උත්තරීතර අල්ලාහ්

උත්තරීතර අල්ලාහ්
උත්තරීතර අල්ලාහ්
දෙවිඳාණන් අල්ලාහ් නැමදීමට මෙන් ම ප‍්‍රශංසාවට ද සුදුස්සා ය
නැමදීමට සුදුස්සා මෙන් ම, සියලූ ප‍්‍රශංසාහි හිමිකරු වන්නේ දෙවිඳාණන් අල්ලාහ් ය. අහස් කුසේ මෙන් ම මහ පොළොවේ තිබෙන්නා වූ සියලූ ම වස්තූහු උතුමාණන් සුවිශුද්ධ කරමින් සිටිති.
රාති‍්‍රයත් එහි අඳුර පතිත වන දෑ ද දහවලත් එහි ආලෝකය පතිත වන දෑ ද මහා සාගරයත් එහි අඩංගු දෑ යනාදී සියල්ල ම නිරතුරු ව ම දෙවිඳාණන් අල්ලාහ් දෙවිඳාණන් උත්කෘෂ්ට කරමින් සිටියි.මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ පවසති:
{අහස් කුසවල්වල ද මහපොළොවේ ද ඇති සියල්ල උතුමාණන් සුවිශුද්ධ කරමින් ම සිටියි. මේවායින් ඔහු ව සුවිශුද්ධ කරමින් ප‍්‍රශංසා නොකරන කිසිවක් නැත. එහෙත්, ඒවාහි සුවිශුද්ධිය සහ ප‍්‍රශංසා ඔවුනට නොවැටහෙනු ඇත.} [උතුම් කුරානයේ 17:44 වැකියේ අදහස]
අන් කව්රුත් නොදන්නා ගුප්ත දෑ පිළිබඳ දෙවිඳාණෝ දැනුමැත්තා ය.
දෙවිඳාණන් පිළිබඳ දැන හඳුනා ගැනීමෙන් ආත්මවලට ශාන්තිය ලැබෙන්නේය. දෙවිඳාණෝ තම ගැත්තන්ගේ හදවත් එකිනෙකාට වෙනස් ව හා තම අවශ්‍යතාවයන් දෙවිඳාණන් වෙත ගෙන හැර පෑමේ ගුණාංගයෙන් සපිරුණු හදවතක් ලෙස මවා ඇත.
දෙවිඳාණන් තම දේවත්ව ගුණාංගය, සියලූ ගුණාංග මගින් සංලක්ෂිත දිව්‍ය ගුණාංගයක් බව සැමට ම දැනුම්වත් කර තිබේ.
දෙවිඳාණන්ට ගැත්තන් කෙරෙහි ඇති අවශ්‍යතාවය
දුක් දොම්නස්වලින් තමා මුදවා ගන්නා කෙනෙකු කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාවය ගැත්තෙකු ට ඇති වන්නේය. ඒ වෙනුවෙන් ම ඔහු නිර්මාණය ද කරනු ලැබුවේ ය. ඔහුට තම සියලූ කටයුතු වල දී දෙවිඳාණන්ගේ අවශ්‍යතාවය ඇති වන අතර දෙවිඳාණන්ගේ තෘප්තිය ද බලාපොරොත්තු වන්නේය.
ගැත්තෙකුට දෙවිඳාණන් කෙරෙහි අවශ්‍යතාවයක් ඇති වන විට, ඔහු උන්වහන්සේ වෙත අධික ව සමීප වන්නේය. එමෙන් ම දෙවිඳාණන් සතු ව ඇති දෑ කෙරෙහි ස්ථීර විශ්වාසයෙන් සහ ඉවසීමෙන් සිටි නිසා, දෙවිඳාණෝ තම මැවීම්වලට නායකයෙකු හැටියට ඔහු පත් කරති. මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ පවසා සිටිති:{අපගේ නියෝග ඉවසිලිමත් ව විඳ දරාගෙන, අපගේ සාධක ස්ථිර ව විශ්වාස කළ, ඔවුන්ගෙන් සමහරෙකු අපගේ නියෝගවලට අනුව යහ මග පෙන්වන නායකයින් හැටියට අපි පත් කළෙමු.}
[උතුම් කුරානයේ 32:24 වැකියේ අදහස]
මෙනිසා ය දෙවිඳාණන් ඉවසීම සහ විශ්වාසය ධර්මයේ මූලාකාංග හැටියට පත් කර ඇත්තේ.
ආදරය සෙනෙහස සහ ගෞරවය දැක්වීම පිණිස ඔවුහු මවනු ලද්දෝය. ඔවුන්ගේ සැබෑ දෙවිඳාණෝ අල්ලාහ් ය.
මැවීම් සහ මැවුම්කරුවාණන් වන දෙවිඳාණන් අතර සබඳතාවයකින් මෙම නිර්මාණ ගොඩනැගී ඇත.
දැනුම දැනුමෙන් ම සම්භාවනීය වේ
දැනුමෙහි සුවිශේෂි භාවය රඳා පවතිනුයේ එම දැනුම හදාරන්නා තුළ ය. දෙවිඳාණෝ තමන්ගේ නාම, ගුණාංග, සූක්ෂමභාවය සහ මැවීම් කෙරෙහි තිබෙන්නා වු අයිතිවාසිකම් පිළිබඳ දැනුම්වත් කිරීමෙහි ලා ශ්‍රේෂ්ඨයා ය. එමෙන් ම, උතුම් අල් කුරානයේ තුනෙන් එකකට සමාන වන ඉහ්ලාස් නම් පරිච්ඡේදය ද ඒක දේවවාදයෙන් අනූනය.
මිනිස් සිත තුළ වර්ධනය වන දේව විශ්වාසය හැර අන් සියල්ලක් ම කෙදිනක හෝ වියැකී යනු ඇත. දෙවිඳාණන් හැර තමාට උදව් උපකාර කළ උදවිය කෙදිනක හෝ ඔබ හුදෙකලා කොට යනු ඇත.
සියල්ලකට ම සාධක පවතී
දෙවිඳාණෝ තම මැවීම් මගින් තමන්ගේ පැවත්ම, ඒකීයත්වය, බල පරාක‍්‍රමය සහ ශ්‍රේෂ්ඨත්වය මොනවට විදහා දක්වති. එබැවින්, එම සාධක දෙස බලා උන්වහන්සේගේ බල පරාක‍්‍රමය පිළිබඳ අවබෝධ කර ගන්නා ලෙස අපට අණ කරති. අවබෝධ කර ගන්නාට මෙන් ම බුද්ධිමතුන්ට ද මෙහි සාධක තිබෙන බව උන්වහන්සේ දැනුම්වත් කරති.
දේවත්වය ස්ථිර කරන්නා වූ උතුම් කුර්ආනීය වැකි කෙරෙහි අපගේ අවධානය යොමු කරමු මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති: {ස්ථිර ව විශ්වාස කළ අයට මහ පොළොවේ බොහෝ සාධක ඇත්තේය. ඔබ තුළ ද බොහෝ සාදක පවතී. ඒවා දෙස ඔබ අවධානයෙන් බැලිය යුතු නොවේ ද?}
[උතුම් කුරානයේ 51 : 20,21 වැකිවල අදහස්]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති:{අහස් කුසවල්වල ද මහ පොළොවේ ද ඇති දෑ කෙරෙහි අවධානය යොමු කරන ලෙස පවසන්න.}
[උතුම් කුරානයේ 10:101 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති:
{ඔබලාගේ පරමාධිපතියාණෝ දෙවිඳාණෝ ය. උතුමාණෝ අහස හා මහ පොළව දවස් හයක දී මැවූහ. ඉන් පසු, සිය ආධිපත්‍යයේ උච්චාසනය මත ස්ථාපිත වී විශ්වයේ සියලූ කටයුතු පාලනය කළහ. උතුමාණන්ගේ අනුමැතියෙන් තොර ව, ඔහු වෙත මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම පරමාධිපතියාණෝ ඔබලාගේ දෙවිඳාණෝ ය. එබැවින් ඔහුට නමස්කාර කරන්න. ඔබ මේ පිළිබඳ සිතා බැලිය යුතු නොවේ ද?
ඔබ සියල්ලන් ම ඔහු වෙත ම යා යුතු ව ඇත. උතුමාණන්ගේ පොරොන්දුව සත්‍යයකි. නියතවශයෙන් ම ඔහු ම උත්පාදනයන් පළමු වතාවට ද උත්පාදනය කරන්නේ ය. ඔහු කෙරෙහි විශ්වාසය තබා දැහැමි කි‍්‍රයාවන්හි නිරත වූ අයට සාධාරණ ලෙස යහ තිළිණ ලබා දෙන්නේය. කවරෙකු ප‍්‍රතික්ෂේප කළේ ද ඔවුනට රත් වී උතුරන බීම පානයට ලැබෙනු ඇත. ඔවුන් ප‍්‍රතික්ෂේප කරමින් සිටි හේතුව නිසා ඔවුනට වේදනා ගෙන දෙන දඬුවම් ඇත.දෙවිඳාණෝ සූර්යයාට දීප්තියක් පිරිනැමුවේය. චන්ද්‍රයාට ආලෝකයක් පිරිනැමුවේ ය. චන්ද්‍රයාගේ වැඞීමේ සහ ක්ෂය වීමේ අදියර පිළිබඳ තීරණය කළේය. මෙය කාලය ගැනීම ගැන ඉගෙන ගැනීම සඳහා ය. සත්‍ය හේතුවක් නොමැති ව උතුමාණෝ මෙය නිර්මාණය නොකළහ. බුද්ධිමත් ජනතාව වෙනුවෙන් උතුමාණෝ මෙම සාධකයන් පිළිබඳ පැහැදිලි කරති.රාති‍්‍රයේ සහ දහවලේ වෙනස් වීම තුළ ද අහස් කුසවල් හි සහ මහපොළොවේ ඇති දෑ හි ද ශ‍්‍රද්ධාවන්තයින්ට උතුමාණන් බොහෝ සාධකයන් තබා ඇත්තේ ය.[උතුම් කුරානයේ 10:3-6 වැකිවල අදහස්]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති: {අහස් කුසවල් හි සහ මහ පොළොවේ මැවීම තුළ ද රාති‍්‍රයේ සහ දහවලේ වෙනස් වීම තුළ ද උතුමාණන් බුද්ධිමතුන්ට බොහෝ සාධකයන් තබා ඇත. නැගී සිටින විට ද හසුන් ගන්නා විට ද නින්දෙහි ද දෙවිඳාණන් සුවිශුද්ධ කරන බුද්ධිමත්හු උතුමාණන්ගේ බල පරාක‍්‍රමයෙන් මවනු ලැබූ අහස් කුසවල් සහ මහ පොළොවේ මැවීම ගැන සිතා, ”අපගේ උතුමාණෙනි, මෙම සියලූ නිර්මාණ ඔබ නිකරුණේ නිර්මාණය කළේ නැත. ඔබ ඉතා සුවිශුද්ධ ය. අපා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරන්නැ”යි අයදිති.}[උතුම් කුරානයේ 3:190-191 වැකිවල අදහස්]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති:ඔබලාගේ මැවීම තුළ ද ව්‍යාප්ත වන ජීවීන් තුළ ද ස්ථිර විශ්වාසයෙන් හෙබි ජනතාවට බොහෝ සාධකයන් ඇත්තේ ය.}
[උතුම් කුරානය 45:4 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති:{ඔවුහු මහ පොළොවේ ඒ මේ අත සැරිසරා, ඒ පිළිබඳ විපරම් නොකළෙහු ද? එසේ විපරම් කර තිබුනේ නම් වටහා ගත හැකි හදවත් ද යහපත් ඔවදන් ශ‍්‍රවණය කළ හැකි සවන් ද ඔවුනට ඇති වන්නට ඉඩ තිබුණි.}
[උතුම් කුරානයේ 22:46 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති: {ඔවුනට ඉහලින් ඇති අහස අප කෙසේ ශක්තිමත් ව නිර්මාණය කර, තාරකා මගින් අලංකාරවත් කළේ දැයි ඔවුහු විපරම් නොකළෙහු ද? එහි කිසිදු පැලීමක් නොමැත.}[උතුම් කුරානයේ 50:6 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති:{සෑම වස්තුවක් ම සූක්ෂම ව සහ නියමාකාරයෙන් අල්ලාහ් දෙවිඳාණෝ නිර්මාණය කළහ}.[උතුම් කුරානයේ 27:88 වැකියේ අදහස]
මේ පිළිබඳ දෙවිඳාණෝ මෙසේ සඳහන් කරති: {දැනුමැත්තන්ට මෙහි බොහෝ සාධක ඇත.} [උතුම් කුරානයේ 20:54 වැකියේ අදහස]


Tags: