දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම:

{ඔහුට සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ‍්‍රාවකය, සර්ව දෘෂ්ටිකය} [උතුම් කුරානයේ 42 : 11 වැකියේ කොටසක අදහස]

01. දෙවිඳාණන්ගේ නාමයන් සියල්ලක් ම ඉතා අලංකාර ය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් එමගින් උන්වහන්සේ ආමන්ත‍්‍රණය කරනු}[උතුම් කුරානයේ 7 : 180 වැකියේ කොටසක අදහස]

නැමදීමට, ගරු කිරීමට, ආදරය කිරීමට, බිය වීමට සහ බලාපොරොත්තු තැබීමට උතුමාණන් පිළිබඳ අපි දැන හැඳින ගත්තෙමු.

02. දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණංගයන් මූලික කරුණු දෙකක් මත පදනම් වේ. එනම් උතුම් කුරානය සහ දේව¥ත මුහම්මද් තුමාණන්ගේ වැකි ය. මේ දෙක හැරෙන්න අන් කිසිම දෙයකින් දෙවිඳණන්ගේ නාමයන් සහ ගුණාංගයන් ස්ථිර කළ නොහැක. දෙවිඳාණන්ගේ ¥තයාණන් කුමක් ස්ථිර කළේ ද අපි ද එය ස්ථිර කරන්නෙමු. මෙම මූලාශ‍්‍රයන් දෙකෙහි සඳහන් නොවන වෙනයම් දෙයක් අප සඳහන් නොකළ යුතුය. දෙවිඳණන්ට ගැළපෙන නාමයෙන් උතුමාණන් ආරාධනා කළ යුතුය. නොගැළපෙන නාමයන් සහ තේරුම්වලින් සහිත වූ නාමයන්ගෙන් උතුමාණන් අරාධනය කිරීම නොකළ යුතුය.

03. කතා කිරීම යනු දෙවිඳාණන්ගේ ගුණාංගයෙහි සමන්විත වූ කරුණකි. එනම් උතුමාණන්ට පමණක් සීමා වූ සුවිශේෂි කතා විලාසයකි. එම කතා විලාසය කෙසේ ද යන්න අපි නොදනිමු. එමෙන් ම උතුමාණනගේ අලංකාර ගුණාංගයන් කෙසේ පවතී ද යන්න පවා අපි නො දනිමු. එම ගුණාංගයන් සහ නාමයන් පිළිබඳ කිසිදු විකෘතිභාවයකින්, සැසඳීමකින් ප‍්‍රතික්ෂේපභාවයකින්, සහ අනුවර්තනයකින් තොරව විශ්වාස කළ යුතුය.

04. දෙවිඳාණන්ගේ නාමයන්ට සහ ගුණාංගයන්ට ප‍්‍රකාශ කරනු ලැබූ අර්ථයන් හුදෙක් අසත්‍ය නො වන්නේය. එමගින් දෙවිඳාණන්ට ම අයිති වූ ගුණාංගයන් පිළිබඳ ප‍්‍රකට කරන්නේය. නිදසුනක් ලෙස ; සත්‍යවන්තභාවය, සර්වඥභාවය, සූක්ෂමභාවය, සර්ව ශ‍්‍රාවකභාවය සහ සර්ව දෘෂ්ටිකභාවය යන ගුණාංගයන් ය. මෙම නාමයන් ප‍්‍රකට කරන්නේ දෙවිඳාණන්ට ම අයිති වූ ගුණාංගයන් පිළිබඳ ය. එමෙන් ම දෙවිඳාණන් ඥානය, දැනුම, සූක්ෂමභාවය, දෘෂ්ටිය සහ ශ‍්‍රවණය පිළිබඳව ද විෂයන්හි ද නියැලෙන්නේය.

05. අල්ලාහ් දෙවිඳාණෝ උතුමාණන්ගේ දේවත්වය පළුදු කරවන සියලූ අඩුපාඩු වලින් නිර්දෝෂි වන්නෝය. එම සෑම විශේෂත්වයකින් ම ප‍්‍රකට කරනුයේ උතුමාණන්ගේ අංගසම්පූර්ණභාවය යි.

මේ පිළිබඳ දෙවිඳණෝ වදාළා: {ඔහුට සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ‍්‍රාවකය, සර්ව දෘෂ්ටිකය}[උතුම් කුරානයේ 42 : 11 වැකියේ කොටසක අදහස]

06. දෙවිඳණන්ගේ නාමයන් සහ ගුණාංගයන් අති උත්කෘෂ්ඨ වන්නේය. එම නාමයන්හි අර්ථයන් විවිධාකාර ය. එම නාමයන් හා ගැළපෙන බලපෑම් සම්බන්ධව ද විශ්වාසය තැබිය යුතුය. අසමසම කරුණාන්විතයා යන දෙවිඳාණන්ගේ නාමයෙහි උතුමාණන්ගේ ආදරය ගැබ් වී තිබේ. උතුමාණන්ගේ ගැත්තන්හට ආශිර්වාද කරන නිසාවෙන් මෙම නාමය උතුමාණන්ට යෙදී ඇත්තේය.

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා පිටිවහලක් වන වැදගත් කරුණු කාරණා

1.දෙවිඳාණන්ගේ නාමයන්හි ගණන සීමා සහිත රාමුවක් තුළ සීමිත කරනු නො ලැබුවකි. «ඔබ වහන්සේ පිළිබඳ නම් කර ලැබී ඇති සියලූ නාමයන් පිළිබඳ ඔබගෙන් කන්ලව් කරන්නෙමි. එසේත් නොමැති නම් එම නාමයන් ඔබ වහන්සේගේ කුමන හෝ මැවීමකට ඔබ දැනුම්වත් කර තිබේ. එසේත් නොමැතිනම් උතුම් කුරානයේ සඳහන් කර තිබේ. එසේත් නොමැති නම් ඔබ වහන්සේගේ ගුප්ත ඥානය තුළින් නම් කර තිබෙන උතුම් අංකාර නාමයන්ගෙන් කන්නලව් කරන්නෙමි» (මූලාශ‍්‍රය : අහ්මද්)

02. දෙවිඳාණන්ගේ නාමයන් තුළින් උතුමාණන්ගේ ඒකීයත්වය ගම්‍ය වන්නේය. එම නාමයන්ට සමාන කිසිදු නාමයක් නොමැත. මෙම නාමයන්ගෙන් තොර වෙනත් නාමයන්ගෙන් දෙවිඳාණන් ආරාධනා නොකළ යුතුය. නිදසුනක් ලෙස දෙවිඳාණන් “අපරිමිත දයාන්විතයා ය” මෙම නාමයෙන් හැර වෙනත් නාමයන් ගෙන් ද ඔහු අරාධනා කළ හැකිය. එම නාමයන් හා ගුණාංගයන් පරිපූර්ණ ද විය යුතුය.

03. දෙවිඳාණන්ගේ නාමයන්ගෙන් ගුණාංගයන් උපුටා ගනු ලැබේ. සෑම නාමයක් ම කිනම් හෝ ගුණාංගයකින් සමන්විතය. එනමුත් ගුණාංගයන්ගෙන් නාමයන් උපුටා ගනු නො ලැබේ. අපි දෙවිඳාණන් කෝප වන්නේය යන්නෙන් පවසන්නෙමු. එනමුත් උතුමාණන් කෝපවන්නෙකි යනුවෙන් නො පවසන්නෙමු. මෙවැන් ගුණාංගයන්ගෙන් උතුමාණන් පරිශුද්ධ වන්නේය.



Tags: