දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාසය ගැත්තෙකු කෙරෙහි ඇති කරන බලපෑම්:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාසය ගැත්තෙකු කෙරෙහි ඇති කරන බලපෑම්:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාසය ගැත්තෙකු කෙරෙහි ඇති කරන බලපෑම්:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාසය ගැත්තෙකු කෙරෙහි ඇති කරන බලපෑම්:

01. එය විශ්වාස කිරීම තුළින් දෙවිඳාණන් අභිමතවන පුද්ගලයෙකු හැටියට ඔහු පරිවර්තනය වන්නේය. එම නාමයන් සහ ගුණාංගයන්හි අර්ථයන් තේරුම් ගැනීම තුළින් ඔහුට දෙවිඳාණන් කෙරෙහි ඇති විශ්වාසය ප‍්‍රගුණ වන්නේය. කවරෙකු අල්ලාහ් දෙවිඳාණන් පිළිබඳ දැන හැඳින ගන්නේ ද ඔහු තුළ උතුමාණන් පිළිබඳ ගෞරවය දියුණු වන්නේය. එබැවිනි කවරෙකු දෙවිඳාණන් පිළිබඳ අවබෝධ කරගන්නේ ද ඔහු උතුමාණන්ට අධික ලෙස බිය වන්නේය යනුවෙන් පවසනුයේ.

02. දේව විශ්වාසය ප‍්‍රගුණ වීම

මේ පිළිබඳ දැනගැනීම තුළින් දෙවිඳාණන්ගේ ඉමහත්භාවය ඔහු හැඳින ගන්නේය. මෙමගින් ඔහුගේ දේව විශ්වාසය ප‍්‍රගුණ වන අතර උතුමාණන් කෙරෙහි තිබෙන යටහත් පහත්භාවය ද ප‍්‍රගුණ වන්නේය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :{යහමග ගිය අයට, ඔහු (අල්ලාහ්) ඔවුන්ගේ යහමග දියුණු කළේය}[උතුම් කුරානයේ 47 : 17 වැකියේ කොටසක අදහස]

03. දෙවිඳාණන් පිළිබඳ මතකය

දෙවිඳාණන් පිළිබඳ දැනගන්නා පුද්ගලයා උන්වහන්සේ ප‍්‍රිය කරන්නේය. එමෙන් ම තම දෙවිඳාණන් සිහිකැඳවන පුද්ගලයාගේ සිතෙහි ආදරය සහ සෙනෙහස ප‍්‍රගුණ වන්නේය. එතුළ කෝපය කිසිවිටකත් නොපවතින්නේය.

04. දෙවිඳාණන්ගේ ආදරය

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{මිනිසුන් අතර අල්ලාහ් හැර (ඔහුට) ආදේශයන් (තබනු ලැබූ දෑ දෙවියෙකු වශයෙන්) ගත් අය ද සිටිති. ඔවුහු අල්ලාහ්ට පේ‍්‍රම කරන්නාක් මෙන් ඒවාට ද පේ‍්‍රම කරති. නමුත්, විශ්වාස කරන්නන් අල්ලාහ්ට පේ‍්‍රම කිරීමෙහිලා ඉතා දැඩිය}[උතුම් කුරානයේ 01 : 165 වැකියේ කොටසක අදහස]

ගැත්තෙකු විසින් තම දෙවිඳාණන්ගේ ගුණාංගයන් පිළිබඳ සහ ශ්‍රේෂඨත්වය පිළිබඳ හදාරනු ලැබුවේ නම් ඔහුගේ සිත උතුමාණන් කරා සමීප වන්නේය. දෙවිඳාණන් ඔහු හා සමග සමීප වන අතර උන්වහන්සේ හේතුවෙන් ඔහුගේ ආත්මය ආනන්දය ලබන්නේය.

ගැත්තෙකු මෙලෙස තම පරමාධිපතියාණන් හා සම්භාෂණය වීමේ දී සන්තෝස වන්නේය. එමෙන් ම  ඔහු ප‍්‍රාර්ථනා මගින් සහ බලාපොරොත්තු මගින් පාරිශුද්ධ වන්නේය. මේ සියල්ලක් ම ඔහුට ලැබෙනුයේ දෙවිඳාණන්ගේ ආදරය හේතුකොටගෙනය. එමෙන් ම දෙවිඳාණන් ව ද හිමි කරගන්නා පුද්ගලයෙකු හැටියට ද ඔහු පත්වන්නේය. දෙවිඳාණන් ඔහු ප‍්‍රිය කරන අතර ඔහු උන්වහන්සේ ප‍්‍රිය කරන්නේය.

05. උතුමාණන්ට ලැජ්ජා වීම.

දෙවිඳාණන් පිළිබඳ ගෞරවය ඔබ දැන හැඳින ගැනීමේ දී උතුමාණන් කෙරෙහි ඔබට ලැජ්ජාව හට ගන්නේය. එවිට මරණය පිළිබඳ අධික ලෙස ස්මරණය කරන අතර අධික ලෙස හඬන්නට ද පටන් ගන්නේය. එමෙන් ම දෙවිඳාණන් තෘප්තිමත් වන ආකාරයට තම ශරීරයේ අංගෝපාංගයන් ආරක්ෂා කරගන්නේය.

06. තම සිතැඟි නිහතමානි ලෙස පත්කර ගැනීම.

ඔබ උන්වන්සේගේ ගෞරවය පිළිබඳ හඳුනාගත්තේ නම් ඔබ ඔබගේ අගෞරවය පිළිබඳව ද දැනගත යුතුය. උතුමාණන්ගේ හැකියාව පිළිබඳ දැනගත්තේ නම් ඔබේ නොහැකියාව පිළිබඳව ද දැනගත යුතුය. උන්වහන්සේගේ රාජ්‍යයත්වය පිළිබඳ දැනගත්තේ නම් ඔබගේ දුප්පත්කම පිළිබඳව ද දැනගත යුතුය.

දෙවිඳාණන්ගේ අංගසම්පූර්ණත්වය හඳුනා ගත්තේ නම් ඔබගේ අඩුපාඩුව පිළිබඳව ද හඳුනාගන්න. උතුමාණන්ගේ ගුණාංගයන් සහ අලංකාර නාමයන් හඳුනා ගත්තේ නම් ඔබගේ නැතිබැරිකම සහ නොහැකියාව පිළිබඳ හඳුනාගන්න. මෙනිසාවෙනි ඔබ ගැත්තෙකු වන්නේ.
“දෙවිඳාණන්ගේ පැවැත්මෙහි ස්වභාවය කෙසේ ද යන්න කෙනෙකුට පැවැසිය නොහැකිය. එමෙන් ම දෙවිඳාණන් තමන් පිළිබඳ වර්ණනා නොකළ දෙයක් වර්ණනා නොකළ යුතුය. උන්වහන්සේගේ විෂයෙහි කිසිදු අභිප‍්‍රායක් ඉදිරිපත් නොකළ යුතුය මන් ද විශ්වයේ පරමාධිපතියාණන් මේ කරුණු කාරනා සියල්ලකට ම වඩා ශ්‍රේෂ්ඨ වන්නේය”
ඉමාම් අබූ හනීෆා තුමාණන්

Tags: