02 මිනිසුන් අතර ඇති කරන පොදු බලපෑම්:

02 මිනිසුන් අතර ඇති කරන පොදු බලපෑම්:

02 මිනිසුන් අතර ඇති කරන පොදු බලපෑම්:

දේව ඇදහිලිවන්තයෙකුගේ සිතෙන් පිළිඹිඹු වනුයේ දේව විශ්වාසයේ බලපෑම සහ ඒක දේවවාදයෙහි බලපෑම යි. එනම් ඔහුගේ චර්යාවෙන් සහ මිනිසුන් සම`ග ක‍්‍රියා කිරීමේ දී යහපත් ගුණ ධර්ම ඔහු තුළින් නිකුත් වන්නේය. «යහගුණදම් පරිපූර්ණ කිරීම පිණිස මම එවනු ලැබුවෙමි.” යන්නෙන් දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය» (මූලාශ‍්‍රය : ‍බෛහකි)

දේව විශ්වාසය බැඳී පවතිනුයේ යහ ආචාරධර්මය හා සම`ගය «දේව ඇදහිලිවන්තයින්ගෙන් පරිපූර්ණ දේව විශ්වාසවන්තයා වනුයේ යහගුණදම් වලින් සපිරුණ සහ තම පවුලේ උදවිය සම`ග යහපත් අයුරින් කටයුතු කරන්නාය.” යන්නෙන් දේව¥ත මුහම්මද් තුමාණන් ප‍්‍රකාශ කළේය» (මූලාශ‍්‍රය : තිර්මිදි)

දෙවිඳාණන්ගේ අධීක්ෂණය යටතේ කල් ගෙවන දේව ඇදහිලිවන්තයා උතුමාණන් සිහිකිරීමේ ක‍්‍රියාවලියෙහි නිමග්නව සිටින්නේය. ඔහු මිනිසුන් සමඟ සතුටු සාමිච්චියෙන් ද කල් ගෙවන්නේය.

නිවැසියන් අතර සහ පවුලේ ඇතිකරන බලපෑම් :

01. දෙමාපියන් සමඟ යහපත් අයුරින් කටයුතු කරයි.

දෙමව්පියන්ගේ අයිතිවාසිකම් ලබා දීමට දේව විශ්වාසවන්තයා උත්සුක වන්නේය. දෙවිඳාණන් ඔවුන්ගේ සබඳතාව පිළිබද උතුම් කුරානයේ මෙලෙස සඳහන් කරන්නේය.

{(දේවදූත මුහම්මද්,) ඔබගේ පරමාධිපති ඔබට අණ කර ඇත්තේ ඔබලා ඔහුට හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නොකළ යුතු ය යන්නත් දෙමාපියන් සමග ඉතා ගරුත්වයෙන් කටයුතු කළ යුතු ය යන්නත් ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනා ම මහලූ වියට පත්වුවහොත් ඔවුන් දෙදෙනාට ‘‘චි’’ යනුවෙන් නො කියනු. එලෙසම ඔවුන් දෙදෙනා පිළිකුල් නො කරනු. ඔවුන් දෙදෙනාට කාරුණික වචනයෙන් ආමන්ත‍්‍රණය කරනු යන්නත් ය.එමෙන් ම නුඹ ඔවුන් දෙදෙනා වෙත දයාලූභාවයේ පියාපත් හෙළනු. මාගේ පරමාධිපතියාණනි, බාලවියේ ඔවුන් දෙදෙනා මා (කාරුණිකව සහ ආදරයෙන්) හදා වඩාගත් ආකාරයෙන් ම ඔවුන් දෙදෙනාට දයාන්විත වනු මැනවයි (දේවදූත මුහම්මද්,) යන්න ප‍්‍රාර්ථනා කරනමෙන් කියනු. නුඹලාගේ සිත් සතන් තුළ ඇති දේ නුඹලාගේ පරමාධිපති මැනවින් දනියි. නුඹලා දැහැමි (ලෙස ජීවත් වෙනවා) නම්, පසුතැවිලි වී ඔහු වෙත හැරෙන්නන්ට නියත වශයෙන් ම ඔහු ක්ෂමාශීලි ය}[උතුම් කුරානයේ 17 : 23 - 25 වැකිවල අදහස්]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {තම දෙමාපියන්ට යහපත් ලෙස සලකන මෙන් අපි මිනිසාට නියෝග කළෙමු. නමුත් නුඹට දැනුමක් නැති දෑ මට ආදේශ කරන්නැයි ඔවුන් දෙදෙනා නුඹට බල කළහොත්, එවිට ඔවුන් දෙදෙනාට නුඹ කීකරු නොවනු.නුඹලාගේ ආපසු පැමිණීම මා වෙතය. නුඹලා කරමින් සිටි දෑ ගැන එවිට මම නුඹලාට දන්වමි}
[උතුම් කුරානයේ 29 : 8 වැකියේ අදහස]

02. දුවා දරුවන් සමඟ යහපත් අයුරින් කටයුතු කිරීම.

නියත වශයෙන් ම දරුවන් මෙලොවෙහි ඔබගේ දෑසට සිසිලක් වන්නෝය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {වස්තූන් ද දරුවන් ද මෙලොව ජීවිතයේ අලංකාරයන් ය} [උතුම් කුරානයේ 18 : 46 වැකියේ කොටසක අදහස]

නියත වශයෙන් ම ඒක දේවවාදය විශ්වාස කරන්නා තම දුවා දරුවන්ට ආචාරශීලි ගුණය පෙවීමට උත්සුක වන්නේය. එමෙන් ම ඔවුන්ගේ දේව විශ්වාසය හේතුකොටගෙන තමා සහ තම පවුලේ උදවිය නිරා ගින්නෙන් ආරක්ෂා කරති. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {විශ්වාස කළවුනි, මිනිසුන් සහ ගල් ඉන්ධන බවට පත්වන නිරා ගින්නෙන් නුඹලාත් නුඹලාගේ පවුලේ අයත් ආරක්ෂා කරගනු.එහි සිටිනුයේ ක‍්‍රෑර සහ දරුණු සුරදූතයින් ය. දෙවිඳාණන් ඔවුනට අණවන දෑහි ඔවුහු අකීකරු නො වන්නෝය. තවද අණ කරනු ලබන දෑ කරන්නෝය}
[උතුම් කුරානයේ 66 : 06 වැකියේ අදහස ]

ඔවුන්ගේ හැදියාව පිළිබඳ මරණින් මතු දිවියේ දී විභාග කරනු ලැබේ. «මතක තබාගන්න, ඔබලා සියල්ලන් ම වගකිව යුත්තන් ය. ඔබලාගේ වගකීම පිළිබඳ මරණින් මතු දිවියේ දී විභාග කරනු ලැබේ. රටේ පාලකයා තම රටේ ජනතාවගේ වගකීම්දාරියා ය. තම පුරවැසියන් කෙරෙහි ඇති ඔහුගේ වගකීම පිළිබඳ විභාග කරනු ලැබේ. පිරිමියා තම පවුලට වගකිවයුත්තා ය. ඔහුගේ වගකීමට නතුවන උදවිය පිළිබඳ විභාග කරනු ලැබේ. කාන්තාව ඇගේ ස්වාමියාගේ පවුලේ උදවිය කෙරෙහි සහ තම දුවා දරුවන් කෙරෙහි තිබෙන වගකීම් පිළිබඳ විභාග කරනු ලබන්නීය. සේවකයා තම ස්වාමියාගේ ධනයට භාරකාරයා වන්නේය. ඔහු ඒ පිළිබඳ ප‍්‍රශ්ණ කරනු ලබන්නේය. මතක තබාගන්න, ඔබලා සියල්ලන් ම වගකිවයුත්තන් ය. තම තමන්ගේ වගකීම පිළිබඳ ඔබලා මරණින් මතු දිවියේ දී විභාග කරනු ලැබෙන්නෙහුය» (මූලාශ‍්‍රය : බුහාරි)

03. තම භාර්යාව සමඟ යහපත් අයුරින් කටයුතු කිරීම.

ඒක දේවවාදී ප‍්‍රතිපත්තිගරුක පුද්ගලයා තම බිරිඳ සමඟ යහපත් අයුරින් කටයුතු කළ යුතුය. තම බිරිය හා සම්බන්ධ කටයුතු වල දී දෙවිඳාණන් තමා අධීක්ෂණය කරන බව මතක තබා ගත යුතුය. ඇයගේ අයිතිවාසිකම් ඉටු කරදීමෙහි ලා සහ ඇයට උපකාර කිරීමෙහි ලා පසුබට නො වන්න. ඇය අසාධාරණයට ලක් කිරීමේ දී දෙවිඳාණන්ට බිය වන්න.

{ස්තී‍්‍රන් කෙරෙහි පුරුෂයින්ට ඇති අයිතිවාසිකම් මෙන් ම පුරුෂයින් කෙරෙහි ස්තී‍්‍රන්ට ද අයිතිවාසිකම් ඇත}[උතුම් කුරානයේ 02 : 228 වැකියේ කොටසක අදහස]

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය. «ඔබලාගෙන් ශ්‍රේෂ්ඨයා වන්නේ ඔබලාගේ පවුලේ උදවියට ශ්‍රේෂ්්ඨ වූ පුද්ගලයා ය. මම මාගේ පවුලේ උදවියට ශ්‍රේෂ්ඨ වෙමි»
(මූලාශ‍්‍රය : තිර්මිදි)

කාන්තාවන් පිරිසක් දේවදුත මුහම්මද් තුමාණන් වෙත පැමිණ තම ස්වාමිපුරුෂවරුන් පිළිබඳ පැමිණිලි කළෝය. එවිට එතුමාණෝ «නුඹලාගෙන් ශ්‍රේෂඨ පුද්ගලයා වනුයේ තම බිරිඳට ශ්‍රේෂ්ඨ වන්නා ය» යන්නෙන් පැවසුවෝය (මූලාශ‍්‍රය : ඉබ්නු මාජා)

04. තම ස්වාමිපුරුෂයා සමඟ යහපත් අන්දමින් හැසිරීම.

ඒක දේවවාදී ප‍්‍රතිපත්තිගරුක කාන්තාවකගේ සිතෙහි තමා අධීක්ෂණය කරන දෙවිඳාණන්ගේ බිය සදාකල් පවතින්නේය. එසේ ඇය තම දෙවිඳාණන්ට අවනත වී කටයුතු කිරීමට සහ තම ස්වාමියාගේ අයිතිවාසිකම් හැකි පමණින් ඉටු කිරීමට ප‍්‍රයත්න දරනුයේ එමඟින් ස්වර්ගයට හිමිකම් කීමටය.

«කාන්තාවක් පස් වේල් නමස්කාරය ඉටු කරමින්, උපවාසයේ නියැලෙමින්, තම පතිවත ආරක්ෂා කරමින් සහ තම ස්වාමියාගේ අණට කීකරු වන්නේ නම් ඇය පි‍්‍රය කරන දොරටුවෙන් ස්වර්ගයට පිවිසීමට ආරාධනා ලබන්නීය» (මූලාශ‍්‍රය : අහ්මද්)

ඇගේ ශක්තියට එහා ගිය වගකීම් සහ ක‍්‍රියාකාරම් ඇය මත නොපටවන ලෙස දෙවිඳාණන් විධාණය කරන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{ධනවතා තම සම්පත් අනුව වියදම් කළ යුතුව. යමෙක් ඔහුගේ සම්පත්හි නොපොහොසත් නම් දෙවිඳාණන් ඔහුට දුන් දැයින් ඔහු වියදම් කළ යුතුය. අල්ලාහ් කෙනෙකුට දී තිබෙන තත්ත්වයට ඉහළින් බර නො පටවන්නේය. දුෂ්කරතාවයට පසුව දෙවිඳාණන් පහසුවක් මතුවට ඇති කරන්නේය}[උතුම් කුරානයේ : 65 : 7 වැකියේ අදහස]

කිසිදු හේතුවකින් තොරව භාර්යාව තම ස්වාමියාගෙන් දික්කසාද නොවිය යුතුය. «කාන්තාවක් කිසිදු හේතුවකින් තොරව තම ස්වාමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටින්නේ නම් දෙවිඳාණන් ඇයට ස්වර්ගයේ ගන්ධය පවා තහනම් කරන්නේය» යන්නෙන් දේවදූත මුහම්මද් තුමාණන් ප‍්‍රකාශ කළේය(මූලාශ‍්‍රය : අහ්මද්)

අසල්වැසියන් සමඟ සහ ඥාතී හිතවතුන් සමඟ යහපත් අයුරින් කටයුතු කිරීම:

ඥාතීන් සමඟ එක්ව විසීම සහ අසල්වැසියන්ගේ අයිතිවාසිකම්.

ගැත්තෙකු දෙවිඳාණන් ඒකීය කර නැමදීමේ සහ තම ලේ ඥාතීන්, අසල්වැසියන් සමඟ කටයුතු කිරීමේ අතර සබඳතාවයක් පවතින්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {නුඹලා දෙවිඳාණන්ට ගැති වනු. ඔහුට කිසිවක් හෝ කිසිවෙකු ආදේශ නොකරනු. දෙමව්පියන්ට උපස්ථාන කරනු. තවද කිට්ටු ඥාතීන්ට ද අනත් දරුවන්ට ද දිළින්ඳන්ට ද ඥාතීන් වන අසල් වැසියන්ට ද ඥාතීන් නොවන අසල්වැසියන්ට ද අසල සිටින සහචරයින්ට ද මගීන්ට ද නුඹලාගේ දකුණු අත් හිමිකරගත් අය (වහලූන්)ට ද (උපස්ථාන කරනු) පුරසාරම් දොඩන අහංකාර වන්නන් නියත වශයෙන් ම දෙවිඳාණන් පි‍්‍රය නො කරන්නේය}
[උතුම් කුරානයේ 4 : 36 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {(කිට්ටු) ඥාතියාට ඔහුගේ උරුමය දෙනු. තවද දිළින්දාට ද මගියාට ද (ඔවුන්ගේ උරුමය දෙනු.) අල්ලාහ්ගේ සොම්නස පතන අයට එය ඉතා හොඳය. තවද ඔවුහු ම ය (සැබෑ) ජයග‍්‍රාහකයෝ} [උතුම් කුරානයේ 30 : 38 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : «දෙවිඳාණන්ගේ පැවැත්ම සහ මරණින් මතු දිවිය කවරෙකු විශ්වාස කරන්නේ ද ඔහු තමාගේ අසල්වැසියා සමඟ ආචාරධර්මානුකූල හැසිරිය යුතුය» යන්නෙන් දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය (මූලාශ‍්‍රය : මුස්ලිම්)

පොදු ජනතාව සමඟ කටයුතු කිරීම :

ඒක දේවාදී ප‍්‍රතිපත්තිගරුක පුද්ගලයාගේ ආචාරධර්මානුකූල හැසිරීම් සහ ඔහුගේ යහපත් ඔවදන් සාමාන්‍ය ජනයාට ප‍්‍රයෝජන ගෙන දෙන්නේය. මෙම ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේව ඇදහිලිවන්තයා දෙවිඳාණන්ට සමීප වන්නේය. යහපත් ගුණාංග

දෙවිඳාණන් උතුමාණන්ගේ දේවදූතයා පිළිබඳ මෙලෙස සඳහන් කරන්නේය.

{නියත වශයෙන් ම ඔබ අති ශ්‍රේෂ්ඨ වූ යහගුණෙහිය}[උතුම් කුරානයේ 68 : 04 වැකියේ අදහස]

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය. «ස්වර්ගයට ඇතුළුවන පිරිසගෙන් බොහෝ අය යහපත් ගුණාංග ඇත්තන් සහ අල්ලාහ් දෙවිඳාණන්ට අධික ලෙස බිය වන්නන් යග » [මූලාශ‍්‍රය : තිර්මිදි]

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය. «අල්ලාහ් දෙවිඳාණන්ට අධික ප‍්‍රිය වූ පුද්ගලයා වන්නේ අන් අයට ප‍්‍රයෝජනවත් වන්නා ය. උතුමාණන් ප‍්‍රිය කරන ක‍්‍රියාවන් නම්, මුස්ලිම්වරයෙකු සතුටට පත් කිරීම, ඔහුගේ දුෂ්කරතා ඔහු කෙරෙන් ඉවත් කිරීම, කුසගින්න නිවාලීම සහ ඔහුගේ ණය පියවීම ය.

පුද්ගලයෙකු තමාගේ සහෝදරයෙකුගේ අවශ්‍යතාවය ඉෂ්ඨකර දීම සඳහා පිටත්ව යෑම යනු ‘‘මස්ජිදුන් නබවි’’ (දේවදූත මුහම්මද් තුමාණන්ගේ දේවස්තානයෙ)හි මාසයක් ඉ:තිකාෆ් (රැඳී සිටීම) ට වඩා උතුම් වන්නේය»(මූලාශ‍්‍රය : තබරානි)

02. සත්‍යගරුකභාවය මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {විශ්වාස කළවුනි, අල්ලාහ් දෙවිඳාණන්ට බියබැතිමත් වනු. එමෙන් ම සත්‍යවාදීන් සමඟ සිටිනු}[උතුම් කුරානයේ 9 : 119 වැකියේ අදහස]

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය «සත්‍ය යහපත කරා රැගෙන යන අතර යහපත ස්වර්ගය කරා රැගෙන යන්නේය. ඔහු සත්‍යවන්තයෙකු ලෙස නම් දරන තුරු සත්‍ය ම කතාකරන්නේය. අසත්‍යය අයහපත කරා රැගෙන යන අතර අයහපත නිරය කරා රැගෙන යන්නේය. ඔහු අසත්‍ය වන්තයෙකු යැයි හංවඩුගැසෙන තුරු අසත්‍ය ම ප‍්‍රකාශ කරයි»
(මූලාශ‍්‍රය : බුහාරි)

දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය «කුහකයා සතුව ලක්ෂණ තුනක් පවති. ඉන් පළමුවැන්න නම් කතා කරන විට බොරුව තෙපළයි. දෙවැන්න පොරොන්දු වුවහොත් එය කඩ කරයි. තුන්වැන්න විශ්වාස කළහොත් එම විශ්වාසය පළුදු කරයි» (මූලාශ‍්‍රය : බුහාරි)

03. උපදෙස් ලබාදීම සහ වංචා නො කිරීම. «මිනිස් කණ්ඩායමක් නියෝජනය කිරීමේ වගකීම අල්ලාහ් දෙවිඳාණන් විසින් මහ පොළොවේ උන්වහන්සේගේ ගැත්තෙකුට ලබා දී තිබිය දී ඔහු එම කණ්ඩායමට වංචා කර එම වංචාවෙහි ම මිය ගියේ නම් අල්ලාහ් දෙවිඳාණන් ඔහුට ස්වර්ගය තහනම් කරන්නේය.” යන්නෙන් දේවදූත මුහම්මද් තුමාණන් දේශනා කළේය» (මූලාශ‍්‍රය : මුස්ලිම්)

දිනක් දේවදූත මුහම්මද් තුමාණන් වෙළඳපොළක් අසලින් ගමන් කළේය. එහි දී විකිණීමට තිබුණ ධාන්‍ය ගෝනියක් තුළ තම දෑත් බහාලූවේය. එම ධාන්‍යයෙහි තිබුණ තෙත් ගතිය එතුමාණන්ගේ දෑතට දැනුනි. එවිට හිමිකරුගෙන් «කුමක් ද මේ තෙතමනය?” යන්නෙන් විමසුවේය. එවිට ඔහු ”එය වැහි පොදට හසු වී තෙත් වුණි” යන්නෙන් පිළිතුරු දුන්නේය. එවිට එතුමාණන් ” තෙත් වූ මෙම ධාන්‍ය මිනිසුන්ට පෙනෙන සේ තබන මෙන් උපදෙස් කොට »කවරෙකු වංචා කරන්නේ ද ඔහු මාගේ පිරිවරට අයත් නො වන්නේය.” යන්නෙන් පැවසුවේය (මූලාශ‍්‍රය : මුස්ලිම්)

මුස්ලිම් නොවන පුද්ගලයින් අතර දේවදූත මුහම්මද් තුමාණන් පිළිබඳ වැරදි ආකල්ප බොහොමයක් පවතී. ඒක දේවවාදය පෙන්වා දුන් බවට බොහෝ චෝදනා එල්ල කරති. එතුමාණන් පෙන්වා දුන් ඒකදේව වාදය නම් ”නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකුත් නොමැති බව, මිනිසුන් පිළිගන්නා තුරු, ඔවුන් සමඟ වෙර දැරීමට මම අණ කරනු ලැබුවෙමි” කවරෙකු එතුමාණන්ගෙන් තම සම්පත් ආරක්ෂා කරගන්නේ ද ඔවුහු ම ය සත්‍ය ප‍්‍රතිපත්තිවාදීන් වනුයේ. (මූලාශ‍්‍රය : බුහාරි)

-ඉමාම් මාලික් ඉබ්නු අනස්



Tags: