අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් විශ්වයේ ඇති කරන බලපෑම්:

අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් විශ්වයේ ඇති කරන බලපෑම්:

අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් විශ්වයේ ඇති කරන බලපෑම්:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීමේ දැනුම තවත් බොහෝ ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ හැදෑරීමට පොළඹවන්නේය. දෙවිඳාණන්ගේ එක් එක් නාමයන්ට සුවිශේෂි වූ ගුණාංගයක් ඇත. සෑම ගුණාංගයකින් ම දෙවිඳාණන්ගේ කිනම් හෝ ශක්තියක් පිළිබඳ ප‍්‍රකට කරන්නේය. උතුමාණන්ගේ නාමයන් ගුණාංගයන්ගෙන් හෝ ගුණාංගයන් නාමයන්ගෙන් ඉවත් නො වන්නේය. එනම් පරමාධිපතියාණන්ගේ ගුණාංගයන් ක‍්‍රියාවන්ට පටහැනිව හෝ උතුමාණන්ගේ ක‍්‍රියාවන් ක‍්‍රියාකාරිත්වයට පටහැනිව හෝ නොපතී.

දෙවිඳාණන්ගේ කි‍්‍රයාවන්හි කිනම් හෝ සුක්ෂමභාවයක් එසේත් නොමැති කින්ම් හෝ යහපතක් පවතින්නේ ම ය. එම නාමයන්ගෙන් ප‍්‍රකට වන්නේ යහපත පමණි. දෙවිඳාණන් අනිවාර්යය කළ කරුණක් වියැකී යාම උතුමාණන්ගේ විෂයෙහි කිසිවිටකත් සිදු නො වන්නේය. අණ කිරීම්, තිළිණ ලබා දීම සහ දඬුවම් කිරීම් යන කි‍්‍රියාවන් උතුමාණන්ට සුදුසු නො වන්නේය යන්නෙන් කවරෙකු පවසන්නේ ද දෙවිඳාණන් ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේය. උතුමාණන්ට සුදුසු ක‍්‍රියාවන්ගෙන් කවරෙකු පරමාධිපතියාණන් දුරස් කරන්නේ ද ඔවුන් පවසන දේට වඩා දෙවිඳාණන් සුවිශුද්ධ වන්නේය. එමෙන් ම දෙවිඳාණන්ගේ ගෞරවය පළුදු කිරීම සහ හානි පමුණුවීම ඉතා නරක ක‍්‍රියාවකි. දේව¥ත මෙහෙවර සහ දේවග‍්‍රන්ථයන්හි පහළ වීම කවරෙකු ප‍්‍රතික්ෂේප කරන්නේ ද දෙවිඳාණන් විසින් ඔහු ප‍්‍රතික්ෂේප කරනු ලැබෙන්නේය.{කිසිදු මනුෂ්‍යයෙකුට දෙවිඳාණන් අල්ලාහ් කිසිවක් පහළ නො කළේය. යන්නෙන් ඔවුහු පැවසූහ. අල්ලාහ් තක්සේරු කළ යුතු අයුරින් නිසිලෙස තක්සේරු නො කළහ}
[උතුම් කුරානයේ 06 : 91 වැකියේ කොටසක අදහස]

දෙවිඳාණන්ගේ පොරොන්දු, ද`ඩුවම් සහ ආනිසංස ප‍්‍රතික්ෂේප කරන්නන් පිළිබඳ සඳහන් කරන්නේය.{අගය කළ යුතු පමණට ඔවුහු අල්ලාහ් අගය නොකළෝය. (ඔහුගේ බලපරාක‍්‍රමය කෙබඳු ද යත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුළු මහත් මහ පොළොව ම ඔහුගේ ග‍්‍රහණයෙහිය. අහස් ද ඔහුගේ දකුණු අතෙහි හකුළුවන ලදී. ඔහු සුවිශුද්ධය. ඔවුන් සමාන කරන දැයින් ඔහු අත්‍යුත්කෘෂ්ටය}
[උතුම් කුරානයේ 39 : 67 වැකියේ අදහස]

ධර්මිෂ්ඨයන් , අයුක්තිසහකයින්, ඇදහිලිවන්තයින් සහ අවිශ්වාසිකයින් අතර ඇති ගිවිසුමට එකඟ වන අය පිළිබඳ දෙවිඳාණෝ සඳහන් කරනවා

{යහකම් කළ අය මෙන් පව් කළ අය ඔවුන්ගේ ජීවිතයේ දී ඔවුන්ගේ තීරනයේ දී අපි එක සමාන කරන්නෙමු දැයි සිතන්නෙහි ද ? ඔවුන් කරන තීන්දුව ඉතා දුෂ්ඨය}[උතුම් කුරානයේ 45 : 21 වැකියේ අදහස]

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් ප‍්‍රතික්ෂේප කිරීම නරක විනිශ්චයක් බව ද උතුමාණන් පවසන්නේය.

මේ පිළිබඳ දෙවිඳා‍ණෝ වදාළා:

{අප හුදෙක් නිකමට නුඹලා මැව්වේ යැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයි ද නුඹලා සිතන්නෙහු ද? සත්‍ය රජාණන් වූ අල්ලාහ් අති්‍යුත්කෘෂ්ටය. ඔහු හැර (වෙනත්) දෙවියෙක් නැත. (ඔහු) උදාර උච්චාසනයෙහි පරමාධිපතිය}
[උතුම් කුරානයේ 23: 115 - 116 වැකිවල අදහස්]

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් ප‍්‍රතික්ෂේප කරනු ලබන ප‍්‍රශ්න විභාගයන්ගෙන් වඩා උතුමාණන් උසස් වන්නේය.

මේ පිළිබඳ බොහෝ කරුණු කාරණා ගැන දෙවිඳාණන් අල්ලාහ් උතුම් කුරානයේ සඳහන් කරන්නේය. එමෙන් ම උතුමාණන්ගේ නාමයන්හි මෙන් ම ගුණාංගයන්හි කැළැල් ඇති විම ද උතුමාණන් වළක්වාලන්නේය.

දෙවිඳාණන්ගේ ප‍්‍රශංසනීය යන නාමය මිනිසා මිත්‍යා විශ්වාසයන් මෙන් ම පුහු අටෝපයන්ගෙන් මුදවා ගන්නේය. එනම් මිනිසාට අණකිරීම් නොකළ යුතු බවත්, තිළිණ හෝ දඬුවම් ලබා නොදිය යුතු බවත්ය. රජු මෙන් ම සදාජීවමාන යන නාමයන් මිනිසා මිනිසාගේ ක‍්‍රියාකාරිත්වයන් වළක්වාළන්නේය. මිනිස් දිවිය යනු ක‍්‍රියාව හා සම්බන්ධ දෙයකි. ජීවතුන් අතර සිටින සියල්ලන් ම ක‍්‍රියාත්මක විය යුතුය. උතුමාණන් මැවීම්කරුවීම සහ ස්ථිරව සිටීම අනිවාර්යය වන්නේය. මිනිසාගේ දිවියට අවශ්‍ය සියලූ ජීවනාවශ්‍යතාවයක් ම සපුරා දීම උතුමාණන්ගේ වගකීම වන්නේය. සර්ව ශ‍්‍රාවකයාණෝ, සර්ව දෘෂ්ටිකයාණෝ යන දෙවිඳාණන්ගේ නාමයන් උතුමාණනගේ දෘෂ්ටියත් ශ‍්‍රවණයත් අනිවාර්යය කරන්නේය. මැවීම්කරුවාණෝ යන දෙවිඳාණන්ගේ නාමය මැවීම් පිළිබඳ ස්ථිර කරන්නේය. ජීවනාවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නා මෙන් ම පාලනය කරන්නා යන නාමයන් දෙවිඳාණන්ගේ රාජ්‍ය පාලනයත් උතුමාණන්ගේ ලබාදීමේ, වැළැක්වීමේ, යහපත සලසා දීමේ, සාධාරණය ඉෂ්ට කිරීමේ සහ දඬුවම් ලබා දීමේ ගුණයන් ප‍්‍රකට කරන්නේය. උතුමාණන්ගේ අනෙකුත් නාමයන් වන යහපත සලසා දෙන්නා සහ ධනය ලබා දෙන්නා උක්ත ගුණාංගයන් පිළිබඳ ප‍්‍රකට කරන්නේය. ක්ෂමාශීලිභාවය සහ තිළිණ ලබා දෙන්නා යන නාමයන් මෙම ගුණාංගයන් සමඟ සම්මත වන්නේය. වැරද්දක් සිදුවී තිබුනේ නම් එයට සමාව ලබාදිය යුතුය.

එබැවින් පාපක්ෂමාවේ නියැලූනේ නම් ඔහුගේ පාපයට සමාව ලැබෙනු ඇත. සාධාරණය ඉෂ්ට කරන්නා මෙන් ම සූක්ෂම ලෙස කටයුතු කරන්නා යථෝක්ත නාමයන් හා සම්බන්ධ වන්නේය. නිර්මාතෘ සමඟ නිර්මාණයන් ද අහාර සපයන්නා සමඟ ආහර වෙනුවෙන් හූල්ලන්නන් ද හිමිකර දෙන්නා සමඟ හිමිකරගන්නා ද වළක්වන්නා සමඟ වැළකුණ අය ද යන ගුණාංගයන් අනෙකුත් ගුණාංගයන් සමඟ මෙලෙස යාවෙන ආකරය අපට දැකගත හැකිය. මේ සියල්ලක් ම දෙවිඳාණන්ගේ උත්කෘෂ්ට නාමයන් වන්නේය.

දෙවිඳාණන් උතුමාණන්ගේ ස්වභාවයෙහි මෙන් ම තත්ත්වයෙහි සිටිය යුතුය. ඔහු සමාව දෙන්නාය එමෙන් ම ඔහුගෙන් සමාව අයැදීම ප‍්‍රියකරන්නා ද වන්නේය. උතුමාණන්ගෙන් පාපක්ෂමාව අයදින විට දී ගැත්තා ජයග‍්‍රණය කරනු ලබන්නේය. මන් ද යත් එවිට උතුමාණන්ගේ සතුට කෙසේ පවතී ද යන්න කිසිවෙකුටත් අදහාගත නොහැකි වන්නේය.

දෙවිඳාණන් අල්ලාහ් ප‍්‍රශංසනීය වන්නේය. එබැවින් එම ප‍්‍රශංසාව උතුමාණන්ට බලපෑම් කරන්නේය. එම බලපෑම් නම් ගැත්තාට සමාව ලබා දීම, දඬුවමින් මුදවා ගැනීම වැනි දේවල් ය. දෙවිඳාණන් විසින් තම ගැත්තා දඬුවමට පාත‍්‍ර කිරීමේ හැකියාව තිබියදීත් ඔහුට සමාව දීම ම`ගින් උතුමාණන්ගේ මහාශාක්‍යභාවය පෙන්නුම් කර දෙන්නේය. මේ සියල්ලකට ම හේතු වනුයේ දෙවිඳාණන්ගේ ප‍්‍රශංසනීය යන ගුණාංගය යි. ජේසුස් වහන්සේගේ ප‍්‍රකාශයක් පිළිබඳ දෙවිඳාණන් උතුම් කුරානයේ මෙලෙස සඳහන් කරන්නේය.

{ඔබ ඔවුනට දඬුවම් කළා නම්, සැබැවින් ම ඔවුහු ඔබේ ම ගැත්තෝ වෙති. තවද ඔබ ඔවුනට සමාව දෙතොත් නියත වශයෙන් ම ඔබ සර්ව බලධාරීය, සර්ව ප‍්‍රඥාවන්තය (යැයි ඊසා පැවසුවේය.)}
[උතුම් කුරානයේ 5 : 118 වැකියේ අදහස]

දෙවිඳාණන්ගේ සමාව උතුමාණන්ගේ ශක්තියෙහි උසස් තැනක පවතින්නේය. උතුමාණන්ගේ ශක්තිය හේතුකොටගෙන මිනිසාගේ මුග්දභාවයට සමාව ලැබෙන්නේය. දෙවිඳාණන් අල්ලාහ් සර්ව ප‍්‍රාඥය එමෙන් ම තමා වෙතට පෙරළා එන මිනිසාගේ පුනරාගමනය ද උතුමාණන් අපේක්ෂා කොට සිටින්නේය.

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් මෙලොව ඇති කරන බලපෑම් පිළිබඳ සිතුවේ නම් පහත සඳහන් කරුණු අපට ගම්‍ය වන්නේය. වැරදි සියල්ලක් ම සිදුවනුයේ මිනිසාගෙන් ය. මෙම අයහපත් ක‍්‍රියාවන් හේතුකොටගෙන දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන්හි තරාතිරම පරීක්ෂණයට භාජනය වන්නේය. මෙලෙස පරීක්ෂණයට භාජනය වීමට හේතුවනුයේ අල්ලාහ් දෙවිඳාණන් ප‍්‍රශංසනීය යි යන නිසාවෙනි. දෙවිඳාණන් ඒකදේවවාදී සංකල්පය මෙන් ම පරිපාලනය සංකල්පයෙහි දැඩි ලෙස කටයුතු කරන්නේය.

තම සාධකයන් පෙරටු කරගෙන දෙවිඳාණන් තම ගැත්තන්ට උතුමාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පැහැදිළි කර දෙන්නේය. උතුමාණන් අසමසම කරුණාන්විත නිසාවෙනි සියල්ලක් ම උතුමාණන්ගෙන් විමසනු ලබනුයේ. එවිට අධික ලෙස දෙවිඳාණන් සිහිකැඳවනු ලැබෙන අතර ප‍්‍රශංසාවට මෙන් ම කෘතඥභාවයට පාත‍්‍රවන්නේය. දෙවිඳාණන්ගේ නාමයන් පිළිඅරගෙන් එමඟින් උතුමාණන්ට වැඳ නමස්කාර කරන්නේය. දෙවිඳාණන්ගේ එක් එක් නාමයන් එක් එක් නමස්කාරයන් පිළිබඳ හඟවන්නේය. මිනිසුන්ගෙන් අංගසම්පූර්ණ ලෙස දෙවිඳාණන්ට නමස් කරන පුද්ගලයා හැටියට නම් කරනු ලබන්නේ උතුමාණන්ගේ නාමයන් සහ ගුණංගයන් පාදක කොට ගෙන පරමාධිපතියාණන්ට නමස්කාර කරන්නාය. දෙවිඳාණන්ගේ නාමයක් තවත් නාමයකයට පටහැනි නො වන්නේය. සර්ව බලධාරියා යන නාමය අපරිමිත දයාන්විතයා යන නාමයට පටහැනි නො වන්නේය. සියල්ල හිමිකරදෙන්නා යන නාමය වළක්වන්නා යන නාමයට පටහැනි නො වන්නේය. ක්මාෂීලියා යන නාමය දඬුවම් කරන්නා යන නාමයට ද පටහැනි නො වන්නේය.

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:

{දෙවිඳාණන් අල්ලාහ්ට අලංකාර නාමයන් ඇත. එමඟින් ඔහු ආමන්ත‍්‍රණය කරන්න}[උතුම් කුරානයේ 07 : 180 වැකියේ කොටසක අදහස]

ප‍්‍රාර්ථනාවක් යනු දෙවිඳාණන්ගෙන් කන්නලව් කිරීමක්, ඔහු ප‍්‍රශංසා කිරීමක් හෝ උතුමාණන් නැමදීම යන කි‍්‍රයාවන් අන්තර්ගත වන්නේය. තම ගැත්තන්ට උතුමාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ අධ්‍යනය කරන මෙන් දෙවිඳාණන් අණ කරන්නේය. එම`ගින් ප‍්‍රශංසා කරන මෙන් සහ නමස්කාර කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ හිමිකරගන්නා ලෙස තම ගැත්තන්ට දෙවිඳාණන් ආරාධනා කරන්නේය.

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන්හි අන්තර්ගත කරුණු උතුමාණන්ට බෙහෙවින් ප‍්‍රිය වන්නේය. උතුමාණන් සර්ව ඥානී නිසාවෙන් විද්වතුන්ට ප‍්‍රිය කරන්නේය. නැතිබැරි අයට උපකාර කිරීමේ ගුණය උතුමාණන සතු වන නිසා දුප්පතුන්ට තම ධනයෙන් වියදම් කරන්නන්ට දෙවිඳාණන් ආදරය කරන්නේය. දෙවිඳාණන් ඒකීය වන නිසා ඒකීයභාවය ප‍්‍රිය කරන්නේය. උතුමාණන් අලංකාර නිසා අලංකාරය ප‍්‍රිය කරන්නේය. පරමාධිපතියාණන් ක්ෂමාශීලි නිසා සමාව ලබාදෙන්නන් පි‍්‍රිය කරන්නේය. ඔහු ලැජ්ජාශීලීය ලැජ්ජාශීලි අය ප‍්‍රිය කරන්නේය. ඔහු උතුමාණන්ය මිනිසුන්ට සෙනෙහස දක්වන්නන් උතුමානන් ද ප‍්‍රිය කරන්නේය. උතුමාණන්ට කෘතඥපූර්වක වන්නන්ට ද ප‍්‍රිය කරන්නේය. ඔහු ඉවසිලිවන්තයාය ඉවසීමෙන් කටයුතු කරන්නන්ට ප‍්‍රිය කරන්නේය.

”ඉහත සඳහන් දෙවිඳාණන්ගේ ගුණාංගයන් වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ ගුණාංගයකට සමාන නො වන්නේය. උතුමාණන්ගේ නාමයන් කිසිවෙකුටත් දෙවැනි නොවන අතර එය අභිබවා යෑමට ද කිසිවෙකුටත් නො හැක්කේය.”

(ඉමාම් අබූ හනීෆා)



Tags: