දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීමේ මහිමය:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීමේ මහිමය:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීමේ මහිමය:

පහත සඳහන් කරුණු තුලින් අල්ලාහ් දෙවිඳාණන්ගේ ශ්‍රේෂ්ඨත්වය, ගෞරවය, නාමයන් සහ ගුණාංගයන් හැදෑරීමේ වැදගත්කම ගම්‍ය වන්නේය:

පළමුවැන්න:

ඉතාමත් ශ්‍රේෂ්ඨ දැනුම වන්නේ දෙවිඳාණන් පිළිබඳ උතුමාණන්ගේ නාමයන් පිළිබඳ සහ ගුණාංගයන් පිළිබඳ ගැත්තෙකුට හැදෑරීමට අවස්තාව ලැබීමය.

මෙමඟින් ඔහු උතුමාණන්ගේ ආශිර්වාදයට සහ ආදරයට පාත‍්‍රවන අතර චිත්තපාරිශුද්ධිය කරා ගමන් කිරීමේ හැකියාව ද උදාවන්නේය. එම දැනුම ඔහුට ස්වර්ගය හිමිකර දීමට ද සමත් වන අතර මරණින් මතු දිවියේ දී දෙවිඳාණන් දැක ගැනීමට වරමක් ද උදාකර දෙන්නේය. මෙම උසස් භාග්‍යයන් හිමි වනුයේ දෙවිඳාණන්ගේ ආශිර්වාදය ඔහුට තිබුණොත් පමණි.

දෙවැන්න:

දෙවිඳාණන්ගේ නාමය සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීමේ දැනුම මූලික වන අතර එය දේව විශ්වාසයෙහි ද ප‍්‍රධාන සහ ප‍්‍රථම අරමුණක් ද වන්නේය. කවරෙක් තම දෙවිඳාණන් කවුරුන් දැයි? දැන හැඳින ගන්නේ ද ඔහු අවංක ලෙස උන්වහන්සේට නමස්කාර කරන්නේය.{අල්ලාහ් දෙවිඳාණන් හැර නැමදීමට වෙන දෙවියෙකු නොමැති බව දැනගන්න}
[උතුම් කුරානයේ 47 : 19 වැකියේ කොටසක අදහස ]

තුන්වැන්න:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීම තුළින් ගැත්තෙකුගේ දේව විශ්වාසය සහ බියබැතිභාවය අධික වන්නේය. එමගින් ඒක දේවවාදය ද සත්‍ය කරනු ලැබෙන්නේය. නාමස්කාරය තුළින් ලැබෙන මිහිර ද ඔහු අත්විඳින්නේය. මෙය ම ය දේව විශ්වාසයේ උච්චතම ස්ථානය වනුයේ. උතුම් කුරානය තුළින් දෙවිඳාණන්ගේ නාමය හැදෑරීමෙන් ඔහු තවතවත් ඉස්ලාමය කරා නැඹුරු වන්නේය. සැබැවින් ම දෙවිඳාණන් ප‍්‍රශංසනීය යි. උන්වහන්සේ විසින් තම ගැත්තා ගෞරවයට පාත‍්‍ර කිරීමට අධිඨන් කළේ නම් ඔහුගේ සිත විවර කරන්නේය. එමෙන් ම ඔවුනට දෙවිඳාණන්ගේ පෙදෙසින් ආලෝකය ද උදාකෙරෙන්නේය. මෙයින් කුමක් හෝ එකක් හිමි කර ගත්ත ද ඔවුහු ජයග‍්‍රහණය කරති. එවිට මරණින් මතු දෙවිඳාණන් ව තෘප්තිමත් වූවෙකු ලෙස සහ ශාන්තවූවෙකු ලෙස හමුවෙති. දෙවිඳාණන්ට ඔහු අවනත වන අතර ඔහුගේ සිත ද විවර වන්නේය.

දැනුමෙහි වටිනාකම අවබෝධ වනුයේ එය හදාරන්නාට ය.

එලෙස විවර කරනු ලැබූ මිනිසාගේ හදවත ආනන්දයෙන් සහ ශාන්තියෙන් පුරවනු ලැබේ.එවිට ඔහුගේ ධනය දියුණු වන්නේය. එමෙන් ම ඔහු දැනුමෙන් සම්පිණ්ඩණය වන අතර ඔහුගේ ආත්මය ශාන්තිමත් වන්නේය. එය දැකගැනීමෙන් ඔහුගේ සිත සතුටු වන්නේය.දෙවිඳාණන්ට උත්කෘෂ්ට නාමයන් සහ ගුණාංගයන් ඇත්තේය. එය ඔහු සිහිකළ යුතුය. තමන්ගේ අවශ්‍යතාවයන් උන්වහන්සේගෙන් පැතිය යුතුය. දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීම තුළින් මිනිසාට සියලූ සැපසම්පත් හිමිවන්නේය. මේ පිළිබඳ ගැත්තෙකකුට වැටහෙන විට ඔහු අධික ලෙස දෙවිඳාණන් සිහිපත් කරන්නේය. ඔහුගේ අවශ්‍යතාවයන් දෙවිඳාණන්ගෙන් ම පතන්නේය. උතුමාණන් කරා අධික ලෙස සමීප වන්නේය. එමෙන් ම කවරෙකු මෙවැනි කරුණු කාරණා තුළින් දුරස්වන්නේ ද එවිට දෙවිඳාණන් ද තමාගෙන් එම ගැත්තා දුරස් කරන්නේය:

දෙවිඳාණන්ට උත්කෘෂ්ට නාමයන් සහ ගුණාංගයන් හැදෑරීමෙන් සිතට සැනසුම මෙන්ම දේව විශ්වාසය ද අංගසම්පූර්ණ වන්නේය.

සිව්වැන්න:

දෙවිඳාණන් පිළිබඳ දැනහැඳින ගත් තැනැත්තා ඉස්ලාමය පිළිබඳ දැනගැනීමට උතුමාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හදාරන්නේය. දෙවිඳාණන්ගේ ක‍්‍රියාවන් යුක්තිසහගත මෙන් ම සූක්ෂම ද වන්නේය. උතුමාණන් විසින් නීතිරීති පනවන ලද්දේ යුක්තිය සාධාරාණය බලාපොරොත්තුවෙනි. උතුමාණන් විසින් දැනුම් දෙන ලද පණිවුඩ සියල්ලක් ම සත්‍ය වන්නේය. උතුමාණන් විසින් අණ කරන ලද ක‍්‍රියාවන් තුළින් සහ වළක්වන ලද ක‍්‍රියාවන් තුළින් යුකතිය මෙන් ම සාධාරණය ද ඔබට දැකගත හැකිය. කවරෙකුට මෙය අවබෝධය වන්නේ ද ඔහුට මෙම දැනුම ශ්‍රේෂ්ඨ වන්නේය.

පස්වැන්න:

මෙම දෙවිඳාණන්ගේ ගුණාංගයන්, රහසිගත සහ ප‍්‍රසිද්ධ නමස්කාරය අතර පවතින සබඳතාවයකි. සෑම ගුණාංගයකට ම විශේෂිත වූ එක් නමස්කාරයක් පවතී. මෙමගින් සිතින් සහ කයෙන් සිදු කරන සෑම යහපත් ක‍්‍රියාවක් ම ස්ථිර කෙරෙන්නේය. ගැත්තෙකු විසින් තම දෙවිඳාණන් ඒකීය කරනු ලබන්නේ දුෂ්කරතාවයන්හි, ප‍්‍රයෝජනයන් අවශ්‍ය වන විට දී සහ ආහාර අවශ්‍යවීමේ දී ය. එම විශ්වාසයෙන් උතුමාණන් ව බැතියෙන් නමස්කාර කීරීමට ඔහුට භාහිර ව බලපෑම් ඇතිකරනු ලැබෙන්නේය.

 

එමෙන් ම දෙවිඳාණන්ගේ ශ‍්‍රවණය සහ දුෂ්ටිය පිළිබඳ ඔහු හඳුනන්නේය. උන්වහන්සේගෙන් කිසිවක් සැඟවිය නොහැකි බවත් සියලූ රහසක් ම ඔහු අබියස නොරහසක් බවත් ගැත්තා හොඳින් දන්නේය. සිතෙහි සඟවා තබන දේ ද උන්වහන්සේ මැනවින් දන්නේය. ඔහුගේ දිව සහ හදවත අතර සබඳතාවක් පවතින්නේය. පිළිකුල් සහ නරක ක‍්‍රියාවන්හි නොනියැලී සිටීමට ඔහුට මෙම දැනුම පිටිවහලක් වන්නේය. අවශ්‍යතාවයන්ගෙන් තොරවීම, දන්දීම සහ අනුන්ට උපකාර කිරීම මඟින් දෙවිඳාණන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නේය. දෙවිඳාණන්ගේ ආශිර්වාදය ඔහුට ගෞරවය, සැනසීම සහ බියබැතිමත්භාවය ඇති කරන්නේය.

සයවැන්න:

උතුමාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් මගින් නමස්කාර කිරීමෙන් සිතට ශාන්තිය මෙන් ම බලපෑමක් ඇති වන්නේය. ඔහුගේ චරිතයෙහි සහ ක‍්‍රියාකරකම්හි සාන්තභාවයක් ඇති වන්නේය. කවරෙකු මෙයින් වළකින්නේ ද ඔහුගේ සිතින් මෙවැනි සැනසීම් වියැකී යන්නේය.

හත්වැන්න:

දෙවිඳාණන්ගේ නාමයන් පිළිබඳ හැදෑරූ පුද්ගලයාට එම නාමයන්, ඔහු කරදර සහ දුෂ්කරතාවන් වලට භාජනය වීමේ දී සැනසුමක් ලබාදෙන්නේය. ගැත්තෙකු විසින් තම දෙවිඳාණන් සර්වඥ බව, ප‍්‍රඥාවන්ත බව, යුක්තිගරුක බව සහ ඉවසිලිවන්ත බව දැනගනු ලැබෙන්නේය.

එමෙන් ම ඔහු මුහුණපාන දුක් කම්කටොළු සහ දුෂ්කරතාවයන් හුදෙක් ඔහුගේ පිරික්සීම සඳහා බවත් එම දුෂ්කරතාවයන් වලට අනතුරුව පවතින්නේ සුන්දරත්වයක් බවත් එම බාධකයන් පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත පිණිස බවත් ගැත්තෙකු විසින් අවබෝධ කරගත හැකිවේ. එබැවින් ඔහු ඉවසිලිවන්තයෙකු ලෙස කටයුතු කරන අතර දෙවිඳාණන්ගේ අණසක වලට ද අවනත වන්නේය.

අටවැන්න:

දෙවිඳාණන්ගේ නාමයන්හි අර්ථයන් සහ ගුණාංගයන්හි අර්ථයන් හැදෑරීම තුළින් දෙවිඳාණන්ට ආදරය කිරීමට, ගෞරව කිරීමට, උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තැබීමට, උතුමාණන්ගේ දඬුවම් කෙරෙහි බිය වීමට සහ විශ්වාසය තැබීමට උපකාරී වන්නේය.

නවවැන්න:

අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීම, උතුම් කුරානය හැදෑරීමට සහ ගවේෂණයට මහෝපකාරී වන්නේය. එමෙන් ම උතුම් කුරානය ගවේෂණය කරන මෙන් ද දෙවිඳාණන් අපහට අණ කරන්නේය. මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා :

{ඔවුන් එහි වදන් ගැඹුරින් මෙනෙහි කිරීමටත්, නැණවත් අය එමගින් උපදෙස් ලබා ගැනීමටත් (උතුම් කුරානය) අප ඔබ වෙත පහළ කළ භාග්‍යය ලත් ධර්ම ග‍්‍රන්ථයකි}[උතම් කුරනයේ 38 : 29 වැකියේ අදහස]

උතුම් කුරානයෙහි සඳහන් වී ඇත්තේ දෙවිඳාණන්ට ගැළපෙන සුදුසු නාමයන් සහ ගුණාංගයන් ය. එය ගවේෂණය කළේ නම් උතුම් කුරානයේ අධික ප‍්‍රමාණයක් ගවේෂණය කළා හා සමාන වන්නේය. උතුම් කුරානය ගවේෂණය කිරීම තුළින් සර්වබලධාරී දෙවිඳාණන්ගේ පැවත්ම නිසැකව ම ඔබට පසක් වන්නේය.

උතුමාණන් තම ගැත්තන් අධීක්ෂණය කරන අතර යහපත අණකර අයහපතින් ඔවුන් වළක්වාලයි. උතුමාණෝ දේවදූතයින් පහළ කර ඔවුනට ධර්ම ග‍්‍රන්ථයන් ද පහළ කළෝය. තම ගැත්තන් යහපත් ක‍්‍රියාවන්හි නියැලෙන විට සතුටු වන දෙවිඳාණන් ඔවුන් අයපත් කි‍්‍රයාවෙහි නියැලෙන විට කෝප වන්නේය. යහපත් ක‍්‍රියාවන්ට ආනිසංස ද අයහපත් ක‍්‍රියාවන්ට දඬුවම් ද ලබා දෙන්නේය. උතුමාණන්ගෙන් ප‍්‍රාර්ථනා කරන්නන්ට ලබා දෙන අතර සමහරුන්ට ලබා දීම වළක්වන්නේය. සමහරුන් උසස් නිලතල පිරිනමන අතර තවත් සමහරුනට එය ලබා නො දෙන්නේය.

සත්වෙනි අහසේ සිට තම ගැත්තන් අධීක්ෂණය කිරීමට සහ ශ‍්‍රවණය කිරීමට ද හැකියාව ඇත්තේ උතුමාණන්ට ය. සියලූ රහසක් මෙන් ම නොරහසක් පිළිබඳව ද උතුමාණන් හඳුනන්නේය. උතුමාණන් තමාට රිසි සේ කටයුතු කරන්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව කිසිදු දෙයකට චලනය විය නො හැකිය. ගසකින් කොළයක වැටීම පවා උතුමාණන්ගේ අභිමතයෙන් තොරව සිදු නො වන්නේය.

දෙවිඳාණන් හිමි කර ගන්නා අහිමි කර ගන්නේ කුමක් ද? එමෙන් ම දෙවිඳාණන් අහිමි කර ගන්නා හිමි කර ගන්නේ කුමක් ද?

දහය:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරූ තැනැත්තාගෙ සිතෙහි ලැජ්ජාව සහ විනය යන කරුණු දෙක හටගන්නේය. එවිට ඔහු ධර්මානුකූල කටයුතුවල දී සහ භාහිර, අභ්‍යන්තර කටයුතුවල දී විනයානුකූල ලෙස කටයුතු කරන්නේය. කෙනෙකුට කරුණු තුනක් යටතේ වියන හටගන්නේය. ඉන් පළමුවැන්න නම්, දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීම තුළින් ය. දෙවැන්න, ධර්මය අවබෝධ කරගැනීමෙන් සහ දෙවිඳාණන් පි‍්‍රය කරන මෙන් ම අප‍්‍රිය කරන දේ හඳුනා ගැනීම තුළින් ය. තුන්වැන්න, ක‍්‍රියාවෙන් සහ වචනයෙන් සත්‍යය පිළිගැනීමට සූදානම් වීම තුළ ය.

එකළොස්වැන්න:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හදාරන තැනැත්තාගෙ ආත්මය, ඔහුගේ අඩුපාඩු සහ ආපදාවන් පිළිබඳ ඔහුට දැනුම්වත් කරන්නේය. තමා තුළ පවතින එම අඩුපාඩු නිවැරැදි කරගැනීම සඳහා ඔහු ප‍්‍රයත්න දරන්නේය. දෙවිඳාණන් කෙරෙහි කෙනෙකු ගුණමකු වීම සඳහා ඔහු පොළඹවන කරුණු නම්;

01.ආඩම්බරකම

02.ඊර්ෂ්‍යාව

03.කෝපය

04.ඉච්ඡාව ය.

මෙම කරුණු හතර දෙවිඳාණන් පිළිබඳ නූගත්කම සහ ඔහුගේ ආත්මය පිළිබඳ අඥානභාවය ඔහුට ඇති කරන්නේය. දෙවිඳාණන්ගේ ස්වභාවය හැදෑරීම තුළින් ඔහු තුළ තිබෙන අඩුපාඩු පිළිබඳ දැනගන්නා අතර ඔහු ආඩම්බර නො වන්නේය.

දොළොස්වැන්න:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ නොදැනුවත්කම සහ ඒ පිළිබඳ වටහා නොගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ පිළිබඳ දැනුමකින් තොරව දෙවිඳාණන් නැමදීම නූගත්කම කරා ද අඥානය කරා ද මගපෙන්වන්නේය.

දෙවිඳාණන් සහ උතුමාණන්ගේ දේවදූතයාණන් නොපෙන්වා දුන් දේ කවරෙකු ඉටුකරන්නේ ද මෙම සත්‍ය අතහැර වෙනත් දෙයක් කරා කවරෙකු යන්නේ ද එමෙන් ම දෙවිඳාණන්ගේ තෘප්තියට භාජනය නොවූ කුමන දැනුමක හෝ කි‍්‍රයාවක නිරතවන්නේ ද ඔහු ගමන් කළ යුතු මාර්ගය දැනගෙනත් එසේ නිරතවන්නේ නම් ඔහුට කිසිදු ආනිසංස හිමි නොවන්නේය. ජීවිතය රැඳී පවතිනුයේ ආදරය කිරීම, දෙවිඳාණන්ට පමණක් නැමදීම, ඔහු කරා සමීප වීම, සැනසුම ලැබෙන්නේ උතුමාණන් සිහි කිරීමෙන් සහ උතුමාණන්ට සමීපවීමෙහි පමණක් තුළ ය. කවරෙකු මෙම දිවිය අහිමි කර ගන්නේ ද ඔහු සියලූ යහපතක් ම අහිමි කර ගන්නේය.

දහතුන්වැන්න:

දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් හැදෑරීම තුළින් ඒක දේවවාදය අවබෝධ කර ගැනීමටත් දේව විශ්වාසය සම්පූර්ණ කර ගැනීමටත් හැකි වන්නේය. ඔහුගේ සිත දෙවිඳාණන් විශ්වාස කිරීමටත්, උතුමාණන් කෙරෙහි බලාපොරොත්තු තැබීමටත්, බිය වීමට සහ ආදරය තැබීමට පොළොඹ වන්නේය. මෙමගින් සැකසාංකාවන් සහ මානසික ආතතියන් දුරස්වන්නේය. ධර්මයේ මූලිකාංගයන් පිළිබඳ කවරෙකු හදාරන්නේ ද එම කි‍්‍රයාවන් වලට ධර්මය හා සමඟ කායික මෙන් ම මානසික සබඳාවක් පවතින බව ඔහු දැනගන්නේය.

ගැත්තෙකුගේ මානසික කි‍්‍රියාකාරකම් ඔහුගේ කායික ක‍්‍රියාකාරකම් අනිවාර්යය කරන්නේය. දේව විශ්වාසවන්තයෙකු සහ කුහකයෙකු වෙන් කර දැකිය හැකි ද? ඔවුන් දෙදෙනාගෙ සිතතුළ පවතින දේ වෙන් කර බැලිය හැකි ද? කෙනෙකුට ඔහුගෙන් ඉටුවිය යුතු මානසික ක‍්‍රියාකාරකම් වලට ප‍්‍රථමයෙන් කායික කි‍්‍රියාකාරකම්හි නිරත වීමෙන් ඉස්ලාමයට පිවිසිය හැකි ද? කි‍්‍රයාවෙන් දෙවිඳාණන් කෙරෙහි අවනත වීමට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ මනසින් උතුමාණන්ට අවනත වීමය. නිත්‍ය වන්නේ ද එය යි. ශරීරාංගයන්ගෙන් ඉටු කිරීමට හේතු වන්නේ මනසින් සිතීමය. මෙබැවිනි සෑම මොහොතක ම දෙවිඳාණන් මනිසින් සිහිකැඳවීම අනිවාර්යය වනුයේ.

දෙවිඳාණන් පිළිබඳ දැන හැඳින ගැනීම සිත කය සංවර කරගැනීමට හේතුවක් වන්නේය.

දෙවිඳාණන් පිළිබඳ හැදෑරීම ගතට මෙන් ම සිතට ද සැනසුම ළ`ගාකර දෙන්නේය. එමෙන් ම දෙවිඳාණන් පිළිබඳ දැන හැඳින ගැනීම සිත කය සංවර කරගැනීමට හේතුවක් වන්නේය.



Tags: