02. බලාපොරොත්තු තැබීම:

02. බලාපොරොත්තු තැබීම:

02. බලාපොරොත්තු තැබීම:

දේව¥ත මුහම්මද් තුමාණන් දේශනා කළේය.”පහසු කරන්න. අපහසු නොකරන්න. සුභාරංචි පවසන්න. පිළිකුළ ඇති නොකරන්න. ”

සංකල්පය

බලාපොරොත්තු තැබීම යනු

දෙවිඳාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීම, උතුමාණන් විසින් පිරිනමනු ලැබූ භාග්‍යයන් පිළිබඳ සිහි කිරීම සහ එම තිළිණයන් මිනිස් දිවයට කෙලෙස වැදගත් වන්නේ ද යන්න පසක් කර ගැනීමය. කවරෙකු යහමග ජීවත් වන්නේ ද දෙවිඳාණන් ඔහුට උතුමාණන් කරා සහ ස්වර්ගය කරා සමීප වන මග පහසු කරදෙන්නේය.මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{යමෙකු පාපයක් කර හෝ තමාට ම වරදක් කර ඉන්පසුව දෙවිඳාණන්ගෙන් සමාව අයදින්නේ නම්, උතුමාණන්ගේ ක්ෂමාශීලී දයාන්විත බව ඔහු දකිනු ඇත}
[උතුම් කුරානයේ 04 : 110 වැකියේ අදහස]

එහි ප‍්‍රභේද

බලාපොරොත්තු තැබීම කොටස් තුනකින් සමන්විත වේ.

ඉන් කොටස් දෙකක් ප‍්‍රශංසනාත්මක වන අතර අනෙක අපකීර්තිය යි.

01 බලාපොරොත්තු තැබීම ; දෙවිඳාණන්ගෙන් කුලිය බලාපොරොත්තු වී උන්වහන්සේගේ අණසක වලට යටහත් පහත්ව අවනත වී කටයුතු කරන්නා.

02. බලාපොරොත්තු තැබීම ; කෙනෙකු පාප කි‍්‍රයාවෙහි නියැලීමෙන් අනතුරුව ඔහු විසින් සිදුවන ලද එම පාපයට දෙවිඳාණන්ගෙන් සමාව ලැබිය යුතු අතර එම පාපය වියැකී යා යුතුය, එම පාපය දෙවිඳාණන් විසින් අන් අයට ප‍්‍රසිද්ධ නොකර සැ`ගවිය යුතුය යන චේතනාවෙන් පාපක්ෂමාවේ නියැලෙන්නා.

03. පාපයන්හි සහ නරක ගතිපැවතුම්හි සීමාව ඉක්මවා නියැලෙන්නා. දෙවිඳාණන්ගේ ආශිර්වාදය සහ සමාව කිසිදු යහපත් කි‍්‍රයාවක නොනියැලීමෙන් බලාපොරොත්තු වන්නා. එය තමා විසින් තමා රවටා ගැනීමක් මෙන් ම හිස් බලාපොරොත්තුවක් ද වන්නේය. මෙය කිසිවිටකත් ප‍්‍රශංසනාත්මක බලාපොරොත්තුවක් නො වන්නේය. සත්‍ය දේව ඇදහිලිවන්තයෙකුගේ බලාපොරොත්තුව පවතින්නේ ඔහුගේ යහක‍්‍රියාවන් සමග ය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {නියතවශයෙන් ම සත්‍ය දේවවිශ්වාසකයින් ද (සිය ගම් හා නිවෙස් අතහැර) සංක‍්‍රමණය කළ අය ද දෙවිඳාණන්ගේ මාර්ගයේ ජිහාද් කළ අය ද වන ඔවුහු දෙවිඳාණන්ගේ දයාව අපේක්ෂා කරති. උතුමාණෝ ක්ෂමාශීලිය, අසමසම කරුණාන්විතය [උතුම් කුරානයේ 02 : 218 වැකියේ අදහස]

එහි තත්ත්වයන්

දෙවිඳාණන් කෙරෙහි තබන බලාපොරොත්තු එකිනෙකාට වෙනස් වන අතර එහි තත්ත්වයන් ද පවතින්නනේය. එනම්;

01. නමස්කාරයන් සහ වැඳුම් පිදුම් කිරීමට තිබෙන උත්සාහය පොළඹවන්නේය. එම ක‍්‍රියාවන්හි නිරතවන්නාට එම කාර්යයන් අසීරු වුව ද එය ඉටුකිරීමෙහිලා ඔහුට මිහිරක් ඇති කරන්නේය. එය ඔහු ව නරක ක‍්‍රියාවන්ගෙන් සහ ගතිපැවතුම් වලින් දුරස් කරන්නේය.

02. තම ස්වාමියාගෙන් තම දිශාව වෙනස් කරන සිතැඟි ආස්වාදයන් සහ චර්යාවන්ගෙන් මිදීමට උත්සහදරන්නන්ගේ බලාපොරොත්තුව.

03. සිතින් බලාපොරොත්තු තබන්නන් ; දෙවිඳාණන් කෙරෙහි සෙනෙහස දැක්වීම සහ උන්වහන්සේ හමුවීමට බලාපොරොත්තු තැබීම මඟින් තම සිත එක්ලැස් කර ගැනීම. මෙම බලාපොරොත්තුව ශ්‍රේෂ්ඨත ම මෙන් ම නිහතමානී ද වන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{තම පරමාධිපති මුණ ගැසීමට බලාපොරොත්තු වන අය දැහැමි ක‍්‍රියාවන් කළ යුතු අතර තම පරමාධිපතිට අවනත වීමේ දී කිසිවෙකු ආදේශ නොකළ යුතු යැයි පවසන්න}
[උතුම් කුරානයේ 18 : 110 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {යමෙකු දෙවිඳාණන් සම්මුඛ වීමට අපේක්ෂා කරන්නේ ද උන්වහන්සේ නියම කළ කාලය නියතවශයෙන්ම පැමිණෙන්නේය. ඔහු සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය}
[උතුම් කුරානයේ 29 : 05 වැකියේ අදහස]

යමෙකු දෙයක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු එය ප‍්‍රාර්ථනා කළ යුතුය.

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් අවබෝධ කර ගැනීම:

දෙවිඳාණන් කෙරෙහි බලාපොරොත්තු තබන පුද්ගලයා සැමවිටම උන්වහන්සේට අවනත වන්නේය. ඔහුගේ විශ්වාසය තව තවත් දියුණු විය යුතු යැයි ද යහ කි‍්‍රයාවන් ප‍්‍රතික්ෂේප නොවී පිළිගනු ලැබිය යුතු යැයි ද, ඔහුගේ කුලිය දෙගුණ විය යුතු යැයි ද ඔහු බලාපොරොත්තු වෙයි. තමන්ට හැකි අයුරින් දෙවිඳාණන්ගේ ආශිර්වාදය බලාපොරොත්තුවෙන් අන් අයට ඔහු පිහිට වන්නේය. දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් අවබෝධ කරගැනීමෙන් අනතුරුව ඔහුට පසක් වනුයේ තමා ගනුදෙනු කරනුයේ උත්තරීතර සහ පරම දයාලූ කෙනෙකු සමඟ බව ය. මෙලොවෙහි ආරක්ෂාව සහ දෙවිඳාණන්ගේ ආශිර්වාදය ඔහුට අත්‍යවශය බව ද ඔහුට වැටහෙන්නේය.

බලාපොරොත්තු තැබීමෙන් ලැබෙන ප‍්‍රතිඵල:

01. බලාපොරොත්තු තැබීමට, යහ ක‍්‍රියාවන්හි නියැලීමට සහ අවනත වීමට තිබෙන්නා වූ අවකාශයන් වර්ධනය වීම.

02. ඔහුගේ අවශ්‍යතාවයන් පටු වූව ද වෙනස් වූව ද නොකඩවා උන්වහන්සේට අවනත වීමට අවකාශය වර්ධනය වන්නේය.

03. මානසික තෘප්තියෙන් සහ යටහත් පහත්ව දෙවිඳාණන්ගෙන් ප‍්‍රාර්ථනා කිරීම මෙන් ම එම පැතුම් ඉෂ්ඨ වීම සඳහා ඉක්මන් නො වීම.

04. ගැතිභාවය සහ අවශ්‍යතාවයන් ගැත්තෙකුගේ ජීවිතයෙන් පිළිඹිඹු වන අතර ඇසිපිය හෙලෙන වේගයෙන් එම අවශ්‍යතාවයන් සැපිරෙන්නේය.

05. දෙවිඳාණන්ගේ පැවැත්ම අවබෝධය කරගැනීම සහ උන්වහන්සේට ගෞරව කිරීම. එවැනි පුද්ගලයින්ට බොහෝ තිළිණයන් සහ භාග්‍යයන් පිරිනැමෙණ අතර එම භාග්‍යයන් ඉතා අනර්ඝ ද වන්නේය. දෙවිඳාණන්ගෙන් පිහිටපතන්නන් මෙන් ම උන්වහන්සේ කරා සමීපවන්නන් කෙරෙහි දෙවිඳාණන්ගේ සෙනෙහස ද අධික වන්නේය.

06. උන්වන්සේ කෙරෙහි බලාපොරොත්තු තැබීම මගින් දෙවිඳාණන් උත්කෘෂ්ට වන්නේය. එමගින් ඔහු දෙවිඳාණන්ගේ සම්පූර්ණ අයිතිය ද ලබාදෙන්නේය. දෙවිඳාණන්ගේ සෙනෙහස අධිකවන විට ඔහු ප‍්‍රියකරන දේ හිමි කරගන්නේය. හිමි කරගැනීම් තුළින් ඔහු දෙවිඳාණන්ට කෘතඥපූර්වක වන අතර උන්වහන්සේගේ අප‍්‍රමාණ සෙනෙහසට ද භාජනය වන්නේය. මෙය නාමස්කාරයන්හි ප‍්‍රධාන අංගයන් වේ

දෙවිඳාණන් වෙත බලාපොරොත්තු තබන්නා සැමදා නමස්කාර කරන්නෙක් හැටියටත් උතුමාණන් විසින් පිරිනමනු ලැබූ භාගයන්වලට කෘතඥපූර්වක වන්නෙකු හැටියටත් සිටින්නේය. එමෙන් ම දෙවිඳාණන් කෙරෙහි යහ සිතුවිලි ද ඔහු තුළ පවතින්නේය. සත්‍ය දේව ඇදහිලිවන්තයාගේ සිතෙහි දෙවිඳාණන් පිළිබඳ යහ සිතුවිලි පවතින්නේය. එනමුත් අයහපත් පුද්ගලයාගේ සිතෙහි උතුමාණන් පිළිබඳ පවතින්නේ අශිෂ්ඨ සිතුවිලි ය.එමෙන් ම ඔහුගේ ක‍්‍රියාකාරකම් ද ශිෂ්ඨ සම්පන්න නො වන්නේය. දෙවිඳාණන් පිළිබඳ යහපත් සිතුවිලි තැබීමට ප‍්‍රථමයෙන් උතුමාණන් පිළිබඳ දැන හැඳින ගත යුතුය. උන්වහන්සේ පිළිබඳ අවබෝධ කරගන්නන්ට භාග්‍යයන් පිරිනැමීමට උතුමාණෝ අමතක නො කරන්නෝය.

07. තම ගැත්තා කෘතඥපූර්වක තැනැත්තෙකු හැටියට පත් කරන තත්ත්වයට තල්ලූකරනු ලැබෙන්නේය. එමඟින් තමාට ලැබුණ භාග්‍යයන් වලට කෘතඥපූර්වක වීමට ඔහු පෙළෙඹෙන්නේය. මෙය ගැතිභාවයේ සාරංශය යි.

08. දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ දැන හැඳින ගැනීම. උතුමාණන් අපරමිත දයාන්විත, අසමසම කරුණාන්විත මෙන්ම ප‍්‍රර්ථනාවන් ඉෂ්ට කරන්නෙකු බව අවබෝධවන්නේ එවිට ය.

09. දෙවිඳාණන් කෙරෙහි බලාපොරොත්තු තැබීම මඟින් ගැත්තෙකු මුදුන්පත් කරගන්නා කරුණු නම්, තමන් ප‍්‍රිය කරන දේ ලබා ගැනීම සහ තව තවත් අධික ලෙස ප‍්‍රාර්ථනාවෙහි නියැලීමට පෙළෙඹීම. මෙමඟින් ගැත්තෙකු දෙවිඳාණන් කරා අධික ලෙස යොමුවන්නේය.

10. සත්‍ය දේව ඇදහිලිවන්තයින්ගේ මරණින් මතු බලාපොරොත්තු සමුදාය වන දෙවිඳාණන් දැක ගැනීමට හැකි වීම , ස්වර්ගය ලබා ගැනීම සහ උතුමාණන්ගේ තෘප්තිය භාජනය වීම යන කරණු කාරණා මඟින් ඔවුහු ජය ගන්නෝය. මෙලොව දිවියෙහි උතුමාණන්ට බිය වීම සහ උතුමාණන් කෙරෙහි බලාපොරොත්තු තැබීම යන කාරණා සිදු වන්නේ දෙවිඳාණන්ගේ ම ආශිර්වාදය තුළිණි.

එහි විධිවිධාන සහ ඇඟවීම්

01. බලාපොරොත්තු තබන්නේ නම් ඒ පිළිබඳ බිය වීම ද අත්‍යවශ්‍ය වන්නේය. දෙවිඳාණන්ට ගැති ව කටයුතු කරන සත්‍ය දේව ඇදහිලිවන්තයා තුළ උන්වහන්සේ පිළිබඳ බිය ද තිබිය යුතු ය. එබැවින් කුමන ස්ථානයෙහි උතුමාණන්ට බිය වී කටයුත කළ යුත්තේ ද එහි බලාපොරොත්තු ද තිබිය යුතුය මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {නුඹලා දෙවිඳාණන්ට ගෞරව කිරීම අපේක්ෂා නො කරන්නේ මන් ද?}
[උතුම් කුරානයේ 71 : 13 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා : {ජනයාට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔහු ඵලවිපාක දෙනු පිණිස දෙවිඳාණන්ගේ දඬුවම බලාපොරොත්තු නොවන අයට සමාව දෙන්නැයි විශ්වාස කළවුනට කියනු} [උතුම් කුරානයේ 45 : 14 වැකියේ අදහස]

මීට පෙර ජීවත් වූ සමාජයන්හි විනාශය පිළිබඳවත් එම සිදුවීම් පිළිබඳවත් ඔවුහු ත‍්‍රාසයට පත් නොවෙති.

02 බලාපොරොත්තු තැබීම අපට අත්‍යවශය දෙයකි.

ලෞකික ආශාවන් සිතෙහි අධික වීමෙන් දේව නමස්කාරයන්ට තිබෙන ආශාවන් මිනිස් සිතෙන් හීන වී යනු ඇත.

තමාට හෝ තමාගේ පවුලට අනතුරු ඇතිවේ දෝ යන බිය මනුෂ්‍යයෙකුගේ සිතට ඇති වන්නේය. ඔහුගේ බිය දහමේ සිමාවෙන් ද ඉක්මවා යන්නේය. එම අවස්ථාවන්හි ඔහු එම ත‍්‍රාසය සමනය කර ගත යුතුය. එම බලාපොරොත්තු සපිරුණු බිය ඇදහිලිවන්තයෙකුගේ සිතෙහි හට ගැනීම සාමාන්‍ය දෙයකි.

03. බලාපොරොත්තු තැබීමෙහි විරුද්ධ පදය වනුයේ බලාපොරොත්තු රහිත වීම ය. බලාපොරොත්තුව රහිත වීම මිනිසාගේ සිතට නිරායාසයෙන් ම ඇතිවන්නේය. මෙය ඔහුට පිළිගත නොහැකි තත්ත්වය දක්වා ම රැගෙන යන්නේය. මෙය දේව ප‍්‍රතික්ෂේපභාවයට සහ දෙවිඳාණන්ට ආදේශ තැබීමට මඟ පාදන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා: {දෙවිඳාණන්ගේ දයාලූභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන් ම ප‍්‍රතික්ෂේප කරන ජනතාව මිස (කිසිවෙකුත්) දෙවිඳාණන්ගේ දායාලූභාවය ගැන බලාපොරොත්තු සුන් කර නොගනී (යැයි ඔහු කීය.)}[උතුම් කුරනයේ 12 : 87 වැකියේ කොටසක අදහස]

තුලාවක් ම`ගින් සත්‍ය දේව ඇදහිලිවන්තයෙක් දෙවිඳාණන් කෙරෙහි තිබෙන ගැතිභාවය සහ බලාපොරොත්තුව කිරා බැලී නම් ඒ දෙක එක හා සමානව වන්නේය. මරණින් මතු දිවියේ දී මාගේ ආනිසංස මාගේ පියාණන්ට ලබා දීමට මම බලාපොරොත්තු නො වෙමි. මන් ද මාගේ පියාණන්ට වඩා මාගේ පරමාධිපතියාණන් මට ශ්‍රේෂ්ඨ වන්නේය.

ඉමාම් සුෆියාන් අස් සව්රි

”බිය සහ බලාපොරොත්තුව මිශ‍්‍ර නොවීමෙන් කෙනෙකුගේ නමස්කාරයන් සම්පූර්ණ නො වන්නේය. බිය හේතුවෙන් තහනම් කි‍්‍රයාවන්ගෙන් වැළකී සිටිය හැකි ය. බලාපොරොත්තු තැබීමෙන් අධික ලෙස අවනත විය හැකි ය.”

(ඉමාම් ඉබ්නු කසීර්)



Tags: