ගැත්තෙකුට දෙවිඳාණන් කෙරෙහි ඇති අවශ්‍යතාවය

ගැත්තෙකුට දෙවිඳාණන් කෙරෙහි ඇති අවශ්‍යතාවය
ගැත්තෙකුට දෙවිඳාණන් කෙරෙහි ඇති අවශ්‍යතාවය
මාගේ ගැත්තනි......
මේ ගැන දෙවිඳාණෝ පවසති: {ජනයිනි ඔබලාගේ පැවැත්මවලට ඔබලාට උතුමාණන්ගේ සහය වුවමනා ය. උතුමාණන්ගේ පැවැත්මට කිසිදු සහයක් වුවමනා නැත. උතුමාණෝ ප‍්‍රශංසනීය වන්නේය} [උතුම් කුරානයේ 35 : 15 වැකියේ අදහස]
දෙවිඳාණන් අල්ලාහ් පිළිබඳ සඳහන් වන ප‍්‍රකාශය දේවදූත මුහම්මද් තුමාණෝ ප‍්‍රකාශ කළෝය.
«මාගේ ගැත්තනි අපරාධ කිරීම මම, මා හට ම තහනම් කර ඇති අතර ඔබලා අතර ද තහනම් කර ඇත්තෙමි. ඔබලාගෙන් කිසිවෙකුත් අපරාධය කරා සමීප නොවනු.
මාගේ ගැත්තනි, කවරෙකුට මා යහම`ග ලබා දුන්නේ ද, ඔවුහු භාග්‍යවන්තයෝ ය. අනෙකුත් උදවිය නොමග ගිය අභාග්‍යවන්තයෝ ය. එම නිසා යහ මග ලැබීමට මාගෙන් පිහිට පතන්න. මම ඔබලාට යහ මග පෙන්වන්නෙමි.
මාගේ ගැත්තනි, මා ඔබලාගෙන් කවරෙකුට ආහාර ලබා දුන්නේ ද, ඔවුන් හැර අනෙකුත් අය කුසගින්නෙහි ය. ඔබලා මාගෙන් ආහාර පතන්න. මම ඔබලාගේ කුසගිනි නිවාලමි.
මාගේ ගැත්තනි, මා ඔබලාගෙන් කවරෙකුට වස්ත‍්‍ර ලබා දුන්නේ ද, ඔවුන් හැර අනෙකුත් අය නිර්වස්ත‍්‍ර ය. ඔබලා මාගෙන් වස්ත‍්‍ර අයදින්න. මම ඔබලාගේ අවශ්‍යතා ඉෂ්ට කර දෙමි.
මාගේ ගැත්තනි, ඔබලා උදේ හවා පාපයේ නියළෙන්නෙහුය. ඔබලා මාගෙන් පාපක්ෂමාව අයදින්න. මම ඔබලාගේ පව් කමා කරන්නෙමි.
මාගේ ගැත්තනි, මාගේ දඬුවම් ඉවසීමේ හැකියාව ඔබලාට නැත. මාගේ දඬුවමට පාත‍්‍ර වීමට පෙරාතුව ම ඔබලා මාගෙන් ආරක්ෂාව පතන්න. මන් ද, ඔබලා ආරක්ෂා කිරීමෙහි ලා මම අති ශ්‍රේෂ්ඨයා වෙමි.
මාගේ ගැත්තනි, මා හැර අන් කිසිවෙකුට ඔබලාට කිසිදු ඵල ප‍්‍රයෝජනයක් ලබා දිය නොහැකි ය. ඔබලාගේ සියලූ අවශ්‍යතා මා කෙරෙහි පවරන්න. ඔබලාට මම වග කියමි.
මාගේ ගැත්තනි, ඔබලා ද ඔබලාට පෙර සිටියවුන් ද ඔබලාට පසු සිටියවුන් ද අදසුන්වාසීන් ද එක් රැස් වී මා හැර මාගේ මැවීමක් කෙරෙහි, “එය තමන් ආරක්ෂා කරති”යි යන්නෙන් විශ්වාස තබන්නේ නම් එමගින් මට කිසිදු අලාභයක් නොමැත. ඔබලා ඔබලාගේ ආත්මයන්ට අපරාධ කර, අලාභ උපයා ගත්තෙහුය. සැබැවින් ම යහ ම`ග ලැබීමෙන් අනතුරු ව, නොමග යන ජනයින් හට මම ආදරය නොකරමි.
මාගේ ගැත්තනි, ඔබලා ද අදසුන්වාසීන් ද එක් රැස් වී කුමන හෝ දෙයක් මාගෙන් පතා, පසු ව ඒ සියල්ලක් ම මා ඔබලාට ලබා දුන්න ද, එමගින් මාගේ රාජ්‍යයෙන් කිසිවක් අඩු නොවන්නේය. එය හුදෙක් ඉදිකටුවක් මහ මුහුදේ ගිල්වා ගත් විට එම කට්ටෙහි ඉතුරු වන දිය පොදක් බදු ය.
මාගේ ගැත්තනි, ඔබලාට යහපත සහ අයහපත ගෙන එන්නේ ඔබලාගේ කි‍්‍රයා ම ය. මා ඔබලාට සමීප වී ඔබලාගේ කි‍්‍රයාකාරකම් කෙරෙහි බලා සිටිමි. ඔබලාට ලබා දුන් පොරොන්දු ඉෂ්ට කර දෙන්නෙමි. ඔබලාගේ කි‍්‍රයාවන්ට සරිලන ප‍්‍රතිලාභ සහ තිළිණ මරණින් මතු දිවියේ දී කිසිදු අඩුවකින් තොර ව ලබා දෙමි.
එදින කවරෙකු යහපත් කි‍්‍රයාවන් නිසා යහ තිළිණ හිමි කර ගන්නේ ද, ඔහු තම ස්වාමියාට මුළු හදින් ම ප‍්‍රශංසා කරන්නේය. අයහපත් කි‍්‍රයාවන්හි නිරත වී, තම අවස්ථාව පැහැර හැරිය අවාසනාවන්තයෝ තමාන්ට ම දොස් පවරා ගනිති». (මූලාශ‍්‍රය : මුස්ලිම්)
ඔබ දෙවිඳාණන් සිහිපත් කරන්න. දෙවිඳාණෝ ඔබ සිහිපත් කරති.
අබ්බාස්තුමාගේ පුත‍්‍රයා වන අබ්දුල්ලා තුමා දිනක් දේව දූත මුහම්මද්තුමාණෝ සමග ගමනක නිරත වී සිටියේය. එවිට දේව දූත මුහම්මද්තුමාණෝ අබ්දුල්ලා දෙස බලා,
«දරුව, ඔබ දෙවිඳාණන්ගේ නීතිරීතිවලට අවනත වන්න. එවිට දෙවිඳාණන් ඔබ ආරක්ෂා කරනු ඇත. ඔබ අබියස උතුමාණන්ගේ උපකාරය ද ඔබ දකිනු ඇත.
ඔබට උදව් උපකාර අවශ්‍ය වූයේ නම්, එම අවශ්‍යතා දෙවිඳාණන්ගෙන් පමණක් පතන්න. මුළු මහත් සමාජය ම එක් රැස් වී, ඔබට යහපතක් කිරීමට පෙළඹුණ ද, දෙවිඳාණන් අභිමතය පරිදි වූ යහපත මිස අන් කිසිදු යහපතක් ඔවුන් විසින් ඔබට කළ නොහැකිය. එමෙන් ම, මුළු මහත් සමාජය ම එක් රැස් වී ඔබට අයහපතක් කිරීමට පෙළඹුණ ද දෙවිඳාණන් අභිමතය පරිදි වූ අයහපත මිස අන් කිසිදු අයහපතක් ඔවුන් විසින් ඔබට කළ නොහැකිය. මන් ද ඔබගේ ඉරණම ලියන ලද පෑන් ඉවත් කරන ලද අතර, ලියනු ලැබූ පිටු ද වියළී ඇත»මූලාශ‍්‍රය : තිර්මිදි)
දෙවිඳාණන් පිළිබඳ කවරෙක හොඳින් වටහා ගන්නේ ද ඔහු දෙවිඳාණන්ට වඩාත් ලැදි වන්නේය

Tags: