකයෙන් ඔහුගේ සිත ගිලෙන්නේය.

දෙවිඳාණන්ගේ පේ‍්‍රමය සත්‍ය කිරීම.

දෙවිඳාණන්ට ආදරය කිරීම යනු උන්වහන්සේට නැමදුම් කිරීමට ප‍්‍රිය වීමය. මෙම ආදරය දෙවිඳාණන් ප‍්‍රියකරන ක‍්‍රියාවන් කරා හැරවිය යුතුය. එනම් උන්වහන්සේ අණ කළ ක‍්‍රියාවන්හි නිරත වීමටත් වැළැක් වූ ක‍්‍රියාවන් වලින් වැළකී සිටීමත් සිත පුරුදු කරගත යුතුය. මෙය දේව විශ්වාසයේ වැදගත් අංගයකි.

දෙවිඳාණන්ට පේ‍්‍රම කිරීමේ දී එම ආදරය හිමි විය යුත්තේ උන්වහන්සේට පමණි. මෙය වැදගත් දෙයකි. සාමන්‍ය ජීවිතය තුළ දෙමව්පියන්, දරුවන් සහ යහළුවන් අතර පවතින ආදරය යම් අවස්ථාවල දී බිඳී යන්නේය. එවැනි ආදරයක් දෙවිඳාණන් අතර සහ ඔබ අතර නොතිබිය යුතුය. මෙයටත් වඩා දෙවිඳාණන් අතර සහ ඔබ අතර පවතින ආදරය ශක්තිමත් විය යුතුය.

හරාම් (තහනම්) වූ ආදරය වූ කලී එම ආදරය කරනකොටගෙන ඔහු උන්වහන්සේට ආදේශ තබන්නේය. නිදසුනක් ලෙස; ආදේශතබන්නන් ඔවුන්ගේ පිළිම මත සහ එම දහම්හි උගතුන් මත එසේත් නොමැති නම් දෙවිඳාණන් පි‍්‍රය නොකරන ස්ථානයන් කෙරෙහි හෝ ජනයින් කෙරෙහි සහ ඔවුන්ගේ ක‍්‍රියාවන් වලට ගැඹුරු ලෙස ආදරය දක්වති.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{මිනිසුන් අතර දෙවිඳාණන් හැර උන්වහන්සේට ආදේශයන් (තබනු ලැබූ දෑ දෙවියෙකු වශයෙන්) ගත් අය ද සිටිති. ඔවුහු දෙවිඳාණන්ට පේ‍්‍රම කරන්නාක් මෙන් ඒවාට ද පේ‍්‍රම කරති. නමුත්, දේවවිශ්වාසකයින් උන්වහන්සේට පේ‍්‍රම කිරීමෙහිලා ඉතා දැඩි ය}
[උතුම් කුරානයේ 02 - 165 වැකියේ කොටසක අදහස]

දෙවිඳාණන්ට ආදරය කිරීමේ මහිමය

01. මෙය ඒකදේවවාදයේ මූලික අංගයකි. දෙවිඳාණන්ට අවංක ලෙස ආදරය කළ යුතුය. එය ඒකදේවවාදයෙහි හදගැස්ම යි. එය සත්‍ය නැමදුමක් ද වන්නේය. ගැත්තෙකු තම ස්වාමියා වන උන්වහන්සේ කෙරෙහි සත්‍ය ලෙස සම්පූර්ණ අවංක ආදරය දක්වන තුරු ඔහුගේ ඒකදේවාදී ප‍්‍රතිපත්තිය අංගසම්පූර්ණ නො වන්නේය. මෙම ආදරය ඔහුගේ සතුටට සහ ජයග‍්‍රහණයට ද හේතුවන්නේය.

02. මෙම ආදරය දුෂ්කර අවස්ථාවන්හි ඔහුට සැනසුම ගෙනදෙන්නේය. දුක් කම්කටොළු වලට මුහුණපාන විට එම ආදරයෙන් ඔහුට ආත්ම සුවය හිමිවන්නේය.

දෙවිඳාණන් නැමදුම් කරනු ලැබෙනුයේ ආදරය සහ බැතිභාවය මඟිනි. දෙවිඳාණන් කෙරෙහි සහ උන්වහන්සේගේ හමුවීම කෙරෙහි ඉච්ඡාව ඇති වූ විට ලෞකික ඉච්ඡාවෙන් ඔහු මිදෙන්නේය. ඔහුගේ සිතට සැනසුම ගෙන දෙන්නේය.

03 මෙලොව දිවියෙහි අංගසම්පූර්ණ භාග්‍යන් සහ උච්චතම ආනන්දය හිමිවනුයේ දෙවිඳාණන්ගේ ආදරය තුළින් ය. අවශ්‍යතාවයන් සැපිරීම, හුදෙකලාව තුරන් වීම සහ කුසගින්න නිවීයාම යන කාරණයන් දෙවිඳාණන් කෙරෙහි ආදරය තැබීමෙන් සංසිඳෙන්නේය. මිනිසා මෙලොවෙහි කෙතරම් භාග්‍යයන් සහ සැනසුම් හිමි කර ගත්ත ද එම භාග්‍යයන් දෙවිඳාණන්ගේ ආදරයෙන් තොරව සම්පූර්ණ නො වන්නේය. මන්ද දෙවිඳාණන් කෙරෙහි ආදරය සෙනෙහස පෑම ඔබට ලැබුන ඉමහත් වරමක් මෙන් ම භාග්‍යයක් වන නිසාවෙනි. පිවිතුරු ආත්මයකට සහ නැණවත් බුද්ධියකට උන්වහන්සේ කෙරෙහි ආදරය තැබීමෙන් මිස කිසිදු සැනසීමක් හෝ ශ්‍රේෂ්ඨත්වයක් හිමි නො වන්නේය. සත්‍ය දේව ඇදහිලි වන්තයෙකුගේ සිත පමණි මෙම මිහිර සහ වින්දනය භුක්ති විඳිනුයේ. මෙනිසාවෙනි මෙලොව දිවියෙහි සියලූ සැප සම්පත් සත්‍ය දේව ඇදහිලිවන්තයා භුක්ති විඳිනුයේ. එමෙන් ම ඔහු හිමිකර ගන්නා භාග්‍යයන් සහ සැපසම්පත් ද අතිමහත් වේ. «කවරෙකු සතුව පහත සඳහන් ගුණාංගයන් තිබෙන්නේ ද ඔහු දේව විශ්වාසයේ රසය අත් විඳින්නේය. 01 දෙවිඳාණන් සහ උන්වහන්සේගේ ¥තයා අන්‍යයන්ට සහ අන් දැයට වඩා තමාට අධික ප‍්‍රිය වීම. 02 තම සහෝදරයා දෙවිඳාණන් වෙනුවෙන් ආදරය කිරීම. (එම ආදරය දෙවිඳාණන් වෙනුවෙන් පමණක් මිස අන් කිසි ලෞකික ඉච්ඡාවක් වෙනුවෙන් නොතිබිය යුතුය.) තමා ගින්නට ඇද වැටීමේ අවස්තාවට තමා මනාප නොවන්නේ යම් සේද එලෙස ෂිර්ක් (දේව ප‍්‍රතික්ෂේපය) කරා නැවත හැරී යෑම පිළිකුල් කිරීම.»
(මූලාශ‍්‍රය : බුහාරි, මුස්ලිම් සහ නසාඉ)

දෙවිඳාණන්ගෙන් කවරෙකුට සතුට සහ සැනසුම හිමිනොවන්නේ ද ඔහු තරම් අභාග්‍ය වන්තයෙකු මෙලොව සිටිය නොහැක.

දෙවිඳාණන්ගේ ආදරය කරා ආකර්ෂණය කෙරෙන කරුණු

දෙවිඳාණන් කරා සමීපවනන් සහ උන්වන්සේ වෙත ආදරය දක්වන්නා කෙරෙහි උතුමාණන් ද ආදරය දක්වන්නේය. උන්වහන්සේගේ ආදරය කරා ඇදගන්නා ප‍්‍රථම කරුණ වනුයේ අන් කිසිවෙකුටත් ආදරය නොකරන තරමට ම ඔහු තම ස්වාමියාට ලෙන්ගතු වීමය. දෙවිඳාණන්ගේ ආදරය කරා ඇදගන්නා කරුණු පිළිබඳ පහත සඳහන් කරන්නෙමු.

01 උතුම් කුරානය කෙරෙහි ප‍්‍රිය මනාප වීම සහ එහි තේරුම අවබෝධ වන අයුරින් කියවීම. කවරෙකු දෙවිඳාණන් විසින් පහළ කරනු ලැබු ග‍්‍රන්ථයෙහි සඳහන් යහක‍්‍රියා ක‍්‍රියාවට නංවන්නේ ද ඔහුගේ මනස දෙවිඳාණන් කරා යොමුවන්නේය.

02 අනිවාර්යය කරුණු ඉටු කිරීමට අමතරව වෛකල්පික ක‍්‍රියාවන් අධික ලෙස ඉටු කිරීමෙන් ද ගැත්තෙකු දෙවිඳාණන් වෙත ළ`ගා වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : «අනිවාර්යය නැමදුම් හැරෙන්න මාගේ ගැත්තා මා කරා සමීප වන්නේ අනිවාර්යය නොවන නැමදුම් මඟිනි. මෙම අනිවාර්යය නොවන සලාතයන් මඟින් මාගේ ගැත්තා මා කරා අධික ලෙස සමීප වන්නේය. අවසානයේ මම, ඔහු ආදරය කිරීමට පටන් ගත් විට ඔහු ශ‍්‍රවණය කරන සවන් හැටියට ද ඔහු දෘෂ්ටිය හෙලෙන දෑස් හැටියට ද ඔහු ස්පර්ශ කරන දෑත් හැටියට ද ඔහු සක්මන් කරන පාදයන් හැටියට ද පත්වන්නෙමි. ඔහු මාගෙන් පැතුවේ නම් අනිවාර්යයෙන් ම ඔහුගේ පැතුම ඉෂ්ට කරමි. මාගෙන් ආරක්ෂාව පැතුවේ නම් නිසැකව ම ඔහුට ආරක්ෂාව සපයමි»
(මූලාශ‍්‍රය : බුහාරි, හදීස් අල් කුද්සි)

03. වචනයෙන්, ක‍්‍රියාවෙන් සහ සිතින් යන සෑම අවස්ථාවක දී ම දෙවිඳාණන්ගේ මතකය රැඳීම.

04. තමාගේ ඉච්ඡාවට වඩා දෙවිඳාණන්ගේ කැමැත්තට මුල්තැන දීම.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {දෙවිඳාණන් ඔවුනට ප‍්‍රිය කරන අතර ඔවුන් දෙවිඳාණන්ට ප‍්‍රිය කරන්නෝය}[උතුම් කුරානයේ 5 : 54 වැකියේ කොටසක අදහස]

06 යුක්තිය, කරුණාව සහ ආදරය පෙන්වීම. උන්වහන්සේ විසින් පිරිනමන ලද ගුප්ත සහ දෘෂ්‍යමාන ආශිර්වාදයන් පිළිබඳ උන්වන්සේට තුති පිදීම.

07. උන්වහන්සේ අබියස හදවත වර්තනය කර ගැනීම.

08. දෙවිඳාණන් පහළ වන අවස්ථාව වන රාති‍්‍රයේ 1/3 කොටස වන අළුයම මොහොතේ හුදෙකලාවේ උන්වහන්සේට නැමදුම් කිරීම. එම මොහොතේ ප‍්‍රාර්ථනා කිරීම, උතුම් කුරානය කියවීම, විධිමත් ලෙස නමස්කාර කිරීම සහ අවසානයේ තමා විසින් ඉටු කරන ලද පාපයන් පිළිබඳ පසුතැවිලි වී පාපක්ෂමාවේ නියැලීම.

09. සත්‍ය ලෙස දෙවිඳාණන් කෙරෙහි ඇළුම් කරන සැදැහැවතුන්ගේ සභාගර්භයන් හි රැඳී ඔවුන්ගේ වදන් හි සාරවත් ඵළය තෝරා ගත යුතුය. ප‍්‍රයෝජනවත් වදන් මිස නිශ්ඵල වදන් කථා නොකළ යුතුය.

10. දෙවිඳාණන්ගේ සහ උන්වහන්සේගේ ගැත්තා අතර පවතින සබඳතාව දුරස් කරවන සියලූ කි‍්‍රයාකාරකම් වලින් වැළකී සිටීම.

දෙවිඳාණන්ගේ ආදරය හේතුවෙන් ගැත්තෙකුට ලැබෙන ආශිර්වාදයන්:

දෙවිඳාණන්ගේ ආදරයට කවරෙක් පාත‍්‍ර වන්නේ ද ඔහුට උන්වහන්සේ යහම`ග පෙන්වන අතර උතුමාණන්ගේ ආදරයට ද සමීප කරගන්නේය.දේවදූත මුහම්මදාණෝ මෙසේ දේශනා කළෝය.

«මාගේ ගැත්තා මා පිළිබඳ කුමක් සිතන්නේ ද ඒ සිතුවිල්ලට අනුකූලව මම ඔහු හා කි‍්‍රයා කරන්නෙමි. ඔහු මා සිහිකැඳවන විට මම ඔහු සමඟ සිටින්නෙමි. ඔහුගේ සිතින් ඔහු මා සිහිකරන විට මාගේ සිතින් මම ඔහු සිහිකරන්නෙමි. යම් සභාවක් මැද ඔහු මා සිහි කරන්නේ නම් එම සභාවේ සිටින පුද්ගලයින්ට වඩා ශ්‍රේෂ්ඨ වූ පිරිස අබියස මම ඔහු පිළිබඳ සිහිකැඳවමි. ඔහු මවෙත වියතක් සමීප වන විට මම ඔහු කරා රියනක් සමීප වෙමි. ඔහු මා කරා රියනක් සමීපවන්නේ නම් මම ඔහු කරා බඹයක් (දෙඅත් දෙපැත්තට දිගහැරීමෙන් ඇතිවන ප‍්‍රමාණයේ දුර) සමීප වෙමි. ඔහු මා කරා සක්මන් කර පැමිණෙන්නේ නම් මම ඔහු කරා දිව යන්නෙමි»
(මූලාශ‍්‍රය : බුහාරි)

ගැත්තෙකු තම දෙවිඳාණන් කෙරෙහි බියබැතිමත් වන සෑම මොහොතක් පාසා ම යහමඟ කරා සමීප වන්නේය. දෙවිඳාණන්, ඔහු පේ‍්‍රම කරන සෑම අවස්ථාවක ම ඔහුගේ යහමඟ දියුණු වන්නේය. ඔහු යහමඟ ලබන විට ඔහුට දෙවිඳාණන් කෙරෙහි තිබෙන බැතිමත්භාවය ද අධික වන්නේය.

කවරෙකුට දෙවිඳාණන් පේ‍්‍රම කරන්නේ ද ඔහු මෙලොවෙ හි පිළිගත් පුද්ගලයෙකු හැටියට පත්වන්නේය.

දෙවිඳාණන් පිළිගත් පුද්ගලයෙකු යන්නෙ හි අදහස වනුයේ ඔහුගේ ස්වාමියා ඔහුට පේ‍්‍රම කර ප‍්‍රශංසා කරන අතර ඔහු පිළිබඳ තෘප්තිමත් වන්නේය යන්නයි. උන්වහන්සේ ප‍්‍රතික්ෂේප කළ අය හැරෙන්න අන් සියල්ලන්ට ම උතුමාණන් ආදරය කරන්නේය. මන් ද යත් දේව ප‍්‍රතික්ෂේපකයින් දෙවිඳාණන්ගේ පේ‍්‍රමය ප‍්‍රතික්ෂේප කළෙහුය. එසේ තිබිය දී ඔවුන් කෙසේ නම් දෙවිඳාණන්ගේ පේ‍්‍රමයට පාත‍්‍ර වන්නේ ද?

«දෙවිඳාණන් යම් ගැත්තෙකු කෙරෙහි පේ‍්‍රම කරන්නේ නම් උතුමාණන් සුරදුත ගේබ්රියල් (ජිබ්රීල්තුමාණන්) කැඳවා ”මම මෙම ගැත්තාට පේ‍්‍රම කරන්නෙමි ඔබලා ද ඔහුට පේ‍්‍රම කරන්න” යන්නෙන් අණ කරන්නේය. ගේබ්‍රියල් ද ඔහුට පේ‍්‍රම කරන්නේය. ඉන්අනතුරුව ඔහු අහසෙහි සිටින සියලූ සුරදූතයින් කැඳවා ‘‘දෙවිඳාණන් මෙම ගැත්තාට පේ‍්‍රම කරන බවත් ඔබලා සියලූ දෙනා ඔහුට පේ‍්‍රම කරන ලෙසටත් දන්වා සිටින්නේය.’’ පසුව අහස් කුසේ සිටින සියලූ දෙනා ඔහුට පේ‍්‍රම කරන්නේය. පසුව මහපොළොවෙහි ද ඔහුට පේ‍්‍රම කිරීමට සලස්වනු ලැබෙන්නේය»-(මූලාශ‍්‍රය : මුස්ලිම්)

එලෙස ම උන්වහන්සේ පේ‍්‍රම කරන පුද්ගලයා නිරීක්ෂණය කිරීමේ සහ මග පෙන්වීමේ වගකීම උතුමාණන් මත පැවැරෙන්නේය. උන්වහන්සේ ඔහුගේ සෑම දුෂ්කරතාවක දී ම ඔහුට සතුට සහ සැනසුම ඇති කරන්නේය. ඔහුගෙන් දුරස් වූ සියල්ලක් ම ඔහු කරා ළඟා කරන්නේය. ඔහුගේ ලෞකික කටයුතු පහසු කරනු ලැබෙන අතර ඔහු කිසිදු පීඩාවක් නො විඳින්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {විශ්වාස කර යහකම් කළ අයවන ඔවුනට අපරිමිත දයාන්විත වූ අල්ලාහ් නියතවශයෙන් ම සෙනෙහස පාන්නේය}
[උතුම් කුරානයේ 19 - 96 වැකියේ අදහස]

උන්වහන්සේ පේ‍්‍රම කරන පුද්ගලයා නිරීක්ෂණය කිරීමට සහ ඔහුට ම`ග පෙන්වීමේ වගකීම උතුමාණන් භාරගන්නේය. උන්වහන්සේ ඔහුගේ සෑම දුෂ්කරතාවක දී ම ඔහුට සතුට සහ සැනසුම ඇති කරන්නේය. දෙවිඳාණෝ වදාළ බවට දේවදූත මුහම්මදාණෝ මෙලෙස ප‍්‍රකාශ කළෝය... «කවරෙකු මගේ හිතවතා හතුරු කරගන්නේ ද මම ඔහු සමඟ යුධ ප‍්‍රකාශ කරමි. මා ප‍්‍රිය කරන අනිවාර්යය කළ ක‍්‍රියාවන්ගෙන් මිස ඔහුට මා වෙත සමීප විය නො හැකියි. මාගේ ගැත්තා වෛකල්පික නමස්කාරයන් අධික ලෙස ඉටු කරමින් මා කරා සමීප වෙමින් සිටින්නේය. අවසානයේ මම ඔහු ආදරය කිරීමට පටන් ගත් විට ඔහු ශ‍්‍රවණය කරන සවන් හැටියට ද ඔහු දෘෂ්ටිය හෙලෙන දෑස් හැටියට ද ඔහු ස්පර්ශ කරන දෑත් හැටියට ද ඔහු සක්මන් කරන පාදයන් හැටියට ද පත්වන්නෙමි. ඔහු මාගෙන් පැතුවේ නම් අනිවාර්යයෙන් ම ඔහුගේ පැතුම ඉෂ්ට කරමි. මාගෙන් ආරක්ෂාව පැතුවේ නම් නිසැකව ම ඔහුට ආරක්ෂාව සපයමි. සත්‍ය දේව විශ්වාසවන්තයෙකුගේ ආත්මය ග‍්‍රහණය කිරීමේ දී මා පැකිළෙන්නාක් මෙන් මාගේ අන් කිසි කි‍්‍රියාවක නො පැකිළෙමි. ඔහු ද මරණය අප‍්‍රිය කරන අතර මරණයෙන් ඔහු වේදනාවට පත් කිරීමට මම ද ප‍්‍රිය නො කරමි» (මූලාශ‍්‍රය : බුහාරි)

සත්‍ය දේව විශ්වාසය මඟින් ආත්මයන් ප‍්‍රාණවත් වන අතර සැබෑ විමුක්තිය ද ලැබෙන්නේය. දෙවිඳාණන්ට ආදේශ තැබීම යනු ඔහුගේ මරණයට පූර්වයෙන් ප‍්‍රාණය නිරුද්ධ වීම හා සමානය. එමෙන් ම ශෝකයෙහි සහ දුකෙහි කේන්නද්‍රස්ථානය ද මෙය යි.

දෙවිඳාණන් කාහට ප‍්‍රිය කරන්නේ ද ඔහුගේ ප‍්‍රාර්ථනාවන් උතුමාණෝ පිළිගන්නෝය. ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීම යනු ඔහු දෙවිඳාණන් විසින් පිළිගනු ලැබූ ගැත්තෙකු යන්නෙහි සලකුණ යි. ඔවුන් තමන්ගේ දෑත් අහස කරා යොමු කර මාගේ ”දෙවිඳුනි,” යන්නෙන් පැතූ විගසින් ම උන්වහන්සේ ඔවුනට භාග්‍යයන් පිරිනමන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {මාගේ ගැත්තන් මා පිළිබඳ ඔබගෙන් විමසුවහොත් නියතවශයෙන් ම මා (ඔවුනට) ඉතා සමීපය (යැයි කියනු.) ප‍්‍රාර්ථනා කරන්නා මා අමතන විට (ඔහුගේ) ප‍්‍රාර්ථනාවට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මාගෙන් ම ප‍්‍රාර්ථනා කළ යුතුය. තවද මා කෙරෙහි ම විශ්වාස තැබිය යුතුය. ඔවුනට නිවැරදි මඟපෙන්වීම ලබා ගත හැකිය}[උතුම් කුරානයේ 02 - 186 වැකියේ අදහස]

දේවදූත මුහම්මදාණෝ ප‍්‍රකාශ කළ බවට සල්මාන් ෆාරිසි තුමාණන් වාර්තා කරයි.«ගැත්තෙකු දෙවිඳාණන් කරා දෑත් දිගු කර ප‍්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු නොදී සිටීමට උන්වහන්සේ ලැජ්ජා වන්නේය» (මූලාශ‍්‍රය : තිර්මිදි)

දෙවිඳාණන් ගැත්තෙකුට හිතවත් වන විට දී සුරදූතයින් ඔහු වෙනුවෙන් පාපක්ෂමාවේ යෙදෙන්නෝය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {අර්ෂ් (උච්චාසනය) උසුලන්නා වූ අය ද ඒ වටා සිටින අය ද තම පරමාධිපතිගේ ප‍්‍රශංසාවේ ගුණ ගයමින් ඔහු සුවිශුද්ධ කරති. ඔවුහු ඔහු පිළිබඳ විශ්වාස කරති. අපගේ පරමාධිපතියාණනි, ඔබ ඔබගේ පරම දයාවෙන් සහ දැනුමෙන් සෑම දෙයක් ම වැළඳ ගත්තෙහිය. එනිසා, පසුතැවිලි වෙමින් ඔබගේ මාර්ගය අනුගමනය කරන අයට සමා කරනු මැනව. තවද නිරයේ වේදනාවෙන් ඔවුන් ආරක්ෂා කරනු මැනව යැයි දේව විශ්වාසකයින්ට (සුරදූතයින්) සමාව අයදිති}[උතුම් කුරානයේ 40 - 07 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අහස් ඒවාට ඉහළින් පැළෙන්නාක් මෙනි. සුරදූතයින් තම පරමාධිපතිට ප‍්‍රශංසා කරමින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවෙහි සිටින අය වෙනුවෙන් සමාව අයදිති. දැනගනු, නියතවශයෙන් ම අල්ලාහ් සර්ව ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය}
[උතුම් කුරානයේ 42 - 05 වැකියේ අදහස]

දෙවිඳාණන් ගැත්තෙකුට සෙනහස දැක්වීමට පටන් ගන්නා විට ඔහු යහ ක‍්‍රියාවන් කරා යොමු කරන්නේය.«දෙවිඳාණන් තම ගැත්තාට යහපත කිරීමට අධිටන් කළේ නම් එම යහපත ඔහුට සලසා දෙන්නේය. එය කෙසේ ද යන්න දේවදූත මුහම්මදාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණන් ”ඔහුගේ මරණයට පූර්වයෙන් අධික සත් කි‍්‍රයාවන්හි නියැලීමට මග සලසා දෙන අතර එම ක‍්‍රියාවන් උන්වහන්සේ විසින් පිළිගනු ලැබෙන්නේය.” යන්නෙන් එතුමාණන් දේශනා කළේය.» (මූලාශ‍්‍රය : අහ්මද්)

දෙවිඳාණන් ප‍්‍රිය කරන පුද්ගලයා උන්වහන්සේ විසින් මරනාසන්න මොහොතේ දී ආරක්ෂා කරනු ලැබෙන්නේය.

මෙලොවෙහි ද ඔහුට ආරක්ෂාව සැපයෙන අතර ඔහුගේ ප‍්‍රාණය අත්පත් කර ගැනීම සඳහා ඔහු හා මෘදුවෙන් කටයුතු කරන සුරදූතයින් ඔහු වෙත යවනු ලැබෙති. ස්වර්ගය පිළිබඳ ඔහුට සුභාරංචි ද පවසනු ලැබේ.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පවසා පසුව (එහි) ස්ථාවර ලෙස සිටි අය කෙරෙහි සුරදූතයින් පහළ වී, නුඹලා බිය නොවනු. නුඹලා දුක් නොවනු. තවද නුඹලාට පොරොන්දු දෙනු ලැබූ ස්වර්ගය පිළිබඳ ශුභාරංචිය පිළිගනු යැයි පවසති}[උතුම් කුරානයේ 41 - 30 වැකියේ අදහස]

දෙවිඳාණන්ගේ ආදරයට පාත‍්‍ර වූ පුද්ගලයා ස්වර්ග ලෝකයේ සදාකල් ජීවත් වන්නේය.

උන්වහන්සේ අභිමත කරන පුද්ගලයින් මරණින් මතු දිවියේ දී උතුමාණන්ගේ ගෞරවයට පාත‍්‍ර වන්නෝය. එමෙන් ම කිසිවෙකුටත් ඔවුනට හිරිහැර කළ නො හැකිය. ස්වර්ගයේ දී තමා ප‍්‍රිය කරන පුද්ගලයින්ගේ ඉච්ඡාවන් ඉටු කර දෙන බවට ද උතුමාණන් පොරොන්දු දෙන්නේය.

«කිසිදු දෑසකින් නොදුටු කිසිදු සවනකට නොවැකුනු කිසිදු මිනිස් සිතකින් වර්ණනා කළ නොහැකි ආස්වාදයන්, අස්වැසිලි සහ දෑස්පිනවන භාග්‍යයන් මාගේ ගැත්තන් වෙනුවෙන් ස්වර්ගයේ මම සූදානම් කර ඇත්තෙමි» {ඔවුන් කරමින් සිටි දෑට ප‍්‍රතිඵල වශයෙන් තමන්ට සඟවනු ලැබූ (තමන්ගේ) ඇස් පිනවන දෑ ගැන කිසිවෙක් නොදනිති.’’ (32-17) යනුවෙන් දේවදූත මුහම්මදාණෝ දේශනා කළෝය}[මූලාශ‍්‍රය : බුහාරි]

මෙලොවෙහි සතුට දනවන ක‍්‍රියාව වනුයේ දෙවිඳාණන්ට ආදරය කිරීම සහ උන්වහන්සේට නමස්කාර කිරීමය. ස්වර්ගයෙහි උසස් ම සතුට වනුය් පියවි ඇසින් උතුමාණන් දැක ගැනීමට හැකි වීමය.

දෙවිඳාණන්ගේ ආදරයෙහි ප‍්‍රතිඵලය වනුයේ උතුමාණන් මරණින් මතු දිවියේ දී දැක ගැනීමට හැකි වීමය.

මරණින් මතු දිවියේ දී දෙවිඳාණෝ අභිමත කරන පුද්ගලයින් අබියස ආලෝකයක් සේ විද්‍යමාන වන්නෝය. ඔවුන් එයටත් වඩා ප‍්‍රිය කරන දෙයක් මින් පෙර නො දුටුවෙහුය. රාති‍්‍රයේ පායනා පුන්සඳ මෙන් ඔවුනට උතුමාණෝ විද්‍යමාන වන්නෝය.

-«අපි දේවදූත මුහම්මදාණෝ සමඟ හසුන් ගෙන සිටියෙමු. එදින රාත‍්‍රියේ පුර හඳ කරා එතුමාණෝ එබිකම් කළෝය. ඉනික්බිතිව එතුමාණෝ ” ඔබලා කිසිදු බාධකයකින් තොරව මෙම පූර්ණ චන්ද්‍රයා දැකගන්නා සේ මරණින් මතු දිවියේ දී නුඹලාගේ පරමාධිපතියාණන් දැක ගන්නෙහුය. එබැවින් සූර්යෝදයට පෙර සහ සූර්යයා අවරට යෑමට පූර්වයේ තිබෙන සලාතයන් (නමස්කාරය) හි නින්දට නොවැටී නියැලීම මඟින් ඔබලාගේ දෙවිඳාණන් දැකගත හැකි වේ.” යන්නෙන් ප‍්‍රකාශ කළෝය» {සූර්යෝදයට පෙර සහ සූර්යයා අවරට යෑමට පූර්වයෙන් ඔබගේ ඳෙවිඳාණන් සුවිශුද්ධ කරන්න}(මූලාශ‍්‍රය : බුහාරි)

ආදරය කිරීමට අදාළවන නීතිරීති සහ අවවාද

01 දෙවිඳාණන්ගේ ආදරය හේතුවෙන් ගැත්තා පරීක්ෂණ වලින් නො මිදෙන්නේය.

«නියතවශයෙන් ම දුෂ්කර පරීක්ෂණයන් වලට ගෞරවනීය සම්මාණනයන් සහ තිළිණයන් හිම් වන්නේය. දෙවිඳාණන් යම් සමාජයක් කෙරෙහි පේ‍්‍රම කිරීමට අභිමත කරන්නේ නම් ඔවුන් පරීක්ෂණ වලට භාජනය කරන්නේය. කවරෙකු එම පරීක්ෂණයන් ඉවසා දරා සිටින්නේ ද ඔවුහු දෙවිඳාණන්ගේ තෘප්තියට භාජනය වන්නෙහුය. කවරෙකු මෙම පරීක්ෂණයන් නොඉවසන්නේ ද ඔවුහු දෙවිඳාණන්ගේ උදහසට ලක්වෙති» (මූලාශ‍්‍රය - තිර්මිදි)

දෙවිඳාණන් ඔහුගේ තම ගැත්තා අනේක විධ දුක් කම්කටොලූ වලට භාජනය කර පරීක්ෂා කරන්නේය. එයට හේතුව පාපයන්ගෙන් ඔහු පරිශුද්ධ කරීමට සහ ලෞකික ආශාවන්ගෙන් මුදවා ගැනීමටයි.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{නුඹලා අතුරින් දැඩි ලෙස කැපවී සටන් කරන්නන් සහ ඉවසිලිවන්තයින් ගැන අපි දැන ගනු පිණිස අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද නුඹලාගේ වාර්තා ද පිරික්සන්නෙමු}
[උතුම් කුරානයේ 47 - 31 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{බිය වද්දවා ද සාගින්නෙන් ද වස්තූන්, ජීවිත හා භවබෝග පරිහානියෙන් ද අපි නුඹලා නියතවශයෙන් ම පරීක්ෂා කරන්නෙමු. ඉවසිලිවන්තයින්ට නුඹ ශුභාරාංචිය දෙනු. ඔවුන් කවරෙක් ද යත්, ඔවුනට යම් විපතක් සිදු වූ විට, අපි නියතවශයෙන් ම දෙවිඳාණන් වෙනුවෙන් ම ය. අපි ඔහු වෙත ම ආපසු යන්නෝ වෙමු යැයි ඔවුහු පවසති.ඔවුනට ඔවුන්ගේ පරමාධිපති වෙතින් ආශිර්වාද හා දයාව ඇත. තවද යහමඟ ලද්දෝ ද ඔවුහු ම ය}
[උතුම් කුරානයේ 2 - 155 - 157 වැකිවල අදහස්]

02 ගැත්තෙකු පාප කර්මයෙහි නියැලීම මඟින් දෙවිඳාණන් ඔහු කෙරෙහි තබා ඇති ආදරය අඩු වන්නේය. ආදරය යනු දේව විශ්වාසය බඳු වූවකි. එයට ම අවේනික වූ පරිපූර්ණත්වයක් මෙන් ම මූලිකත්වයක් පවතී. මිනිසා කුහකත්වයට සහ සැකයට භාජනය වන විට ඔහුගෙන් දේව විශ්වාසය තුරන් වී යන්නේය. කවරෙකු දෙවිඳාණන්ගේ ආදරයට පාත‍්‍ර නොවන්නේ ද ඔහු කුහකයෙකු වන අතර දහමින් බැහැර වූවෙකු බඳු ය. දහමෙහි සඳහන් කිසිදු යහපැවැත්මක් ඔහු තුළ නො පවතී. දෙවිඳාණන්ට අකීකරු පුද්ගලයා වූ කලී ඔහු උන්වහන්සේගේ ආදරයට පාත‍්‍ර පුද්ගලයෙකු යැයි කිව නො හැකිය. වෙනුවට කිව යුත්තේ උන්වන්සේගේ ආදරයට අල්ප ලෙස භාජනය වූවෙකු යන්නය. «නුඹලා පාප ක‍්‍රියාවන් නොකළ හොත් නියතවශයෙන් ම දෙවිඳාණන් පාප ක‍්‍රියාවන්හි නියැලෙන සමාජයක් බිහි කරන්නේය. ඔවුනට දෙවිඳාණෝ සමාව ද දෙන්නෝය»
(මූලාශ‍්‍රය : අහ්මද්)

නිදහස යනු බහු දේව වාදයෙන්, සැකයෙන් සහ මෝහයෙන් සිත නිදහස් කර ගැනීමය. එම සිත දෙවිඳාණන් නොවන අන් කිසි දෙයකට වහල් නොකළ යුතුය.

03. දෙවිඳාණන්ගේ ආදරය මිනිසෙකුට ලැබීම තුළින් ඔහුගේ ස්වභාවික අශාවන් වන කෑමට බීමට තිබෙන ප‍්‍රියභාවය සහ කාන්තාවන් කෙරෙහි ඇති ප‍්‍රියභාවය ඔහුගෙන් තුරන් නො වන්නේය.

«ඔබ මෙලොවෙහි යහපත සහ කාන්තාව ප‍්‍රිය කරන්න» (මූලාශ‍්‍රය : අහ්මද්)

දෙවිඳාණන්ට ආදේශ තැබීමකින් තොරව මෙලොව කටයුතු කෙරෙහි ප‍්‍රිය මනාප විය හැකිය. මන් ද යත් දේවදූත මුහම්මදාණෝ පවා එලෙස මෙලොව කටයුතු කෙරෙහි ප‍්‍රිය මනාප වූවෝය. තහනම් (හරාම්) වූ ක‍්‍රියාවන් හැරෙන්න ලෞකික කටයුතු කෙරෙහි ආශා කිරීමට දෙවිඳාණන් පවා අනුමැතිය ලබා දී ඇත.

04. කවරෙකු දෙවිඳාණන්ට ආදරය කරන්නාක් මෙන් තව පුද්ගලයෙකුට ආදරය කරන්නේ ද ඔහු දෙවිඳාණන් ප‍්‍රතික්ෂේප කළ අයෙකු වැනිය.

‍මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{මිනිසුන් අතර දෙවිඳාණන් හැර උන්වහන්සේට අදේශයන් (තබනු ලැබූ දෑ දෙවියෙකු වශයෙන්) ගත් අය ද සිටිති. ඔවුහු දෙවිඳාණන්ට පේ‍්‍රම කරන්නාක් මෙන් ඒවාට ද පේ‍්‍රම කරති. නමුත්, විශ්වාස කරන්නන් දෙවිඳාණන්ට පේ‍්‍රම කිරීමෙහිලා ඉතා දැඩි ය. අපරාධ කරුවන් දඬුවම දෘශ්‍යමානව දකින විට, නියතවශයෙන් ම සමස්ත බලය ම උන්වහන්සේ වෙත බවත් එතුමාණෝ දඬුවම් කිරීමෙහිලා ඉතා දැඩි බවත් ඔවුනට අවබෝධ වේ නම් (කොතරම් අගනේ ද,)}
[උතුම් කුරානයේ 02 : 165 වැකියේ අදහස]

මෙම වැකියෙන් ප‍්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ ගෞරවයට සහ ආදරයට සමාන තව කෙනෙකු පත්වන්නේ ද එසේ පත්කරන්නාට අවවාද කිරීමක්ය. මන් ද දෙවිඳාණන්ට හිමිවන ආදරය සහ ගෞරවය තව කෙනෙකුට හිමි නොවිය යුතුය.

”දෙවිඳාණන් ප‍්‍රිය කරන ක‍්‍රියාවක් නම් උන්වහන්සේ වෙනුවෙන් ප‍්‍රිය කිරීම සහ උතුමාණන් වෙනුවෙන් කෝප වීමය.” (මූලාශ‍්‍රය : අහ්මද්)

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{නුඹලාගේ පියවරුන් ද නුඹලාගේ පුත‍්‍රයින් ද නුඹලාගේ සහෝදරයින් ද නුඹලාගේ භාර්යාවන් ද නුඹලාගේ නැදෑ හිතවතුන් ද නුඹලා ඉපැයූ ධනය ද අලාභ වේ යැයි නුඹලා බියවන වෙළඳාම ද නුඹලා ප‍්‍රමෝදයට පත් කරන නිවෙස් ද (යන මේ සියලූ දේවල්) දෙවිඳාණන්ටත් උන්වහන්සේගේ දූතයාටත් දෙවිඳාණන්ගේ මාර්ගයේ ජිහාද් (ඉස්ලාමීය යුද්ධය) කිරීමටත් වඩා බෙහෙවින් නුඹලාට ප‍්‍රිය වන්නේ නම් දෙවිඳාණන් උන්වහන්සේගේ විනිශ්චය (නුඹලා වෙතට) ගෙනෙන තෙක් බලා සිටිනු}
[උතුම් කුරනයේ 09 - 24 වැකියේ කොටසක අදහස]

දෙවිඳාණන් ප‍්‍රිය කිරීම වෙනුවට මෙම කරුණු අට කවරෙක් ප‍්‍රිය කරන්නේ ද ඔහුට මෙම වැකිය අවවාදයකි. දේවදූත මුහම්මදාණෝ ප‍්‍රකාශ කළ බවට අනස් තුමාණන් වාර්තා කරයි. «ඔබලාගේ දෙමව්පියන්, දුවාදරුවන් සහ අනෙකුත් මිනිසුන්ට වඩා මා ඔබලාට ප‍්‍රිය වන තුරු අංග සම්පූර්ණ දේව ඇදහිලිවන්තයෙකු (මු:මින්වරයෙකු) හැටියට ඔබලාට පත් විය නො හැකිය» (මූලාශ‍්‍රය : ඉබ්නු මාජා)

05 දේව ඇදහිලිවන්තයින්ට වඩා ආදේශ කරුවන් කෙරෙහි පමණට ආදරය දැක්වීම සහ ඔවුන්ගේ දහම් වෙත මෙන් ම ඔවුන්ගේ ඇදහීමට ලක් වන දේවල් කෙරෙහි ආදරය දැක්වීම යන කරුණු උන්වහන්සේගේ ආදරය ප‍්‍රතික්ෂේප කිරීම හා සමානය. දෙවිඳාණන් වෙනුවෙන් ආදරය කිරීම සහ උතුමාණන් වෙනුවෙන් කෝප වීම දේව විශ්වාසයේ මූලික අංගයකි. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{දේව ඇදැහිලිවන්තයින් (මුඃමින්වරුන්) දේව ඇදහිලිවන්තයින් මිස (සත්‍ය දහම) ප‍්‍රතික්ෂේප කරන්නන් ආරක්ෂකයින් ලෙස නොගත යුතුය. යමෙකු එසේ කරන්නේ නම්, ඔවුන්ගෙන් නුඹලා ආරක්ෂා වීම හැර ඔහුට දෙවිඳාණන්ගෙන් කිසිවක් නොලැබෙනු ඇත [උතුම් කුරානයේ 03 - 28 වැකියේ කොටසක අදහස]

දේව ප‍්‍රතික්ෂේපකයින් තම ආරක්ෂකයින් හැටියට තෝරා ගැනීම දේව ඇදහිලිවන්තයින්ට දෙවිඳාණන් විසින් තහනම් කරන ලදී. මෙම විධානය කවරෙකු නොසලකා හරින්නේ ද නිසැකව ම ඔහු දෙවිඳාණන්ගේ ආදරයට පාත‍්‍ර නොවන බව ද උතුමාණන් වදාළේය. දෙවිඳාණන් කෙරෙහි ආදරය තැබීමත් සතුරන් කෙරෙහි ආදරය තැබීමත් එකිනෙකෙට පරස්පර විරෝධී ක‍්‍රියාවකි.{ඔවුන්ගෙන් නුඹලා ආරක්ෂා වීම හැර }
[03 - 28 වැකියේ කොටසක අදහස]

දෙවිඳාණන් ඔවුනට උතුමාණන් සමඟ ආදරයෙන් බැදීමට අවකාශයක් ලබා දේන්නේය. එනම් ඔවුන් දෙවිඳාණන්ට බැති පෙම් වී ඔවුන්ගේ කටයුතු යහපත් කරගත්තේ නම් පමණි. එවිට ප‍්‍රසිද්ධව ඔවුන් සමඟ යහපත් අයුරින් කටයුතු කළ හැකිය. දේව විශ්වාසය මඟින් සහ දේව ප‍්‍රතික්ෂේපකයින් පිළිකුල් කිරීම මඟින් සිත සන්සුන් වන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{ඔහුගේ සිත විශ්වාසයෙහි අචලව තිබිය දී බල කරනු ලැබීම හේතු කොටගෙන ඔහු අල්ලාහ්ව ප‍්‍රතික්ෂේප කළේ නම්}
[උතුම් කුරානයේ 16 : 106 වැකියේ කොටසක අදහස]

ආදරයේ ප‍්‍රභවය

දෙවිඳාණන් හමුවීම සඳහා මෙලොව ජීවිතය යහපත් අයුරින් සකසා ගන්නේ කෙසේ ද යන්න දේවදූත මුහම්මදාණෝ අපට පෙන්වා තිබේ. «තම මෙලොව දිවිය දෙවිඳාණන් වෙනුවෙන් කැපකර උතුමාණන් කෙරෙහි අචල විශ්වාසය තබන්නා ශ්‍රේෂ්ඨත ම සකියා යන්නෙන් එතුමාණන් වර්ණනා කළේ ය.» (මූලාශ‍්‍රය : අහ්මද්)

ලෞකික ආස්වාදයන්, සැප සම්පත් සහ එහි වස්තූන් කෙරෙහි ඇළුම් කිරීමට වඩා දෙවිඳාණන්ගේ පේ‍්‍රමය සහ උතුමාණන් හමුවීම ඔවුහු තෝරා ගත්හ.

”කෙනෙකු දෙවිඳාණන්ට අධික ලෙස පේ‍්‍රම කිරීමෙහි ලා සලකුණ වනුයේ ඔහු අධික ලෙස උතුමාණන් සිහි කරීමය. එමෙන් ම උන්වහන්ගේ හමුවීම ද ඔහු බලාපොරොත්තු වන්නේය. කවරෙකු යම් කරුණක් කෙරෙහි වැඩි වැඩියෙන් ඇළුම් කරන්නේ ද ඔහු එම කරුණු පිළිබඳ අධික ලෙස මතක් කරන්නේය.”

-අර්රබී ඉබ්නු අනස්



Tags: