දෙවිඳාණෝ අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම:

විශ්වාසය වියැකී යන විට

දෙවිඳාණෝ අල්ලාහ්ගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම:

අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එම නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත[උතුම් කුරනයේ 7 : 180 වැකියේ අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එම නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත}
[උතුම් කුරනයේ 7 : 180 වැකියේ අදහස]

1. {අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එම නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරනු}

අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් සියල්ලක් ම ප‍්‍රශංසනීය යි. එම නාමයන් ඉතාමත් අලාංකර වන්නේ යැයි උතුමාණන් උතුම් කුරානයේ පැවැසේ. {අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එම නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත}
[උතුම් කුරනයේ 7 : 180 වැකියේ අදහස]

එම නාමයන් වදනින් පමණක් අලංකාර විය නො හැකිය. එම`ගන් එහි පරිපූර්ණත්වය සහ අලංකාරත්වය ද විදහා පාන්නේය. උන්වහන්සේගේ නාමයන් ප‍්‍රශංසනාත්මක මෙන් ම උසස් ද වන්නේය. මෙබැවිනි මෙම නාමයන් අලංකාර නාමයන් යන්නෙන් හඳුන්වනු ලබන්නේ. උන්වහන්සේගේ ගුණාංගයන් පරිපූර්ණ ය. උන්වහන්සේගේ නිර්මාණයන් අති සූක්ෂම ය. ක‍්‍රියාවන් යුක්ති සහගත මෙන් ම සාධරණ ද වේ.

උන්වහන්සේගේ නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාස තැබීම දේව විශ්වාසයේ කොටසකි. උතුම් කුරානයේ සහ දේවදූත මුහම්මද් තුමාණනගේ ගරුතර සම්ප‍්‍රදාවලට අනුකූලව එම නාමයන් සහ ගුණාංගයන් කොටස් දෙකකට බෙදේ.

පළමු කොටස:

අල්ලාහ් දෙවිඳාණන්ගේ නාමයන් උතුමාණන්ගේ තත්ත්වයට අනුව ස්ථිර කළ යුතුය. උන්වහන්සේගේ නාමයේ කිසිදු විකෘතිභාවයක්, ප‍්‍රතික්ෂේපභාවයක්, සැසඳීමක් හෝ අනුවර්තනයක් නොකළ යුතුය.{ඔහුට සමාන කිසිවක් නැත. ඔහු සර්ව ශ‍්‍රාවකය, සර්ව දෘෂ්ටිකය}[උතුම් කුරානයේ 42 : වැකියේ කොටසක අදහස]

දෙවන කොටස:

එහි අන්තර්ගත කරුණ අවබෝධ කර ගැනීම සහ ගුණාංගයන් පිළිබඳ ස්ථිර විශ්වාසය තැබිය යුතුය.එමෙන් ම මෙහි දී උන්වහන්සේගේ ස්වරූපය ගවේෂණය නොකළ යුතුය. {ඔවුන් ඉදිරිපිට ඇති (සියලූ) දෑ ද ඔවුන් පසුපස ඇති (සියලූ) දෑ ද ඔහු දනියි. ඔවුහු දෙවිඳාණන් ව දැනුමෙන් එය ග‍්‍රහණය කර නො ගනිති}[උතුම් කුරානයේ 20 : 110 වැකියේ අදහස]

උන්වන්සේගේ නාමයන් පිළිබඳ සහ ගුණාංගයන් පිළිබඳ හැදෑරීම උසස් අරමුණක් වන්නේය. {නුඹලා අල්ලාහ් යනුවෙන් (ඔහුට) අඬගසනු. නැතහොත් අර්-රහ්මාන් යනුවෙන් අඬගසනු. නුඹලා කෙසේ අඬගැසුව ද උන්වහන්සේට ඉතා අලංකාර නාමයන් ඇත}
[උතුම් කුරානයේ 17 : 110 වැකියේ කොටසක අදහස]

මේ පිළිබඳ දෙවිඳාණෝ වදාළා:{අල්ලාහ් දෙවිඳාණන්ට ඉතා අලංකාර නාමයන් තිබේ. එබැවින් උන්වහන්සේ එම නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරනු. ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිනු. ඔවුන් කරමින් සිටි දැයහි ඵලවිපාකය ඔවුනට දෙනු ලැබෙනු ඇත}[උතුම් කුරනයේ 7 : 180 වැකියේ අදහස]

2. {එම නාමයන්ගෙන් උන්වහන්සේ ආමන්ත‍්‍රණය කරන්න යන්නෙහි අරුත වන්නේ}:

දෙවිඳාණන්ගේ නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කිරීමය. මෙය කොටස් දෙකකි. ඉන් පළමුවැන්න නම්, ආයාචනා කරන්නෙකුගේ කන්නලව්ව වැනිය. එනම් අල්ලාහ් දෙවිඳුනි, මා හට මෙම කරුණ ඉෂ්ට කර දෙන්න! අසමසම කරුණාන්විතයාණෙනි, මට කරුණාව පහළ කරන්න! වැනි ආමන්ත‍්‍රණයන් ය. අනෙක් කොටස නම්, ප‍්‍රශංසා කිරීමේ දී සහ ඇදහීමේ දී ආමන්ත‍්‍රණය කිරීම සහ කන්නලව් නොකිරීමකින් තොරව දෙවිඳාණන්ගේ නාමයන් සහ ගුණාංගයන් වර්ණනා කිරීම. ප‍්‍රශංසාව යනු උතුමාණන්ගේ උසස් ගුණාංගයකි. එමෙන් ම උතුමාණන්ගේ නාමයන් දිවෙන් සහ හදවතින් ප‍්‍රශංසා කිරීම.

3. {ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරින්න යන්නෙහි අරුත වන්නේ}:

ඔවුන් උතුම් කුරානයේ සඳහන් වන දෙවිඳාණන්ගේ නාමයන් ප‍්‍රතික්ෂේප කරති. එසේත් නොමැති නම් අසත්‍ය කරති. එමෙන් ම දෙවිඳාණන්ගේ මැවීම් වලට උතුමාණන්ගේ නාමයන් සංස්සන්ඳනය කරති. තවද උතුම් කුරානයේ හෝ දේවදූත මුහම්මද් තුමාණන්ගේ වදන්හි සඳහන් නොවන නාමයන්ගෙන් දෙවිඳාණන් වර්ණනා කරන අතර ඉස්ලාමීය මූලාශ‍්‍රවල සඳහන් නොවන නාමයන්ගෙන් ආමන්ත‍්‍රණය කරති.



Tags: