දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම.

දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම.
දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම සහ එහි සත්‍යතාව තේරුම් ගැනීම.
ස්ථීර විශ්වාසය ජීවිතයේ ජයග‍්‍රහණය යි.
ආත්මයට සැනසීම ලැබෙන්නේ දෙවිඳාණන් අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමෙන් පමණි. එම විශ්වාසයෙන් තොර ආත්මය භීතියෙන් සහ දුර්වල ව සංචලනය වන්නේය. ජයග‍්‍රහණය යනු අල්ලාහ් දෙවිඳාණන් කෙරෙහි විශ්වාසය තැබීම වේ. එහි අරුත වන්නේ ”සකල විශ්වය ම මවා, පෝෂණය කර, එය පාලනය කරන්නෙත් සියලූ මැවීම් හි සහ සියල්ලන්ගේ ම අධිපති දෙවිඳාණන් අල්ලාහ් පමණකි” යැයි විශ්වාස කිරීම ය. ඒක දේවත්වයට, යටත් වීමට, බැතිමත් වීමට, ප‍්‍රාර්ථනා කිරීමට, උපවාසයට සහ සියලූම නමස්කාරයන්ට සුදුසු වන්නේ ඔහු ම පමණකි යන ස්ථීර විශ්වාසය ගැත්තෙකුගේ සිත තුළ පැළපදියම් විය යුතු ය. එමෙන් ම, දෙවිඳාණෝ සියලූම දේව ගුණාංගයන්ගෙන් පරිසමාප්ත වන අතර සකල ඌනතාවලින් සහ අඩු ලූහුඬුකම්වලින් තොර වෙති.
මුස්ලිම්වරයෙකුගේ ප‍්‍රධාන වගකීම් පහ වන දෙවිඳාණන්ගේ ඒකීයත්වය ගැන විශ්වාසය, සුරදූතයන් ගැන විශ්වාසය, පෙර පහළ වූ තෙස්තමේන්තු ගැන විශ්වාසය, දේවදූතයන් ගැන විශ්වාසය, මතු පැවැත්ම සහ ඒකීය දෙවිඳාණන්ගේ කේන්ද්‍රික සැලසුම ගැන විශ්වාසය (දේව සැලසුම) යනා දී ආධ්‍යාත්මිකාංග මුස්ලිම් භක්තියට අනුව අති වැදගත් ඇදහිලි වන්නේය. මෙම විශ්වාස මිනිස් දිවියේ සැනසීම ළඟා කර ගැනීමට මුල් වන ප‍්‍රධාන කරුණු කාරණා ය. එය විශ්වාසවන්තයෙකුට මෙලොව හිමි වන විශාලත ම තිළිණයකි. ස්වර්ගය විශ්වාසවන්තයෙකුට මතු ලොව ලැබෙන විශාලත ම තිළිණය යි.
අල්ලාහ් දෙවිඳාණෝ පිළිබඳ විශ්වාසය යනු “ මුළු හදින් ම පිළිගෙන මුවින් ප‍්‍රකාශ කර, දෙවිඳාණන්ට අවනත වන ක‍්‍රියාවන්හි නිරත වීම සහ සාපරාදී ක‍්‍රියාවන්ගෙන් වැළකී සිටීමය.”
ඔබ මේ පිළිබඳ හොඳින් වටහා ගත්තේ නම්, මේ ගැන ද දැන ගැනීම ඉතා වැදගත් ය. එනම්, දෙවිඳාණන් විසින් ඔබගේ ක‍්‍රියාකාරකම් පිළිගනු ලැබිය යුතු යැයි ඔබ සිතන්නේ නම්, එහි පදනම විය යුත්තේ ඔබ දෙවිඳාණන් කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමය.
මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{කවරෙකු යහපත් ක‍්‍රියාවන් හි නිරත වන්නේ ද, ඔහු විශ්වාසවන්තයෙකු වන්නේය.}[උතුම් කුරානයේ 21 : 94 වැකියේ කොටසක අදහස]
ඔබ තුළ තිබෙන්නා වූ දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය, ඔබ ව යුක්තිය, නිදහස, දැනුම, යහ මඟ, ආලෝකය කරා සහ ආධ්‍යාත්මිකත්වය කරා රැගෙන යන්නේය. අගනා විශ්වාසය:

අගනා විශ්වාසය:

ක‍්‍රියාකලාපයන්ගෙන් දෙවිඳාණන් අබියස ඉතා උතුම් වන්නේ ඔබගේ පිවිතුරු විශ්වාසය යි. අබූදර්තුමාණෝ දේවදූත මුහම්මද්තුමාණන්ගෙන් මෙසේ විමසූහ.

«දේවදූතයාණෙනි, ක‍්‍රියාකලාපයන්ගෙන් ඉතා උතුම් වන්නේ කුමක් ද? එවිට එතුමාණෝ දෙවිඳාණන් පිළිබඳ විශ්වාසය තැබීම සහ ඉස්ලාමය ස්ථාපිත කිරීම සඳහා වෙර දැරීම යි.’’ යනුවෙන් පැවසුවෝය»(මූලාශ‍්‍රය: මුස්ලිම්)

මෙය මෙලොව සහ මතු ලොවෙහි යහ මඟ වන අතර සතුටට හා සැනසීමට හේතුවක් ද වන්නේය.කවරෙකු යහ මඟ යොමු කිරීමට අල්ලාහ් දෙවිඳාණන් අපේක්ෂා කරන්නේ ද ඔහුගේ සිත ඉස්ලාමය කරා පුළුල් කරන්නේය} [උතුම් කුරානයේ 6 : 125 වැකියේ කොටසක අදහස ]

මෙම පිවිතුරු විශ්වාසය, මුඃමින්වරයා (ඇදහිලිවන්තයා) අයහපත් ක‍්‍රියාවන්ගෙන් වලක්වාලන්නේ ය. {‘‘නියත වශයෙන් ම අල්ලාහ් කෙරෙහි බැතිමත් අය සාතාන්ගෙන් නපුරු පෙළඹවීමක් ඇති වුවහොත් ඔවුහු වහා විමසිලිමත් වෙති. එවිට ඔවුහු (කළ යුතු නිසි පිළිවෙත) දකින්නෝ ය.‘‘}[උතුම් කුරානයේ 7 : 201 වැකියේ අදහස]

පිවිතුරු විශ්වාසය, ඇදහිලි වන්තයෙකුගේ ක‍්‍රියාකලාප පිළිගැනීමෙහි ලා මූලික කොන්දේසිය යි. {ඔබ (අල්ලාහ් දෙවිඳාණන්ට) ආදේශ තබන්නේ නම්, ඔබගේ සියලූ ක‍්‍රියා නිෂ්ඵල වනු ඇත. එමෙන් ම, ඔබ පරාජිතයින්ගෙන් කෙනෙකු වන්නේ ම යැයි ඔබට (මුහම්මද්ට) ද ඔබට පෙර සිටි අයට ද නියත ව ම දේව පණිවිඩ පහළ කරනු ලැබීය}
[උතුම් කුරානයේ 39 : 65 වැකියේ අදහස]

පිවිතුරු විශ්වාසයෙන් හෙබි පුද්ගලයා දෙවිඳාණන්ගේ ආශිර්වාදයට භාජනය වන අතර ඔහුගේ ප‍්‍රාර්ථනා ද පිළිගනු ලැබෙන්නේය.